Chitika Smowtion 468x60


Sunday, August 12, 2012

ෆේස්බුක් මගින් අපහාස කිරීමට එරෙහිව රජය නීති ගෙන ඒමේ සුදානමක්


ෆේස්‌ බුක්‌ හා වෙනත් සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරන චරිත ඝාතන හා අපහාස පිලිබඳ පැමිණිලි රැසක් ජනමාධ්‍යය අමාත්‍යංශයට ලැබී ඇති බවත් එම චරිත ඝාතන වලට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.


යක්කල මුල්ල වත්තක මහ දවල් කොල්ලයක්


යක්කලමුල්ල දේවගිරි වතුයා‍යේ සේවක මණ්ඩල වැටුප් සඳහා රැගෙන විත් තිබූ රුපියල් දශලක්‍ෂයක මුදලක් පෙරේදා (10) එම වතුයායේ සේවක වැටුප් ගෙවමින් සිටියදී ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබේ. කොල්ලය සිදුවූ අවස්ථාවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් වැටුප් ලබාගැනීමට පැමිණි අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹෙයි


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය පෙරේදා පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.සමාරම්භක උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා ජනප්‍රිය රෙගේ ගායක මැක්සි ප්‍රීස්ට් සහභාගී වූ අතර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ගායකයෙකු වන අර්ජුන් කුමාරස්වාමි ද එම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ආරම්භය සටහන් කරමින් පළමු තරගය නැගෙනහිර නාග සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම් අතර අද දිනයේ පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 4ට ආරම්භවීමට නියමිතයි. අද දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය පැවැත්වෙන්නේ බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි සහ කඳුරට වොරියස් කණ්ඩායම් අතරයි. එම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ රාත‍්‍රී 8ට ආරම්භ විමට නියමිතයි.

ඊයේ දිනයේ 
පැවති සමාරම්භක උත්සවය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කල අතර මේ සියල්ල අතරේ slpl.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබුණි.බොහෝ දෙනා මෙය ඉන්දියාවේ ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන ලද්දක්යයි සැක කලත් එය එසේ නොවන බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

slpl .lk 
හැක් කල හැටි ,SLPL සමාරම්භක උත්සවයේ ජායාරුප එකතුව හා තරඟ කල සටහන බලන්න පහතින් 

සවුදි කාන්තාවන් ඔලිම්පික් හි තරඟ වැදුනු අයුරු

සවුදි අරාබියේ කාන්තාවන් සඳහා ක්‍රීඩා කිරීමේ නිදහස ලබදීම පිළිබඳ ආරංචිය මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා. 

ඔවුන් එලෙස ක්‍රීඩා කිරීමට නීතියෙන් ඉඩක් ලද්දේ පසුගිය ජූනි මාසයේ දීයි. එම අයිතීන් උපරිමයෙන් භුක්ති විඳිමින් ඔවුන් මේ දිනවල පවත්වන ඔලිම්පික් ක්‍රීඩා සඳහා ද සහභාගි වුණා.

නමුත් ඔලිම්පික් කමිටුව වෙත ඔවුන් පැවසුවේ හිජාබ් හෙවත් හිස්වැසුම් නොමැතිව ක්‍රීඩා කිරීමට එකඟ නොවන බවත් හිජාබය පැළඳීමට අවසර නොදෙන්නේ නම් ක්‍රීඩා සඳහා ඉදිරිපත් නොවී ආපසු සිය මව් රට බලා යන බවයි.

තත්පර 30ක් ගිනි අඟුරු මත සිටීමේ කාලෝගේ ලක්ෂ 10 අභියෝගය එක් අයෙක් බාර ගනී


ශ්‍රී ලංකා හේතුවාදී සංගමය සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් පසුගිය 29 වෙනිදා 'ලක්බිම ඉරිදා සංග්‍රහය' මගින් ඉදිරිපත් කරන ලද ගුප්ත බලයක් තිබෙන බව ඔප්පු කළහොත් ලක්ෂ 10 ක් පිරිනමන බවට කරනු ලැබූ අභියෝගය පිළිගැනීමට එක්තරා මහතෙකු ඉදිරිපත්ව සිටී. දේවාලයක් බාර කපු මහතකු වන ඔහු ශ්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලය ඉදිරියේ, මේ සඳහා සිය කැමැත්ත පළ කළේය. මේ අනුව ඔහු විසින් නියමිත දිනයේ දී මෙම කොන්දේසි මාලාවේ අංක 1 වන ගිනි මැලයක් මත්තෙහි තත්පර 30 ක් නොපිළිස්සී සිටගෙන සිටීමේ අභියෝගයට මුහුණ දීමට නියමිතය.

නියෝජ්‍ය ඇමති සරණ තවත් කප්පමක් ගනී

ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා වන සරණ ගුණවර්ධන විසින් ජනතාවගෙන් කප්පම් ඉල්ලූ සිද්ධීන් වාර්තා වුනේ වරක් දෙවරක් නොවේ.

ගම්පහ ප්‍රදේශයේ යම් යම් ඉදිකිරීම් කරගන යාමට අවශ්‍ය නම් ඇමතිවරයාට කප්පම් ගෙවිය යුතු වාතාවරණයකුයි ගොඩ නැඟී තිබෙන්නේ.

ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවසර පත ලබා දීමට ලක්ෂ 80 ක කප්පම් මුදලක් ගැනීම මෙන්ම මෙන්ම මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 250 ක කප්පමක් ගැනීම ඒ අතර ප්‍රධාන වුණා.


ඒ ඒ අවස්ථාවන් වලදී පීඩනයට ලක් වූවන් ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම් තුමන් ඇතුළු සියළු වගකිවයුතු නිළධාරීන් හට පැමිනිළි කළ බවට වාර්තා වූ නිසා සරණ අසරණ වේයැයි බොහෝ දෙනා සිතුව නමුත් එම පැමිණිලි වලින් පලක් නොවූ බව පැහැදිළි වන්නේ අමාත්‍ය වරයා විසින් නැවතත් කප්පමක් ලබාගත් බව ව්‍යාපාරිකයෙකු විසින් පොලීසියට පැමිණිළි කිරීමත් සමඟය.

ශ්‍රී ලංකාව සඳහා PayPal සහය ලබාගැනීම




PayPal යනු කුමක්ද?

PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය. අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

Saturday, August 11, 2012

A little talk with SLT...







Here is a rough English translation of the conversation I had with SLT ADSL Customer Care regarding the recent Island wide issues with the connection.

Me: Hello, I called regarding a connection issue I’m having with ADSL. I called yesterday too.

SLT: What can I do for you?

Me: It’s regarding an issue I’m having with ADSL.

SLT: I can hear some noises maybe your phone line is faulty.

Me: [Fixing the spiral telephone cable which came loose by me] Sorry about that, my telephone cable came loose, There we go... I fixed it, now can you hear me?

SLT: Yes.

Share this article with your friends