Chitika Smowtion 468x60


Saturday, August 18, 2012

පැය 48කට පසු අම්පාරට විදුලිය


පුරා පැය 48ක් විසන්ධිව තිබු අම්පාර නගරයේ විදුලි බලය අද උදැසන වනවිට ලබා දී තිබුණා.

එම විදුලිය කැපීම නිසා අම්පාර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබූ බවයි එහි වෛද්‍යවරයා පවසන්නේ

ඊයේ සවස අම්පාර රෝහලේ කාර්ය මණ්ඩලය, නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව විදුලිබල මණ්ඩයල ඉදිරි පිට දැක් වූ විරෝධතාවය මේ විදුලි බලය ලබා දීමට ඉවහල් වී තිබෙනවා.

මේ අතර ඊයේ දිවයිනේ ඇතැම් නගර වලට උදෑසන 8.30 සිට 10.45 දක්වා කාලයට අමතරව සවස 1.20 සිට 5.10 දක්වා පැය 4ක් පමණ ද විදුලිය කපා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නොලැබුණු බවයි.

Tuesday, August 14, 2012

ඔලිම්පික් 2012 සමාප්ති උළෙල


ඔලිම්පික් තරඟාවලිය අවසන් වීමත් සමඟ ඊයේ එහි සමාප්ති උළෙල පැවැත්වුණා. මල් වෙඩි සංදර්ශන සහිත මේ සඳහා ගායනයෙන් Spice Girls, Emeli Sande, Madness, Pet Shop Boys, Ray Davies, George Michael, Jessie J and Annie Lennox සහභාගී වී සිටියා.

ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.

සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.




සමාප්ති උත්සවයේ වීඩියෝව පහලින්.

මින්නේරිය ජාතික වනෝද්‍යනයේ කැබිනට් ඇමතිවරයෙක් හෝටලයක් තනයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන "Jeew’s Hide Out" නමින් සංචාරක හෝටලයක් තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග විසින් විසින් ඉදිකර ඇත.

හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත.


මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.

පරාජය දරාගතනොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්


පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.

මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.

මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.

සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.

Monday, August 13, 2012

කහවත්තේ ඔත්තුවකට ලක්ෂ 10ක් තෑගි


පසුගියදා කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදි (63) එල්.ඒ පේ‍්‍රමවති සහ ඇගේ දියණිය වන (33 ) එච්.පි පුෂ්පකුමාරි යන අය නිවස තුළදි ඝාතනය කර පුළුස්සා තිබු අතර  අපරාධකරුවන් පිළිබද යම් සාර්ථක තොරතුරක් සපයන අයෙකුට ත්‍යාගය පිරිනැමීමට පොලිස්පතිවරයා තිරණය කර ඇත.

Sunday, August 12, 2012

ෆේස්බුක් මගින් අපහාස කිරීමට එරෙහිව රජය නීති ගෙන ඒමේ සුදානමක්


ෆේස්‌ බුක්‌ හා වෙනත් සමාජ ජාල වෙබ් අඩවි මගින් සිදු කරන චරිත ඝාතන හා අපහාස පිලිබඳ පැමිණිලි රැසක් ජනමාධ්‍යය අමාත්‍යංශයට ලැබී ඇති බවත් එම චරිත ඝාතන වලට එරෙහිව ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා පවසයි.


යක්කල මුල්ල වත්තක මහ දවල් කොල්ලයක්


යක්කලමුල්ල දේවගිරි වතුයා‍යේ සේවක මණ්ඩල වැටුප් සඳහා රැගෙන විත් තිබූ රුපියල් දශලක්‍ෂයක මුදලක් පෙරේදා (10) එම වතුයායේ සේවක වැටුප් ගෙවමින් සිටියදී ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබේ. කොල්ලය සිදුවූ අවස්ථාවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් වැටුප් ලබාගැනීමට පැමිණි අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ඇරඹෙයි


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය පෙරේදා පස්වරු 7.30 සිට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.සමාරම්භක උත්සවය විචිත්‍රවත් කිරීම සඳහා ජනප්‍රිය රෙගේ ගායක මැක්සි ප්‍රීස්ට් සහභාගී වූ අතර එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ගායකයෙකු වන අර්ජුන් කුමාරස්වාමි ද එම අවස්ථාවට සහභාගී විය.

ශ‍්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ආරම්භය සටහන් කරමින් පළමු තරගය නැගෙනහිර නාග සහ රුහුණු රෝයල්ස් කණ්ඩායම් අතර අද දිනයේ පැවැත්වීමට නියමිතයි. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 4ට ආරම්භවීමට නියමිතයි. අද දිනයේ පැවැත්වෙන දෙවැනි තරගය පැවැත්වෙන්නේ බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි සහ කඳුරට වොරියස් කණ්ඩායම් අතරයි. එම තරගය ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ රාත‍්‍රී 8ට ආරම්භ විමට නියමිතයි.

ඊයේ දිනයේ 
පැවති සමාරම්භක උත්සවය යුටියුබ් ඔස්සේ සජීවීව විකාශය කල අතර මේ සියල්ල අතරේ slpl.lk වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ලවී තිබුණි.බොහෝ දෙනා මෙය ඉන්දියාවේ ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන ලද්දක්යයි සැක කලත් එය එසේ නොවන බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි.

slpl .lk 
හැක් කල හැටි ,SLPL සමාරම්භක උත්සවයේ ජායාරුප එකතුව හා තරඟ කල සටහන බලන්න පහතින් 

Share this article with your friends