Chitika Smowtion 468x60


Wednesday, July 4, 2012

ලංකාවේ සාර්ථක වූ ඇපල් වගාව


ඇපල් වගාවක් කී සැනින් අපට සිහිවන්නේ ඔස්ට්‍රේලියාව, ඒංගලන්තය වැනි ඉතා සෞම්‍ය, ශීත දේශගුණයන් පවතින යුරෝපා රටවල් වල ඇපල් වතුයි.

නමුත් මේ ඇපල් වගාව ඇත්තේ කොත්මලේ කඩදොර වටම්දොර ප්‍රදේශයේ යූ.ජී. සෝමදාස මහතාගේ ගෙවත්තේයි.

මෙතෙක් ලංකාවේ මෙලෙස ඇපල් වගාවක් සිදු නොවුන අතර කෑමට ගෙනා ගෙඩි කිහිපයකින් ලබාගත් බීජ පැල කරමින් මුලින්ම ඇපල් වගාව සාර්ථක වේදැයි අත්හදා බැලු සෝමදාස මහතා පවසන්නේ ඉතාමත් සාර්ථකව ලංකාව තුල ද ඇපල් වගා කල හැකි බවයි.

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ තෙවන නැටුම


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

සනත්ගේ පළමු නර්තනයට එම තරඟයේ විනිශ්ච මණ්ඩලය විසින් ඉහල ප්‍රතිචාරයක් ලැබුන අතර ලකුණු 30 කින් 27 ක් ලබා ගැනීමට සනත් හා ඔහුගේ නර්තන සහයිකාව වන සුචිත්‍රා ට හැකිවුනා.


ඉන් පසුව එම තරඟයේ සනත්ගේ දෙවන නර්තනය බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක ජනප්‍රිය ගීත වලට අනුව පසුගිය (24) වනදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ ලකුණු 24 ක් ලබා ගනිමින්.

පෙරේදා (02) දිනයේ සනත් ජයසුරිය හා සුචිත්‍රා "සල්සා" නර්තනය ක්‍රමය යටතේ නර්තනයේ යෙදුන අතර එයට විනිශ්ච මණ්ඩලයේ එතරම් හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනේ නැහැ.



පිටිදුවේ සිරිධම්ම හිමිට පෝද්දලදී ප්‍රහාරයක්


පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප වෙබ් අඩවිය විසින් පළ කර තිබෙනවා. සමාජයේ ආන්දෝලනයක් ඇති කළ චරිතයක් වූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා. නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව උන්වහන්සේ විසින්ම පසුගියදා ප්‍රකාශකොට තිබු බව අප වාර්තා කළා.

තමා ඉදිරියට එනවිටදී 
පුද්ගලයන් දමනය වන බව පැවසු පිටිදුවේ සිරිධම්ම නොහොත් සිරි සමන්තබද්‍ර හිමිට අද පෝද්දල කාසිදෙණිය ප්‍රදේශයේදී ජනතා විරෝධය මතුඋනා. ඒ අනුව පොද්දල කාසිදෙණිය ප්‍රදේශයේ සංවිධානය කොට තිබු ධර්ම දේශනාව ඉවත දමා සිරිධම්ම හිමිට එතනින් ඉවත්වීමට සිදු වුයේ නිර්මල බුදු දහම විකෘති කරන්නට බණ දේශනා කිරීමට ඉඩ නොදෙන බව පවසමින්. 


Sunday, July 1, 2012

ගෝඨාගේ 'සුරක්ෂිත ලංකාවේ' කේන්ද්‍රීය ගැටලූව ගෝඨාම වීම


ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ද කතාකළේය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල්ට දින ගණනක සිට ජීවිත තර්ජන එල්ල වෙමින් පවතී. අසල්වැසියන්ගෙන් ඔහු ගැන තොරතුරු විමසූ පුද්ගලයන් තමන් හඳුන්වාදී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන් හැටියටය. නිර්මාල් සිය පොලිස් පැමිණිලිවල හා ජනමාධ්‍ය හමුවේ සඳහන්කර තිබුණේ මේ කාරණයයි. ගෝඨාභය පරලවී නිර්මාල්ට දුරකතනයෙන් කතාකරන්නේ මේ සඳහන හේතුවෙනි.
ගෝඨාභය කියන්නේ, නිර්මාල් මේ සඳහනෙන් තමන්ගේ ආරක්ෂක අමාත්‍යාංශයට අපකීර්තියක් සිදුකළ බවය. ඔහු වැඩිදුරටත් කියන්නේ තමන් නිර්මාල්ව හරියට දන්නේවත් නැති නිසා නිර්මාල් ගැන තොරතුරු සෙවීමට තමන්ට අවශ්‍යතාවක් නැති බවය. එබැවින් නිර්මාල්ගේ යුතුකම වියයුතුව තිබුණේ සිය අමාත්‍යාංශයේ නිලධාරීන් යයි හඳුන්වාගනිමින් එහි පැමිණියවුන් පාලීසියට අල්ලාදීමය. එමඟින් ගෝඨාභයගේ ආරක්ෂක අමාත්‍යාංශයේ කීර්තිනාමය රැකීමට නිර්මාල්ට හැකිවන අතර, ඒ සඳහා නිර්මාල් බැඳීසිටින්නේයයි ගෝඨාභය සිතන බව පෙනේ.
මේ සිදුවීම ඔස්සේ අපට ගෝඨාභයගේ සිතීමේ විලාශය තවත් ටිකක් ගැඹුරට කැණබැලිය හැකිය.

අල්ල ගත්තු එවුන් ඒ වෙලාවෙම මැරුවා නම් මේ ප‍්‍රශ්න කිසි දෙයක් නැහැ - ආරක්‍ෂක ලේකම් පවසයි ?


වන්නි මෙහෙයුමේදී භාර වූ සහ අත්අඩංගුවට ගත් ප‍්‍රබල කොටි සාමාජිකයන් හා නායකයන් ජීවතුන් අතර නොතබන ලෙස දී තිබූ උපදෙස් පිළිනොපැදීම නිසා පසුගියදා වව්නියාව බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ල වැනි සිද්ධීන් ඉදිරියටත් ඇතිවිය හැකි බවත්, ඒ නිසා එල්.ටී.ටී.ඊ.යට තමන් තවදුරටත් සංවිධානාත්මකව ශක්තිමත් බව ලෝකයට පෙන්වාදීමට හැකි වූ බවත් ප‍්‍රකාශ කරමින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේජර් ජනරාල් ප‍්‍රසන්න සිල්වා මහතාට තදින් බැණ වැදී ඇති බව වාර්තාවේ.

බැසිල්ගේ දියණියගේ විවාහ උත්සවය


ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වන බැසිල් රාජපක්ෂ මහාතාගේ බාල දියණියගේ විවාහ උත්සවය පසුගිය බදාදා ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්වුනි.

බැසිල්ගේ බාල දියණිය වන බිමල්කාගේ ඇත ගත්තේ ඇමරිකානු ජාතිකයෙකු වූ ජෝන් ය.ඒ හේතුවෙන්ම හෝටලයේ සැරසිලි කටයුතු සිදුකොට තිබුනේ 1948 ලංකාවට නිදහස ලැබී බ්‍රිතාන්‍යයෙන් පිටව යන අවස්ථාවේදී සිදුකල සැරසිලිවලට සමානවය.

විවාහ උත්සවයේ සැරසිලි පෝරුව කාගේත් සි
ත්ගත් අතර විවාහ උත්සවය පැවතියේ මුහුදට මුහුණලාය.ඇමරිකානු මනාලයාගේ පාර්ශවයෙන්ද විශාල පිරිසක් මංගල්‍යයට සහභාගී වී සිටි අතර උදෑසන 10.30 ට පටන්ගත් විවාහ උත්සවය සවස 3.30 පමණ වන තෙක් පැවැත්විණි.


වෙබ් අඩවි වැටලීම ගැන දමිතා හා මේනක කියන කතා


ඇතුල්කෝට්ටේ පිහිටි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවි පවත්වාගන යන ගොඩනැඟිල්ලට පසුගියදා ඇතුළු වූ රහස් පොලීසියේ නිළධාරීන් 25 දෙනෙකු පමණ, රාජ්‍ය විරෝධී තොරතුරු ළඟ තබාගැනීමේ චෝදනා මත එහි සිටි සේවකයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඊයේ දිනයේදී ඔවුන් ඇප මත නිදහස් කරනු ලැබුවා.

මෙම වෙබ් අඩවිය වැටලීම පිළිබඳව මේනක රාජපක්ෂ සහ දමිතා අබේරත්න සිරස නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වා තිබුනේ මෙලෙසින්

වෙබ් අඩවි ගැන රජය හැකි ඉක්මනින් තීරණයක් ගත යුතුයි - මේනක රාජපක්ෂ 
මෙවැනි වගකීමක් නැති වෙබ් අඩවි තහනම් කිරීම ගැන මම ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙනවා.ඒ වගේම කලාකරුවෙක් විදියට මෙවැනි දේවල් සමාජයේ තිබීම ගැන ඉතාම කනගාටුවට පත්වනවා.


Saturday, June 30, 2012

ආසියාවේ ආශ්චර්යයට ගෙන්වූ Lamborghini Gallardo රථය


ලංකාවේ මං මාවත්වලට නුහුරු දසුනක් වූ ලම්බෝගිනි රථය නුදුරේදීම සුලභ දසුනක් වන බව සනාථ කරමින් Lamborghini Gallardo වර්ගයේ රථයක් ලංකාවට ගෙනවිත් තිබෙනවා.

මෙම රථයේ ලෝකප්‍රකට මෝටර් රථ ධාවන ශුරයා වන දිලන්ත මාලගමුව සිටියත් එහි හිමිකරුවා ඔහුද යන්න අපට තහවුරු වී නොමැත.

Share this article with your friends