Chitika Smowtion 468x60


Thursday, June 28, 2012

චමිලා අසංකා හැඩ ගැන්වූ අයුරු


ලිංග විපර්යාසයකට ලක්වූ ශ්‍රී ලාංකික නිරුපිකාවක් වන චමිලා අසංකාගේ ජායාරුප හා තොරතුරු අප මෙයට පෙර ලිපියකින් හෙලිකල අතර පහතින් දැක්වෙන්නේ ඇය එම ජායාරුප ගැනීම සඳහා හැඩගැන්වූ අයුරුය. 
 Makeup artist - Gayani Batz / Dressing - Roshan Indrajith



රන්මිණිතැන්නේ රුපියල් කෝටි 170 ක් දිරාපත් වන සැටි



පසුගිය සති අන්තයේ කතරගම වන්දනා චාරිකාවක යෙදෙන්නට එක්වන ලෙස ඉල්ලා සිටිමින් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ආරාධනාවක් ලැබිණ.

මම එය ඉතා සතුටින් භාර ගත්තෙමි. මන්ද අවුරුදු ගණනාවක් තිස්සේ විදේශගත වී සිටි මට කතරගම වන්දනාවේ යෙදෙන්නට අහඹු අවස්ථාවක් උදාවූ බැවිණි. කතරගම වන්දනාවෙන් ඉක්බිති තිස්සමහාරාමය ප්‍රදේශයේ ඉදිකර තිබෙන 'රන්මිණිතැන්න' මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය ද නරඹන්නට මා තුළ තිබුණ තදබල ආශාව මගේ මිතුරන්ට හෙළි කළෙමි.

මරුනේ... අපිත් කවදාවත් ඕක බලන්න ගිහින් නැහැ.. යැයි වන්දනාවේ නඩේ ගුරා සතුටින් ඉපිලෙමින් පැවැසුවේය.

පින්තුර කථාව


මේ පින්තුර වලින් දැක්වෙන්නේ මියුනිච් නගරයේ ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ‘ද රින්ග්‘ නම් වූ ඔපෙරා සංදර්ශණයක පින්තුරය. මෙම ඔපෙරාවට එක්වූ 1700 නිරුවත් ගැහැණු සහ පිරිමි තමන්ගේ ශරීර රතු හා රන්වන් පැහැය අලේප කර ගෙන මෙම ඔපෙරාවේ රඟපාන ලදී. 

මෙවැනි ඔපෙරාවක් ලංකාවේ ප්‍රදර්ශනය වුයේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් පසුගාමී ගෝත්‍රික ජනතාව තුල වන ඇති වන තිගැස්ම ගැන සිතා බලන්න. ආර්ථික සහ අධ්‍යාත්මිකව සහ සංස්කෘතිකව දියුණු වූ සමාජයකට මෙවැනි ඔපෙරාවක නිරුවත රස විඳීමට හැකි වුවද විකෘති ධනවාදයක් සහිතව මානව ප්‍රේමයක් නොමැති ගූඨ ආගම් , මිත්‍යා විශ්වාස , බමුණු මතවාද කරපින්නාගෙන ජාතිවාදය ආගම සේ අදහන මිනිසුන් සිටින නුගත්කම සහ අශිෂ්ඨභාවය වපුරන දේශපාලන බලවේග සහ මාධ්‍ය ජාල තිබෙන මේ රටේ මෙවැනි ඔපෙරාවක් පෙන්නුවහොත් සංස්කෘතිය සදාචාරය බිඳ වැටෙනවා කියමින් බොරු සුචරිතවාදීන් කැති මුගුරු අමෝරා ඔපෙරා රඟහල වට කරනු ඇත. 

චීන ක්‍රීඩකයා ලංකාවට කියා දුන් පාඩම


15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.

පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි.

SLPL කණ්ඩායම් මිලදී ගැනීමේ ඇතුල් කතාව


ලබන අගෝස්තු මස 10 වනදා ලංකාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 -20 SLPL තරඟාවලියේ කණ්ඩායම් හතම ඉන්දියානු සමාගම් හතක් විසින් මිලදීගෙන තිබේ.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් හතෙන් කණ්ඩායම් දෙකක් මිලදීගෙන ඇත්තේ බුකි කරුවන් ලෙස පෙර චෝදනා ලැබූ අය විසින් බව මේවනවිට නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.


ඉන්දියාවේ කල්කටා නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතු වල යෙදෙන මෙම බුකි කරුවන් පසුගිය කාලය තුල ඉන්දියාව තුල 
පැවති ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියන් මුදලට පාවා දුන් අය බව වාර්තා වේ.

SLPL කණ්ඩායම් හත ඉන්දියානු සමාගම් විසින් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30.1 ආසන්න මුදලකටය. මෙම මුදල බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය විකිණී තිබු අගයට වඩා වැඩි වුවද ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරඟාවලියේ කණ්ඩායම් වල මුළු අගය වූ ඇමරිකානු ඩොලර් මිලියන 723 හා සැසදීමේදී සුළු මුදලකි.

SLPL කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන් හා එහි වටිනාකම මෙසේය.



කෝපි කඩේ දයාවතීගේ නඩුව ජුලි මාසයේ


කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන "දයාවතිගේ" චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි පෞද්ගලික කළමණාවරියකගෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන වංචා කලයි යන සිදුවීමක් මත සැකකාර ටෙලි නිළිය සම්බන්ධ නඩුව ලබන ජුලි මස 09 වනදා කැඳවීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කොට ඇත.


රූපවාහිනිය ඩිජිටල් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බැසිල්ට


ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු මුළුමනින්ම ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, රුපියල් කෝටි ගණනක් වූ එම ව්‍යාපෘතිය තමන් අතට ගැනීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා බලපෑම් කරමින් සිටී.
ජාතික රූපවාහිනිය ඩිජිටල් කිරීමට අදාළ සැලසුම් අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව යෝජනා කොට ඇත්තේ ඒ සඳහා DVB-T2 තාක්‍ෂණය ඒ සඳහා යොදා ගත යුතු බවයි. එය ආසියාවේ රටවල්වල පමණක් නොව යුරෝපා රටවල් සියල්ලම පාහේ භාවිතා කරන තාක්‍ෂණයක් හෙයින් එය රූපවාහිනී විකාශන කටයුතු සඳහා යොදා ගැනීම සෑම අතින්ම ප‍්‍රයෝගික මෙන්ම ඵලදායීබව එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත. ඒ අනුව සැකසුනු අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති අතර, මේ වන විට ඒ සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තා කැඳවා තිබේ.

ඊලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගෙන හඩ්ඩා රෝහලේ


ජනාධිපති වෛද්‍ය ඊලියන්ත වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ගත් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පසුගියදා රෝහල් ගත කර ඇත. වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ගැනීමත් සමග හඩ්සන් මහතාගේ ශරීර අභ්‍යන්තරයේ ලේ වහනයක් සිදු වී ඇති අතර, ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඔහුව ‘ඇපලෝ’ රෝහලට ඇතුළත් කර තිබේ.
දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සමරසිංහ මහතා සුවය ලබා ඇතත්, ඔහු මේ වන විටත් සිහිමද ස්වභාවයෙන් පසුවන බව වාර්තා වේ.

Share this article with your friends