ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය පිරිහීමට හිටපු ක්‍රිකට් පරිපාලකයන් පමණක් නොව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා කෙලින්ම වගකිව යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග පවසයි.
"2008 කාලෙදි තමන්ගේ රටට ක්‍රීඩා නොකර IPL තරගාවලියට යන්න දෙන්න කියලා ඒ අනුමැතිය වුනත් ලබාදෙන්න ක්‍රියා කළේ අපේ ජනාධිපතිතුමාත්, හිටපු ක්‍රීඩා ඇමති තුමාත්," ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති වරයෙකුද වන අර්ජුන රණතුංග බීබීසී සංදේශයට පැවසීය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරන සියලුම ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට වසර දෙකක තරග තහනමක් පැනවීම ට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බීබීසීයට කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනුයි, අර්ජුන රණතුංග එම අදහස් පල කළේ.