Chitika Smowtion 468x60


Monday, July 30, 2012

බාල ඉන්ධන නැවතත් කරළියට !


බාල තත්ත්වයේ ඉන්ධන මෙරට තුල විවිධ ඉන්ධන හල් විසින් බෙදා හරින බවට මීට පෙර ද වාර්තා වුනේ පසුගිය වසරේ ජූනි මාසයේ. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වාහන හිමියන් මහත් අපහසුතාවයට පත් වුනේ එම භාවිතයට නුසුදුසු ඉන්ධන වාහන වලට යෙදීම හේතුවෙන් එම වාහන අකර්මන්‍ය වීම නිසයි.

ඉන්පසුව මේ වසරේ මැයි මාසයේ දීද ආනයනය කරන ලද බාල වර්ගයේ ගුවන් යානා තෙල් හේතුවෙන් රජයට සිදුවූ ඇති පාඩුව රුපියල් කෝටි 14ක් පමණය.

මේ වන විට නැවතත් රට පුරා විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන්නේ මෙවැනිම පුවතකි. එනම් ඇතැම් ප්‍රදේශ වල ඉන්ධනහල් වලින් ඩීසල් ලබාගත් වාහන රැසක් හදිසි කාර්මික දෝෂ වලට ලක් වීමයි.


හෙජින් ගනුදෙනුවේ නඩුවෙන් ලංකාව පරාදයි. කෝටි 2,200ක් ගෙවන්නැයි නියෝග !

කොමිස්‌ ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගොනු කරන ලද අභියාචනය ලන්ඩන් අධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා

මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් හෙවත් රුපියල් කෝටි 2,200ක් වන අතර ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ ‍පොළියද ගෙවියයුතු වේ.

මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. ඒ නඩු කියන්නට රට සවාරිවලට ගිය වියදම් වලට අමතරවය.


මෙම හෙජින් ගනුදෙනුවට අනුව අප මුලින් කතා කළ "ස්‌ටෑන්ඩර්ඩ් චාර්ටඩ්" බැංකුවට අමතරව "සිටි" බැංකුව සහ "ඩොයිෂ් බැංකුව" ද තවත් නඩු දෙකක්‌ පවරා ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක්‌ ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක්‌ ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්‌ඩලයක්‌ ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ.

කමල් ගණිකා මඩම ගැන කරුණු පැහැදිලි කරයි


කමල් දැන් පන්සල් යනවා 

පසුගියදා නාරාහේන්පිට ප්‍රදේශයේ වැටලු තායි කතුන් සැපයු ගණිකා මඩම පිළිබඳත් එය මෙහෙයවූ පුද්ගලයන් ගැනත් ගොසිප්9 මෙයට පෙර හෙලිකල අතර ඔවුන්ට පොලිසියේ උසස් නිලධාරීන්ගේ සහයද නොමදව ලැබෙන බව අප විසින් හෙළිදරව් කර සිටියා.

කෙසේ නමුත් මේ ගණිකා මඩම මෙහෙයවීම පිටුපස සිටින බවට සැක කරන ප්‍රවීන නළු කමල් අද්දරආරච්චි ඔහුගේ නිර්දෝෂී භාවය ලක්බිම පුවත්පතට ප්‍රකාශකර තිබුනේ මෙසේය.

ශ්‍රී ලංකා ටෙලිකොම්හි නිල නොවන බ්ලැක් ලිස්ට් සෙල්ලම


ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සපයන සීමාරහිත අන්තර්ජාල සේවාවන්හි අන්තර්ජාලය වේගය බාල වීම හේතුවෙන් බොහෝ දෙනා අපහසුතාවයට පත්වී ඇති බව වාර්තා වනවා.

මෙම පැරණි පැකේජ හිමියන් වන සීමාරහිත අන්තර්ජාල භාවිතා කරන්නන් ටෙලිකොම් විසින් හිතු මතේ වෙනත් පැකේජයන්ට මාරුකොට ඇති අතර තවත් ග්‍රාහකයන් තමාගේ අන්තර්ජාලයේ වේගය අඩු බව පැවසු විට අලුත් පැකේජයන්ට මාරුවන ලෙස දන්වා ඇත.

Saturday, July 28, 2012

GCE A/L results still in a pickle – SB’s solution makes it worse

Owing to the egregious blunders committed in the GCE adv. Level examination results , changing of muddled up results and the lunatic Z score markings , the GCE adv. Level students who sat the exam in 2011 had to face undue hardships and acute sufferings for which the architect is the Govt. examination Dept. Yesterday , (26) , the National University youth Front and Lanka Teachers service Association with the participation of a large number of students staged a massive demonstration in front of the University commission Board.


At these protests , a story related by one girl student to the media brought tears to the eyes of the journalists . She has obtained three ‘A’s , but under the new lunatic scheme , she had been deprived of a place in the University. She was overtaken with emotion and said , she has to sit again for the exam to be held in a week because of the eccentricity prevailing in the Ministry and the education Dept. But she hasn’t the wherewithal to sit again, she sobbed .



මැෂින් තුවක්කු දෙක බාර දීල පෝයට සිල් ගන්න - මිනීමැරුම් සැකකරුට උසාවියෙන් දුන් අපූරු නියෝගය


මිනිමැරුම් වෝදනාවක් සම්බන්දයෙන් වසර හතක් පොලීසියෙන් කට්ටි පනිමින් සිට බාරවූ මැරවරයෙකුට තමා ළඟ ඇති ටී 56 මැෂින් තුවක්කු දෙක පොලීසියට බාර දී පෝයට සිල් ගන්නැයි අධිකරණ තීන්දුවක් දෙන රටක් ලෝකයේ ඇති ද?


ඒ රට ශ්‍රි ලංකාවය. මැරවරයා වෙනින් කව්රැත් නොව 2010 මහා මැතිවරණයේ දී නාමල් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයේ යෝධයකු වූ ජුලම්පිටියේ අමරේ ය. තීන්දුව දුන් විනිසුරැ මහාධිකරණ විනිසුරැ චන්ද්‍රෙස්න රාජපක්ෂය. පොලිස් කොට්ඨාශය හම්බන්තොට මිද්දෙනිය ය. දිනය 2012 අප්‍රෙල් 23 දා ය.



පටිනැති රියදුරා එළියට විසිවී මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම අසළ මැද යකඩවැට කඩාගෙන අනිත් පැත්තට හැරුණු ඩබල්කැබ් රියක සිටි ගාල්ල දංගෙදර රියදුරා ආසනයෙන් ඉවතට විසිවී පාරට වැටී රියට යටවී මියගිය බව අධිවේගී මාර්ග පොලීසිය කියයි. කොන්ත්‍රාත්කරුවකු වන ඔහු ආසන පටිය නොපැළඳ සිටි බව ද කැබ් රථයේ වායු රයිපලයක් සහ විශාල මන්නා පිහියක් තිබූ බව ද පොලීසිය පවසයි.

Share this article with your friends