Tuesday, July 17, 2012
මොබයිලය කනේ ගසාගෙන දුම්රියකට යට වෙන්න යයි
දූම්රිය රියදුරෙකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් තරුණියකගේ දිවි ගලවා ගැනීමට හැකි වීමේ පුවතක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අසන්නට ලැබේ.
පසුගිය සෙනසුරාදා (14) පෙරවරුවේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව රියදුරා එහි එන්ජිම මාරු කිරීමේ කටයුතුවල නිරතවී ඇත. එම දුම්රිය නුවර සිට කොළඹට ගෙන ආ එන්ජිම ගලවා ඉවත්කර වෙනත් එන්ජිමක් සවි කරගෙන මාතර බලා ධාවනය කරවීම මෙහිදී සිදු කෙරේ.
දුම්රියට එන්ජිම සවිකිරීම සදහා එහි රියදුරු දුම්රිය එන්ජිම පදවා ගෙන එමින් සිටියදී දුම්රිය මාර්ගයේ ජංගම දුරකථනයක් කනේ ගසාගෙන එමින් සිටි තරුණියක් දුම්රිය රියදුරුගේ ඇස් ගැටී ඇත.
වාර්ෂික ගිවිසුමේ ගැටලුව නිමවන තෙක් SLPL ක්‍රීඩා කරන්නේ නැහැ - මහේල

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය.එහෙත් මෙවර ලසිත් මාලිංග තමාට ලැබිය යුතු වැටුප වැඩි විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අතර අනෙක් ක්‍රීඩකයන්ද ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමා ඇත.වාර්තාවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 25% ක ප්‍රමාණයක් කී‍්‍රඩකයන් විසින් ඉල්ලුම්කොට ඇත.
කෙල්ලො දැක්කම බලහත්කාරකම් කරන්න හිතෙනවා !

මේ දිනවල දිගින් දිගටම ඇසෙන්නට ඇත්තේ අපචාර සිදුවීම්ය.අපචාර වලට නොයෙක් දෙනා විවිධ හේතුන් හෙළි කරද්දී දේශපාලන වේදිකාවේද මෙය උණුසුම් මාතෘකාවක් බවට පත්වි ඇත.
විපක්ෂයේ මැති ඇමතිවරුන් කියා මෙම සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර කරන අතරේ මර්වින් සිල්වා පසුගියදා අපචාර ක්‍රියා වැඩි වීම හා එයට පෙලඹවීමට හේතුව පැහැදිලි කරමින් අපුරු කතාවක් සිදු කළේය.
මර්වින් ගේ කතාව හා වීඩියෝව බලන්න පහතින්
රට විජයග්‍රහණය කළ හැකි ක්‍රමයක් ජනපති පහදයි.
ජාතීන් අතර සමානාත්මතාව වර්ධනය කිරීම තුළින් රට විජයග්‍රහණය කරා ගෙන යා හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමාජ ඒකාබද්ධතා සතියෙහි සමාරම්භක උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (16) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙහිදී ජනාධිපතිවරයා අතින් සමාජ ඒකාබද්ධතා ප්‍රතිපත්ති රාමුව, සමාජ ඒකාබද්ධතා තේමාව සහ ලාංඡුනය එළිදැක්වීම ද සිදුකෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.
Monday, July 16, 2012
හේත්තු වෙන්න ගොස් කයි !
පිටකොටුවෙන් රාත්‍රී 8.30ට පමණ ගමන් අරඹා ඉංගිරිය බලා ධාවනනය වූ ලංගම බස් රියකි. කිරුළපනින් බසයට ගොඩවූ කාන්තාවක් වාඩිවී සිටියේ බසයේ මැද හරියේ අසුනකය. ඇගේ උරහිසට හොඳ හැටි හේත්තුවී සිටගෙන සිටි තරුණයකු ඇඳ සිටියේ කොට කලිසමක් සහ සුදු පැහැ ටී ෂර්ටයකි. කාන්තාවගේ උරහිසට තරුණයාගේ තද වීම එන්ට එන්ටම වැඩිවිය. සෙනග වැඩි කම නිසා එසේ වෙතියි ඉවසා දරා සිටි කාන්තාව මදක් හැරී බැලීමේදී දුටු දර්ශනයෙන් ඇයගේ කෝපය ඉහ වහා ගියාය.
ආසියානු ආශ්චර්යය උදාවෙයි. ස්ත්‍රී දූෂණ වලින් අංක එක !
ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙනවා.කාන්තාවකට හෝ දැරියකට තනියෙන් නිවසක සිටිය නොහැකි හා තනියෙන් ගමනක් ගොස් ඒමට අපහසු වාතාවරණයක් මෙලෙස රට තුළ ඇතිවෙමින් පැවතීම කණගාටුවට කරුණක්.
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි.
පැය දෙකට රජ කෑමක්
ඉකුත් ජූනි මස 28දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් (Waters Edge) හෝටලයේ පැවති මැණික් හා මණ්ඩල අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ ආහාරපාන සඳහා රුපියල් 76,000කට අධික මුදලක් වැය කර තිබේ.අමාත්‍ය අනුර ප්රියදර්ශණ යාපාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා අධ්යක්ෂ මණ්ඩල සමාජිකයන් 6 දෙනෙකු සහභාගී වී ඇත. පුද්ගලයන් 7 දෙනෙකුගේ ආහාරපාන සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හෝටලයට ගෙවා ඇති මුදල රුපියල් 76,401.31කි.
සාකච්ජාව පවත්වා ඇත්තේ පැය දෙකකට ආසන්න කාලයක් පමණි
වෙල්ගමගේ අළුත් ගෙදර රු. කෝටි 100යි
ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහතා පසුගිය සතියේ අලුතින් නිවසක් මිලදීගෙන තිබෙනවාකොළඹ රොස්මිඩ් පෙදෙසින් මිලදීගෙන ඇති එම නිවසේ හා ඉඩමේ වටිනාකම රුපියල් කෝටි 100කි. කෝටි 100ක් වූ එම නිවසේ අංකය අවසන් වන්නේද 100නි.
මීට පෙර වෙළඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වී එෆ්.එම් නාලිකාව මිලදී ගත්තේද රුපියල් කෝටි ගනනක් වියදම් කරමිනි. එම ලංසුව සඳහා තවත් ප්‍රබල තරඟයක් දුන් ආණඩුවේ ඇමතිවරයෙක් වූයේ අමාත්‍යය විමල් විරවංශ මහතායි.
Subscribe to:
Posts (Atom)