Sunday, July 22, 2012
කහවත්තේ දියණිය පණ බේරාගන්න සටන් කරලා
කහවත්තේ කොටකෙතන පේ‍්‍රමාවතී (65) මව ද, දියණිය පුෂ්පකුමාරි ද (32) ගෙදර මැද සාලයේදී මරා ඇදගෙන ගොස් කෙළවර කාමරයට දමා ගිනි තබා ඇතැයි ද, කැපී වෙන්වී ගිය ඇඟිල්ලෙන් ඒ බව පෙනෙතියි ද පොලිසිය අනුමාන කරයි.
පුෂ්පකුමාරි මෙනවිය දිවි බේරා ගැනීම සඳහා මිනීමරුවන් හා සටන් කළ බව පෙනේ යැයි ද ඇගේ හිසට තියුණු අවියකින් 12 වරක් ගසා ඇගේ සායෙන් හිස බැඳ ඇතැයි ද පොලිසිය කියයි. මිනීමරුවන් මෙතෙක් අල්ලාගෙන නැත.
පියා පාපියෙක් වෙයි
පහලොස් හැවිරිදි සිය දියණියට අතවර කොට ඇය පස්මස් ගැබිනියක බවට පත් කළ පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.මන්නාරම ප්‍රදේශයෙන් මේ සිදුවීම වාර්තා වෙන අතර අගතියට පත් සිසුවිය දෙවරක් පියා අතින් අපහරණයට ලක් වූ බව ඇය පොලීසියට පවසා තිබේ.වව්නියා පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මඩු පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි - අනර්කලී
මම කැමති හැමෝගෙම සිත් ආදරයෙන් පුරවන්නයි.
දේශපාලනය මට අපේ පවුල් පසුබිමෙන් උරුම උනු දෙයක් !
මට හැකි උපරිමයෙන් මගේ ජනතාවට සේවය කරනවා.
මම මොන වගේද කියලා මමවත් තාම දන්නෙ නෑ !
ඉටිපහන් ටෙලිනාට්‍යය තුළින් කුඩා ගැහැණු දරුවකුගේ චරිතයකට පණ පොවමින් ඉතා කුඩා අවදියෙන්ම රංගනයට දායක වී පුංචි තිරය, රිදී තිරය විතරක් නෙවෙයි මේ වන විට ඇය දේශපාලන වේදිකාවත් ජයගන්න සමත් වී තිබෙනවා.
ඇය අනර්කලී ආකර්ශා. ඇය කුමන විදියේ කෙනෙක් ද යන්න ඇයවත් තවම නොදන්නා බවයි අනර්කලී පවසන්නේ. ඒ පිළිබඳව ඇය අදහස් දැක්වූයේ මෙලෙසයි.
අනර්කලී සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් ද?
අයේෂා මව් පදවිය ලැබීමට සූදානමින් !
අයේෂා සඳමාලි මේ දිනවල තම කැදැල්ලට පුංචි අමුත්තෙක් එනකං මඟබලන් ඉන්න බව පවසනවා.
නිරූපිකාවක්, නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් වූ අයේෂා සඳමාලිත් අම්ම කෙනෙක් වෙන්න යනවා කියලා ලැබුණු ආරංචිය ගැන අයේෂා පවසන්නේ මෙලෙසයි.
අයේෂා මවක් වීමේ සිහිනය සැබෑ කරගන්න යනවා කියන්නේ ?
ඔව්. ඇත්තටම කාලයක් තිස්‌සේ තිබුණ බලාපොරොත්තුවක් තමයි ඉෂ්ටවෙන්න යන්නේ. ඒ වුණාට තිබුණ වැඩත් එක්‌ක ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න ටිකක් කල්ගත වුණා. නමුත් මම හිතනවා ජීවිතයේ ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙන්න ඕනෑ කාලයට ලැබුණ කියලා. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා.
මේ දවස්‌වල කාලය ගෙවෙන්නේ කොහොමද?
ගොඩක් විවේකයෙන් තමයි කාලය ගතවෙන්නේ. මොකද වෛද්‍යවරු උපදෙස් දීලයි තියෙන්නේ ගොඩක් මහන්සිවෙන්න එපා, විවේකයෙන් ඉන්න කියලා.
වැඩියෙන් කැමැති දුවෙකුටද? පුතෙකුටද ?
හිරු ටීවී vs නිමල් ලක්ෂපතිආරච්චි

අනෙකුත් නාලිකා ඒ මහතාගෙ අභාවය වෙනුවෙන් විශේෂ ප‍්‍රවෘත්ති හා වැඩසටහන් ඉදිරිපත් කරද්දී හිරු ටීවී නාලිකාව ඔහු ගැන විශේෂ සඳහනක් නොකොට දැන්වීමක් පමණක් පල කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට නිමල් ලක්‍ෂපතිආරච්චි මහතා මිය යාමට සති කිහිපයකට පෙර හිරු ටීවී ආයතනයෙන් ඉල්ලා අස් වී ඇත.
ෆිට්-ඔන් රූම් එකේදී ෆොටෝ ගසා දූෂණය කොට මැරුම් කයි !

මෙතෙක් කල් අභිරහසක්ව පැවතුන කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණයට හේතුව මේවන විට හෙළිවෙමින් පවතී.වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
දිනක් එක් කාන්තාවක් ගම්පහ කප්රුක රෙදිපිළි ආයතනයට පැමිණ රෙදිපිළි මිලදී ගෙන ඒවා තමාට ගැලපෙනවාද යන්න බැලීම සඳහා එම ආයතනයේ ඇති ෆිට් - ඕන් කාමරයට ගොස් ඇත.
Saturday, July 21, 2012
කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.
දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප
නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.
Subscribe to:
Posts (Atom)

