Chitika Smowtion 468x60


Thursday, July 5, 2012

වැටුප් නැතිව වැඩ කරන මැක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන්


මෙයට අවරුදු හතකට පමණ පෙර ආරම්භ වූ මැක්ස් මාධ්‍ය ජාලයේ සේවකයන් මේ වන විට අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වනවා. එයට හේතුව වී ඇත්තේ ඔවුන් හට මාස තුනක කාලයක් තිස්සේ වැටුප් ලබා නොදීමයි.

මෙම වැටුප් ගෙවීම පැහර හැරිම පිලිබඳ අදාළ සෑම අංශයක්ම මාක්ස් මාධ්‍යය ජාලයේ සේවකයන් විසින් දැණුවත් කළද තවමත් ඔවුන්ට කිසිදු පිළිසරණක් ලැබී නැහැ.මැක්ස් මාධ්‍යය ජාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ කෝටිපති ව්‍යාපාරික මහින්ද රාමනායක මහතායි. මීට පෙර මෙම ආයතයේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සභාපති තුමන්ගේ වැඩිමහල් පුතු කටයුතු කලද මේ වන විට එය බාල පුතුට පැවරී තිබෙනවා. 


දැරිය දූෂණය කල ප්‍රාදේශීය සභා සභාපතිට සැප වාට්ටු


අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එල්.සුනිල් නැමැත්තා ඊයේ (04) දිනයේදී අත් අඩංගුවට ගැණුනා.

අත් අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා මේ මස 16 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

48 හැවිරිදි මොහු තමන්ගේම මෝටර් රථයෙන් දැරියව මාතර, අකුරැස්ස, බංගම පාරේ ඔහුට අයත් ලැගුම්හලකට ගෙනගොස් දූෂණය කර ඇති බවට තොරතුරු සොයාගෙන තිබෙනවා.

අතවරයට ලක් වූ දැරිය මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අධිකරණ නියෝගයක් නොමැතිව දැරියගේ දෙමවිපියන්ට හෝ වෙනත් කිසිවෙකුට භාර නොදිය යුතු යැයි මාතර අතිරේක මහේශ්ත්‍රාත් වරයා නියෝග කර තිබෙනවා. 


චම්පිකගේ මාධ්‍යය හමුවට ආ අපුරු අමුත්තා


විදුලි බල ඇමති චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරෙදී මීයෙක් පැමිනීම කාගෙත් අවධානයට ලක්වී තිබුණා.

මාධ්‍ය සාකච්ජාව ඇරඹීමත් සමඟ මාධ්‍යවේදීන්ගේ පුටු අස්සෙන් මෙම මීයා පැමිණීමත් සමඟ එහි සිටි කාන්තා මාධ්‍යවේදිනියන් කෑගසමින් පැන දිවීම කවුරුත් සිනහගැස්වීමට සමත් වුනා.

පසුව චම්පික ඇමතිවරයා වාඩි වී සිටි ස්ථානයේ ඔහුගේ හිසට උඩින් තිබූ පුවරුවක් වෙත නැගගත් මීයා මාධ්‍ය හමුව අවසන් වනතුරුම සිටි ඉරියවුවෙන්ම සිටි බවයි පැවසෙන්නේ.

අත යට මුදලට දුම් සහතික දෙන හැටි


2009 අංක 08 දරණ මෝටර් ‍රථ වාහන (සංශෝධන) පනතේ 218 වගන්තිය අනුව යෝග්‍යතා වායු විමෝචන හා රක්ෂණ සහතිකය නොමැතිව වාහනයක් ධාවනය නොකළ යුතු අතර ‍එසේ කිරීමෙන් එම විධිවිධාන කඩකරන තැනැත්තෙකු වරදකරු වු විට රු 5000 කට නොඅඩු රු 25000 කට නොවැඩි දඩයකට හෝ මාසයක සිර දඬුවමකට හෝ එම දඬුවම් දෙකටම යටත් වේ.

ඒ අනුව වාහයක් ධාවනය කරන 
සෑම රියදුරෙක්ම වසරක් පාසා එම වාහනය සඳහා දුම් සතියක් ලබාගත යුතුය.පවත්නා නීතියට අනුව දුම් පරීක්ෂණය සිදු නොකොට වාහනයකට ආදායම් බලපත්‍රයක් ලබාගත නොහැකි ය. ආදායම් බල පත්‍රය නොමැතිව ධාවනය කරන වාහනවල දඩය රුපියල් පන්දහසකි.

නමුත් ඇතැම් අතරමැදියන් විසින් මේ වනවිට දුම් සහතිකය නොමැතිව වුවද ආදායම් බලපත්‍ර ලබා දීමේ ජාවාරම කොළඹ මාලිගාවත්ත, මහ ලේකම් කාර්යාලයේ සහ රට පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවන බව වාර්තා වෙයි.



නොමග නොයන් පුතේ - අපට ෆ‍්‍රෑන්ක් ඇතේ !


සුනාමි ආධාර ලෙස විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාවට ලැබුණු අවස්ථාවේදී සහ ශ‍්‍රී ලංකාව මහා පරිමානයෙන් ආයුධ මිලට ගත් අවස්ථාවල ශ‍්‍රී ලාංකිකයන් විසින් ස්විස්ටර්ලන්තයේ රහස්‍ය බැංකු තුල විශාල වශයෙන් මුදල් තැන්පත් කිරීමේ ඉහළ යෑමක් දක්නට ඇති බව ස්විස් ෆෙඩරල් බැංකුව විසින් වර්ෂ 2002-2010 කාලවකවානුව සඳහා ප‍්‍රකාශයට පත්කළ බැංකු වාර්තාවෙන් පෙනී යන බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
2004 දෙසැම්බර් අගසතියේදී ශ‍්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් 2005 වසරේ ශ‍්‍රී ලංකාවට ලැබිණ. ඉන් බහුතරය පූර්ව කොන්දේසී හෝ ගිවිසුම්වලින් තොරව සෘජුවම ලැබුණු විදේශ ආධාර විය. මෙම ආධාර ප‍්‍රමාණයෙන් 30% කට වැඩි ප‍්‍රමාණයක් දූෂණයට සහ වංචාවට ගොදුරුවූ බව මාධ්‍ය මගින් අනාවරනය කර තිබිණ. එයින් ප‍්‍රමුඛතම සිදුවීම වූයේ සුනාමි ආධාර ලෙස ලැබුනු රුපියල් අට කෝටි විසි ලක්ෂයක මුදලක් එවක අග‍්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කිරීමය. ‘හෙල්පින් හම්බන්තොට’ ලෙස ප‍්‍රසිද්ධියට පත් මෙම සිදුවීමට අදාලව පැවති පරීක්ෂණද පසුව නතර කර දැමිණ.

මඩ ගහන වෙබ් අඩවි සියල්ල තහනම් කරනවා - කෙහෙලිය


මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.
ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා සඳහන් කරයි. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කියයි.

නදීෂාගේ දරු සුරතල්


පසුගිය අප්‍රේල් 23 වනදා කොළොඹ ආසිරි රෝහලේදී ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි නදීෂා අලහප්පෙරුම මව් පදවිය ලබා ඇතැයි අප මෙයට පෙර ලිපියකින් වාර්තා කළා.

බොහෝ කලක සිට ඇය මේ වෙනුවෙන් කැපවී රංගනයෙන් ඉවත්වී සිටි අතර තවත් අවරුද්දකින් පමණ ඇය නැවතත් රඟපෑම් කටයුතු සඳහා එක්වීමට නියමිත අතර නදීෂා හා ඇගේ පුතුගේ ජයාරූප එකතුවක් පහතින් බලන්න 





වරෙන්තුකරුවන් 2,814ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?

රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි. ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය.

ඒ අනුව පසුගිය ජූනි 20 දින සිට 30 දා දක්වා වූ දින 10ක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී වරෙන්තු කරුවන් 2,814ක් අත් අඩංගුවට ගෙන ඇත.


දකුණු පලාතේ තංගල්ල, ගාල්ල, ඇල්පිටිය, මාතර කොට්ඨාශ වලින් වරෙන්තුකරුවන් 550 දෙනෙකුද, වයඹ පලාතේ කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, පුත්තලම හා හලාවත කොට්ඨාශ වලින් 466 දෙනෙකුද,

Share this article with your friends