Chitika Smowtion 468x60


Thursday, July 19, 2012

එළියන්ත වයිට් වෙදකම් කරන්නේ කුන්ඩලිනි ශක්තියෙන් හා අදෘෂ්‍යමාන බලවේග වලින් ?


මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන එළියන්ත වයිට් සමඟ කළ සාකච්ජාවක් පසුගියදා පුවත්පතක පලවී තිබුණා.

එහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ ලෙඩ වලට බෙහෙත් සොයාගැනීම් ඔහු විසින් කරන්නේ ඔහු සතුව ඇති කුන්ඩලිනි ශක්තියෙන් බවත්, කනට කොඳුරන අදෘෂ්‍යමාන බලවේග වලින් ලෙඩ සුවපත් කිරීමට උපදෙස් ලබාගන්නා බවත්ය.

එම සාකච්ජාව පහතින්.


ඔබ "වෛද්‍ය එලියන්ත වයිට්" කියල තමයි සමාජ ගත වෙන්නේ? කොහොමද මේ වෛද්‍ය කැල්ල එන්නේ?

Wednesday, July 18, 2012

පී.එච්. අයි. මහත්වරුන් ඩෙංගු ගැන දන්නේ නෑ


සෞඛ්‍ය සේවා කීට විද්‍යා සහකාර නිලධාරී සංගමයේ සභාපති ජයමිණි මිගෙල්හේවා මහතා සමග අප වෙබ් අඩවිය කළ විශේෂ සාකච්ඡාවක්.


කවුද මේ ඩෙංගු මදුරුවා කියන්නේ ?


ඩෙංගු මදුරුවා කියන්නේ, ඊඩිස් ඊජිෂ්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ඩස් මදුරුවන් දෙන්නට. පැහැදිලි ජලයේ බිත්තර දමනවා. වතුර හිදිලා ගියත් අව්ව නොමැති නම් මේ බිත්තර වසරකට ආසන්න කාලයක් පමණ තියෙනවා.


ඩෙංගු මදුරුවාට ජීවන චක්‍රය ඉදිරියට ගෙන යන්නේ නැතුව නතර කර ගෙන ඉන්නත් පුළුවන්.


ඩෙංගු මදුරුවා බෝ කරන අයට නඩු දමනවා නේද?

දූෂණ සිද්ධියේ පරීක්ෂණ කළ අපක්ෂපාතී නිලධාරීන්ට මාරුවීම්


නාවලපිටිය නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතකු ඇතුළු දෙදෙනෙක් විසින් පැහැර ගෙන ගොස් දින දෙකක් සිරකර තබා ගෙන 15 හැවිරිදි දැරිය දූෂණය කිරීම හා ඒ පිළිඹද විභාගයට ගිය පොලිස් සාජන්වරයකු ඇතුළු ත්‍රීරෝද රථ රියදුරෙකුද මෙම දැරිය වෙනත් ලැගුම්හලකට ගෙන ගොස් දූෂණය කිරීම යන සිද්ධීන් පිළිඹද පරීක්ෂණ පැවැත් වූ පොලිස් කණ්ඩායමේ සිටි උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු හදිසියෙම වෙනත් පොලිස් ස්ථානවලට මාරුකර යවා ඇත. මෙම පොලිස් කණ්ඩායම සදහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනකුගෙන් සමන්විත නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනිය හා උප පොලිස් පරීක්ෂකවරයාද ඇතුළත්ව සිටියහ.

සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගනී


මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ සිට සුදු වෑන් රියකින් පැමිණ තරුණියක් පැහැර ගෙන යමින් සිටියදී එම පිරිස වව්නියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පැහැර ගැනීමට ලක් වූ තරුණිය මඩු අධ්‍යාපන කාර්‍යාලයේ කළමනාකාර සහායක ලෙස රැකියාව කරන බවත් 22 හැවිරිදි වියේ පසුවන ඇය රැකියාව සදහා පාපැදියෙන් යමින් සිටියදී 18 උදේ 8ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගෙන ගොස් ඇති බවත් සෙට්ටිකුළම පොලිසිය කියයි.

තංගල්ලේ දැරිය දූෂණය කළ හතර දෙනෙක් අද හඳුනාගැනේ


තංගල්ලේ ධනවත් ව්‍යාපාරිකයන් හා නාගරික මන්ත්‍රීවරයකු ඇතුළු විසිදෙදෙනකුගේ කෙළෙසීමට ලක් වූ බව කියන තංගල්ලේ 14 හැවිරිදි දැරිය විසින් අද සිවු දෙනෙක් හඳුනා ගනු ලැබූහ.
නාගරික මන්ත්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, සම්පත් ලංකාතිලක හා පී.ජී. ප්‍රදීප් කුමාර එසේ හඳුනා ගනු ලැබුවේය. සැකකරුවන් දෙදෙනකු හඳුනා ගැනීමට දැරියට නොහැකි විය. හඳුනා ගැනීමේ පෙරෙට්ටු 11කදී සැකකරුවෝ  හත් දෙනෙක් හඳුනා ගනු ලැබ සිටිති. පහළොස් හැවිරිදි ශිෂ්‍යා හඳුනා ගැනීමට නොහැකි විය. සැකකරුවෝ විසි දෙදෙනාම බදාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

රු.2000ක් අල්ලස් ගත්තාට වසර 24 ක සිර දඬුවමක්.

කසිප්පු ජාවාරම් කරුවකුට නඩු නොපවරා සිටීම සඳහා රුපියල් 2000 ක අල්ලසක් ගත් පොලිස් සාජන්ට් වරයකු හට රුපියල් තිස් දහසක දඩ මුදලක් සමඟ වසර 24 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අපරාධකරුවන් සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට කටුපොත පොලීසියට අනුයුක්ත කර තිබූ මෙම සාජන්ට් වරයා මෙලෙස අල්ලස් ගැනීමට වරදකරු වූ බැවින් මෙම දඬුවම නියම කර ඇත්තේ කොළඹ මහාධිකරණය විසිනුයි.



ඉන්දියාවේ තරුණියක් නිරුවත් කිරීමට හැදූ පිරිසට වැඩ වරදී


කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුල ප්‍රාන්තයක් ලෙස ඉන්දියාවේ අසෑම් ප්‍රාන්තය ප්‍රකටයි. පසුගිය සඳුදා දිනයේ දී ද තරුණයින් පිරිසක් විසින් පාරේ ගමන් කරමින් සිටි තරුණියකගේ උඩුකය ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ දරා තිබෙනවා.

පාරේ ගමන් කරමින් සිටි එම තරුණියව නිරුවත් කිරීමට උත්සාහ ගන්නා අයුරු වීඩියෝ පටයක සටහන් වීම නිසා මේ සඳහා හවුල් වූ සැකකරුවන් 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවයි වාර්තා වන්නේ. එහෙත් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ සැක කරුවන් සිව් දෙනෙකු පමණයි.

මෙම සිදුවීම පෙන්වන වීඩියෝ පටයක් ද නිකුත් වී තිබියදීත් සැකකරුවන්ව අත් අඩංගුවට නොගැනීම සම්බන්ඳයෙන් එරට පොලීසිය වෙත චෝදනා එල්ලවී තිබෙනවා.

ඊ.පී.එෆ් සල්ලිත් ආණ්ඩුවට !

විගණකාධිපති වරයා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවකට අනුව සේවක අර්ථසාධක අරමුදල සතු මහජනතාවගේ මුදල් රජය විසින් භුක්ති විදින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතී.

එම වාර්තාවට අනුව සාමාජිකයන්ගේ ගිණුම් වලට රජය විසින් රුපියල් මිලියන ගණනක් තැන්පත් කළ යුතු වුවද එසේ කිරීමට රජය අපොහොසත් වී තිබීම සහ තවත් සේවක අර්ථසාධක අරමුදලේ ඌනතා සහ කළමනාකරණ ගැටලු කිහිපයක් පෙන්වා දී තිබේ.

2005 - 2008 කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ දායක මුදල් සහ අධි අය ලෙස උසාවි වලින් ලබාගෙන ඇති රුපියල් මිලියන 62 කට අධික මුදලක් 2010 වර්ෂයේ දී සාමාජිකයන්ගේ පුද්ගලික ගිණුම් වලට බැර නොකොට රජයේ ආදායමට බැර කොට ඇති බව එහිදී අනාවරණය වේ.



Share this article with your friends