Chitika Smowtion 468x60


Thursday, June 14, 2012

පොඩි සුළඟකින් පවා වහල සරුංගල් වීම සහ කාලගුණයේ අනාගත් වැකි


ඊයේ සහ පෙරේදා ශ්‍රී ලංකාව හරහා ගිය තද සුළං හේතුවෙන් බොහෝ විනාශ සිදුව තිබේ. ඊයේ හැමූ සුළඟ ටොනෑඩෝවක් බවද ඇසින් දුටුවෝ පවසති. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තා අනුව;-

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, තිහගොඩ, මාතර, දෙවිනුවර හක්මන, ප්‍රදේශයන්හිද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, අම්බලන්තොට ප්‍රදේශයන්හිද, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයට ද, පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්නාලම ප්‍රදේශයේද පවුල් 162 ක 750ක් වූ ජනතාවකට හානි සිදුව ඇත. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 15 කි. අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 200 ක් පමණ වේ.

හැමූ සුළෙඟ් වේගය ගැන ලංකාවේ කිසිවෙක් නොකියයි. කාලගුණ දෙපාර්තමේන්තුව එතරම් හොඳය. ලංකාව දූපතක් වූයේ අදක ඊයේක සිට නොවේ. දූපත් වලට සුළං හැමුවේද අදක ඊයේක සිට නොවේ. නමුත් අප තවමත් ඒ ගැන අවබෝධයක නැත. ප්‍රධාන වශයෙන්ම සුළඟ ගැන හරි හමන් අනාවැකියක් කියාගත නොහැක. කීවොත් කියන්නේ අනාගත් වැකියකි. එනිසාම පසුගියදා මුහුදු ගිය ධීවරයෝ 8 ක් අතුරුදහන් වූහ.

කුණ්ඩසාලේ කෘෂි විද්‍යාලය විනාස කොට ගුවන් තොටුපොලක්


සිසුහු පාරට බසිති !

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ඇතුළු කෘෂිකර්ම සංකීර්ණ භූමියේ ගුවන් තොටුපලක් ඉදිකිරීම සඳහා යොදා ගැනීමට සැරසෙන අතර ස්ථාන නිරීක්ෂණය සඳහා සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් කෘෂිකර්ම භූමියේ සංචාරය කොට ද ඇත. මෙම තීරණයන්ට විරෝධය දැක්වීමක් ලෙස මහනුවර කුණ්ඩසාලේ වරාපිටිය මංසන්ධියේ උද්ඝෝෂණ ව්‍යපාරයක් ඊයේ (13) පැවැත්විණි.

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය ශී්‍ර ලංකාවේ සිංහල, දෙමළ හා ඉංගීසි යන භාෂා තුනෙන්ම කෘෂි ඩිප්ලෝමාව පවත්වන එකම විද්‍යාලය වන අතර මෙය රජයට සහ පෞද්ගලික අංශයට මධ්‍යම කෘෂි තාක්ෂණික දැනුම සහිත පිරිස ලබා දෙන ප්‍රධානම රාජ්‍ය ආයතනයද වේ. මීට අමතරව රජයේ බීජ නිෂ්පාදන ගොවිපල, සත්ව පාලන විද්‍යාලය, කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවට අයත් පර්යේෂණ ආයතනය, ප
ශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් සත්ව ගොවිපලක් ඇතුලූ අංශ රාශියක් මේම කෘෂිකාර්ම සංකීර්ණය තුළ පිහිටා ඇත.

පහලගම ළමා නිවාසය ගැන ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්


ළමා ලිංගික අපරාධවලට වැරදිකරු වූ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වැඩ වාසය කල ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට පසුගිය සතියේ වසර හතක සිරදඬුවම් නියම වීමත් සමඟම එහිමියන් විසින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන ළමා නිවාස පිළිබඳව ද අවධානය පළ වී තිබේ.
සිරදඬුවම් නියම වූ පහලගම ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේ විසින් සිය ගම් පළාතේ පවත්වාගෙන යන ළමා නිවාසය තවදුරටත් ඔහු යටතේ පවත්වාගෙන යාම ශ්‍රී ලංකා නීතිය යටතේ වැරැද්දක් බව පෙන්වා දෙමින් ජාතික ළමාරක්ෂක අධිකාරියේ පොලිස් විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපති WTD විජේසේන ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක වෙත පැමිණිල්ලක් යොමු කිරීමත් සමගයි, මෙම ළමා නිවාස පිළිබඳව අවධානය පළ වී තිබෙන්නේ.

සහේලිට ජනපති මැඳුර තහනම් කතාව බොරුවක්ලු

ආයුබෝවේවා ගීතය ගායනාකරමින් ප්‍රසිද්ධියට පත්වූ සහේලි රෝචනා ගමගේට ජනාධිපති මංදිරයට යෑම ජනාධිපත් ආර්යාව විසින් තහනම් කර ඇති පුවතක් පසුගිය කාලයේ පුවත්පතක් මඟින් කියවුණා.

ඒ පිළිබඳව ඇය පුවත්පතකට පවසා තිබෙන්නේ මෙලෙසින්

ආයුබෝවේවා ගීතයට පසු ඔබ ගායනය කල ගීත වෙනත් කිසිවක් ජනතාව අතරට ගියේ නැහැ නේද?
ආයුබෝවේවා ගීතය තරම් වෙනත් ගීත ජනප්‍රිය වුනේ නැතිවුනාට මම තව ගීත ගනනාවක් ගායනය කරලා තියනවා. මාධ්‍ය ආයතන වලටත් දීලයි තියෙන්නේ. ප්‍රචාරය නොකිරීම පිළිබඳව ගැටළුවක් තියනවා කියලයි මං හිතන්නේ.

ඇත්තද සහේලිට තහංචියක් තියනවා කියන්නේ?

සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ වැඩිවේ

පෘතුවිය දෙපස සිටින බුධ සිකුරු සූර්යා මතින් ගමන් කිරීමක් බොහෝ විට සිදුවේ. සුර්යයා මතින් යම් ග්‍රහයෙකු ගමන් කිරීමක් සංක්‍රාන්තියක් ලෙස හැඳින්විය හැකිය.

තාරක විද්‍යාවේදී උපකරණ අම්ඟින් මෙම සිකුරු සංක්‍රාන්තිය නැරඹුවද ජ්‍යාතිෂ විද්‍යාවේදී අංශක වලින් ගණනය කෙරේ.

සූර්යයා යනු රෙජෙක්, පාලකයෙක් නිරූපනය වන ග්‍රහයෙකි. සිකුරු යනු ලාමක එනම් කාන්තාවක වැනි ග්‍රහයෙකි. බලවත් සුර්‍රයයා හරහා ලාමක සිකුරු ග්‍රහයා ගමන් කළ විට සිකුරාගේ බල මහිමය පීඩාවට ලක්වේ.

මාළිගාවත්ත මහල් නිවාසවල තීන්ත ගෑමට රු. කෝටි 22.5ක්?


රු. කෝටි 22.5ක අතිවිශාල මුදලක වියදමින් මාළිගාවත්ත රජයේ මහල් නිවාසවල තීන්ත ගා, අභ්‍යන්තර මාර්ග හා කානු පද්ධතිය පිළිසකර කිරීම මේ දිනවල ජාතික නිවාස සංවර්ධනය අධිකාරිය සිදු කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ මෙම සම්පූර්ණ නිවාස යෝජනා ක‍්‍රමය ඉදි කිරීමට හෝ මෙවැනි මුදලක් වියදම් නොකළ බව එහි නිවැසියෝ පෙන්වා දෙති.
නිවාස 200කින් පමණ යුත් මෙම නිවාස යෝජනා ක‍්‍රමය පිළිසකර කිරීමට යැයි පවසමින් මෙවැනි විශාල මුදලක් වැය කිරීම ඉතා ප‍්‍රශ්නකාරී බව ඔවුන් කියා සිටී.

වාසනා දන්තනාරයනට එරෙහිව ගිහාන් පොලිසි යයි


ජනප්‍රිය ජායාරුප ශිල්පී ගිහාන් ද සිල්වා මහතා ඊයේ දිනයේදී කිරිබත්ගොඩ පොලිසියේදී ප්‍රසිද්ධ නිළියක හා නිරුපිකාවක වන වාසනා දන්තනාරායනට එරෙහිව පැමිණිල්ලක් ගොනුකොට ඇත.

මෙයට හේතුවී ඇත්තේ වාසනා දන්තනාරායන විසින් ගිහින් සිල්වා වෙත සිදු කල තර්ජන හා වෙනත් සිදුවීම් කීපයක් මුල්කොට ගනිමිනි. 

ගිහාන් ද සිල්වා මහතා මිස් ශ්‍රී ලංකා තරඟාවලියේ නිල ජායාරුප ශිල්පියා ලෙස කටයුතු කරන අතර මේ දිනවල පැවැත්වෙන මිස් ශ්‍රී ලංකා සංචාරක රු රැජින තරඟයේ මිස් පොටෝජෙනික් අංශයේ ප්‍රතිඵල සටහන වාසනා දන්තනාරයන විසින් වෙනස් කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.

අන්තර්ජාලය හරහා පැතිරයන ජායාරූපය නිර්මාණය කල එකක් - දුලානි


ඉතිහාසය සිනමාවට නගන ලද විජය කුවේණි චිත්‍රපටය පසුගියදා ප්‍රදර්ශනය වීම ආරම්භ කරනු ලැබුවා. 

ඒ සමගාමිව අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබු විජය - කුවේණි චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටයේ තිබු දුලානි අනුරාධාගේ එක් දර්ශනයක් පසුගිය කාලයේ ආන්දෝලනයට හේතු වුවා. මේ පිළිබඳව ඈ පසුගියදා දැක්වූ අදහස් පහතින් බලන්න

කුවේණියට සාධාරණයක් කළ ඔබට පවා යම් අසාධාරණයක් වුණා?
ඔව්. ඇත්තටම මම ඒ ගැන මේ මාධ්‍යයකට හෙළිදරවු කරන ප්‍රථම අවස්ථාව. ‘විජය – කුවේණි’ චිත්‍රපටයේ ප්‍රචාරක පටයක් අන්තර් ජාලය ඔස්සේ අහම්බෙන් මම දැක්කා. එහි එක් රූප රාමුවක කිසියම් විකෘතියක් නැතිනම් මවාපෑමක් කර තිබූ නිසා මට ලොකු අවුලක් වුණා.

තවදුරටත් පැහැදිලි කළොත්?

Share this article with your friends