Chitika Smowtion 468x60


Sunday, June 24, 2012

'ආරක්ෂක ලේකම් සොයා බැලුවේ මගේ ආරක්ෂාව ගැන නොවේ'


තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ට තර්ජනයක් එල්ල වී ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමෙන් හා ජනමාධ්‍ය දැනුවත් කිරීමෙන් අනතුරුව දුරකථනයෙන් කථා කළ ආරක්ෂක ලේකම් වරයා තම ආරක්ෂාව පිළිබඳව විමසනු වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය අපකීර්තියට ලක් කොට ඇති බවට චෝදනාවක් එල්ල කළේ යැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කරයි.
සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සංදේශය හා කියා සිටියේ ඉකුත් සිකුරාදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමන් දුරකථනයෙන් ඇමතූ බවයි.

'තමිලිනීට දුන් සමාව අනෙක් දේශපාලන සිරකරුවන්ටත් දෙන්න'


දැනට රැඳවුම් භාරයේ සිටින එල්ටීටීඊ සැකකරුවන් ඇතුළු සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දෙන්නැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ කාන්තා අංශයේ නායිකා තමිලිනීට සමාව දී ඇය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ආණ්ඩුව විරෝධය පළ නොකරන්නේ නම්, එම ආකල්පය රැඳවුම් භාරයේ සිටින අනෙක් එල්ටීටීඊ සැකකරුවන් වෙනුවෙන්ද අනුගමනය කළ නොහැක්කේ මන්දැයි දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා වූ ව්‍යාපාරයේ මනෝ ගනේෂන් ප්‍රශ්න කරයි.
නීතිපති වරයාගේ අනුමැතිය පළවීමෙන් අනතුරුව තමිලිනී පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කරන මෙන් අධිකරණය පසුගිය සතියේ බලධාරීන්ට නියෝග කළේය.

කුණ්ඩසාලේ කෘෂි විද්‍යා පාසල වසා දමන්නේ නැහැ - රජය පවසයි


රජය කුණ්ඩසාලේ කෘෂි බීජ ගොවි පොළ පිහිටි බිමේ අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදි කරන්නට යන බවට කෙරෙන ප්‍රකාශ අසත්‍යයක් යැයි කෘෂි කාර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.
සිය අමාත්‍යංශය සමග එවැනි කිසිම සාකච්ඡාවක් සිදු කොට නැති බවයි ඇමතිවරයා සංදේශයට ප්‍රකාශ කළේ.
සංදේශය සමග සාකච්ඡාවකට එක්වූ කෘෂි කාර්ම සංවර්ධනය පිලිබඳ ජනාධිපති උපදේශක තනතුරෙන් ඊයේ ඉල්ලා අස්වූ හේම කුමාර නානායක්කාර කියා සිටියේ 1916 දී පිහිටුවන ලද කුණ්ඩසාලේ කෘෂි බීජ ගොවිපොළ සම්පූර්ණයෙන්ම සමතලාකොට අභ්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදිකිරීම සඳහා සැළැස්මක් ඇති බවයි.

ශ්‍රී ලංකාව: නීතිය ඉදිරියේ සියල්ලෝම අසමානය


''අධිකරණයට කළ හැක්කේ යුක්තිය පසි`දලීම ස`දහා සුදුසු නියෝග නිකුත් කිරීම පමණි. එම නියෝග ක්‍රියාත්මක කිරීම යුක්තිය පසි`දලීමේ ක්‍රියාවලියට අයත් අනෙක් ආයතන වල වගකීමකි. පොලිසිය ඇතුළු එම ආයතන අධිකරණයේ නියෝග ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමක් හෝ පැහැර හැරීමක් කරයි නම් අධිකරණයට කළ හැකි කිසිවක් නොමැත.''
ශ්‍රී ලංකාවේම යුක්තිය පසි`දලීමේ ක්‍රියාදාමය මුහුණ පා සිටින තත්ත්වය හෙළිදරව් කරන ඉහත ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයෙකු විවෘත අධිකරණයේ කරන ලද්දකි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතාට එසේ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කිරීමට සිදු වූයේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව සම්භන්ධයෙනි. භාරත ඝාතනයෙහි සැකකරුවෙකු ලෙස නම් කර තිඛෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් අතිරේක මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ ස්ථාවරය ප්‍රකාශ කළේ එලෙසින් ය.

රජය 'රණවිරුවන්ටත්' පොලූ තියලා ?


ආරක්ෂ හමුදා පවුලක උපදින තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂය බැගින් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් මෙම මුදල් ගෙවා නොමැති බව ත්‍රිවිධ හමුදා ආරංචි මාර්ගවලින් වාර්තාවේ. 'රණවිරු පවුලක' උපදින තුන්වෙනි දරුවාට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දීමට 2011 වසරේ අයවැය කතාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු විය.

රාජපක්ෂ පුතුන්ට රේස් පැදීමට තේ වත්තක් පවරයි ?


'කාල්ටන් සුපර් ක්‍රොස්' නමින් මෝටර් රථ තරගාවලියක් පැවැත්වීම සඳහා මෝටර් රථ ධාවන පථයක් ඉදිකිරීම වෙනුවෙන් මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් පන්සලතැන්න වත්ත පවරා දී ඇත.
මෙම ධාවන පථය ඉදි කිරීමට වෙන් කර ඇති භූමියට තේ වගාවක්, බංගලා කීපයක් හා වැවක්ද අයත්වේ. මෙම ධාවන පථයේ සියලූ ඉදිකිරීම් කටයුතු යුද හමුදාව වෙත පවරා ඇති අතර මේ වනවිට යුද හමුදාව විසින් එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතියට යන සියලූ වියදම් මහජන මුදලින් වැය කිරීමට තීරණය කර ඇත.

අමරේ උසාවියට ගෙන ගියේ කාල්ටන් එකේ ඉදලා ?


පසුගිය 15වනදා කටුවන පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට වෙඩිතැබූ ජුලම්පිටිය අමරේ නැමැත්තා උසාවියට ගෙන ගියේ ජනාධිපතිවරයාගේ තංගල්ලේ කාල්ටන් නිවසේ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල ගලප්පත්ති මහතා අවධාරණය කර සිටී. 'ලංකා' පුවත්පත් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු ඒ බව සඳහන් කර ඇත.
''ජුලම්පිටිය අමරේ කියන්නේ මැදමුලනයේ රාජපක්ෂවරුන්ගේ රැකවරණ ලබාගෙන කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ නමගිය අපරාධකාරයෙක් ඔහු කිපවරක් පෞද්ගලිකව මටත් තර්ජනය කර තියෙනවා. මිනී මැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දූෂණ රැසක්ම කරලා තියනවා කියලා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැමෝම දන්නවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් 'බූරුවා' සූදුවේ


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ඕස්ට්‍රේලියානු ජාතික ජෙෆ් මාෂ් මහතාට රුපියල් ලක්ෂ 40ක වන්දි මුදලක් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තාවේ.


ජෙෆ් මාෂ් මහතාගේ සේවයට අදාළ ගිවිසුම් කාලය නිමාවීමට පෙර ඔහුගේ සේවය අත්හිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් මෙම වන්දි මුදල ඉල්ලා ඇත. ඔහු නීතිඥයකු මාර්ගයෙන් එවූ ලිපියේ සඳහන්ව ඇත්තේ තමන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹි ගිවිසුමට පිටුපාමින් කිසිදු දැනුම් දීමකින් තොරව එලෙස සේවයෙන් පහ කිරීම නීත්‍යානුකූල නොවන බවයි.

Share this article with your friends