Sunday, August 19, 2012
Saturday, August 18, 2012
පැය 48කට පසු අම්පාරට විදුලිය
පුරා පැය 48ක් විසන්ධිව තිබු අම්පාර නගරයේ විදුලි බලය අද උදැසන වනවිට ලබා දී තිබුණා.එම විදුලිය කැපීම නිසා අම්පාර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබූ බවයි එහි වෛද්‍යවරයා පවසන්නේ
ඊයේ සවස අම්පාර රෝහලේ කාර්ය මණ්ඩලය, නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව විදුලිබල මණ්ඩයල ඉදිරි පිට දැක් වූ විරෝධතාවය මේ විදුලි බලය ලබා දීමට ඉවහල් වී තිබෙනවා.
මේ අතර ඊයේ දිවයිනේ ඇතැම් නගර වලට උදෑසන 8.30 සිට 10.45 දක්වා කාලයට අමතරව සවස 1.20 සිට 5.10 දක්වා පැය 4ක් පමණ ද විදුලිය කපා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නොලැබුණු බවයි.
Tuesday, August 14, 2012
ඔලිම්පික් 2012 සමාප්ති උළෙල
ඔලිම්පික් තරඟාවලිය අවසන් වීමත් සමඟ ඊයේ එහි සමාප්ති උළෙල පැවැත්වුණා. මල් වෙඩි සංදර්ශන සහිත මේ සඳහා ගායනයෙන් Spice Girls, Emeli Sande, Madness, Pet Shop Boys, Ray Davies, George Michael, Jessie J and Annie Lennox සහභාගී වී සිටියා.
ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.
සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.

සමාප්ති උත්සවයේ වීඩියෝව පහලින්.
ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.
සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.

සමාප්ති උත්සවයේ වීඩියෝව පහලින්.
මින්නේරිය ජාතික වනෝද්‍යනයේ කැබිනට් ඇමතිවරයෙක් හෝටලයක් තනයි
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන "Jeew’s Hide Out" නමින් සංචාරක හෝටලයක් තැපැල් සේවා ඇමති ජීවන් කුමාරතුංග විසින් විසින් ඉදිකර ඇත.හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත.
මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.
පරාජය දරාගතනොහැකිව ප්‍රේක්ෂයන්ට පහරදුන් ජනපති පුතුන්
පෙරේදා මහනුවර නිත්තවෙල පිටියේදී පැවති අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ හටගත් ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද සම්බන්ධවී ඇති බවට වාර්තා වෙනවා.මහනුවර කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම අතර පැවැති මෙම තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්ව ඇත.
මෙම තරගයේදී ජනාධිපති පුතුන් තිදෙනා ද නාවික හමුදා කණ්ඩායම නියෝජනය කර ඇති අතර තරගය නිමවීමෙන් අනතුරුව පරාජය දරගත නොහැකි වූ නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරමින් පැමිණි හමුදා සෙබළුන් පිරිසක් ක්‍රීඩා ලෝලීන්ට එලව එලවා පහරදී තිබෙනවා.
සවස් යාමයේ තරඟය හමාර වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් මහනුවර ක්‍රීඩා සමාජයේ ජයග්‍රහණය සමරද්දී ප්‍රහාරය ආරම්භ කළේ නාවික හමුදාවේ භෞත චිකිත්සකවරයා බව පවසන ලසන්ත විජේසූරිය මහතා, ජනාධිපතිවරයාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පවා ප්‍රහාරයට සම්බන්ධ වූ බවටද චෝදනා කරනවා.
Monday, August 13, 2012
කහවත්තේ ඔත්තුවකට ලක්ෂ 10ක් තෑගි
පසුගියදා කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේදි (63) එල්.ඒ පේ‍්‍රමවති සහ ඇගේ දියණිය වන (33 ) එච්.පි පුෂ්පකුමාරි යන අය නිවස තුළදි ඝාතනය කර පුළුස්සා තිබු අතර අපරාධකරුවන් පිළිබද යම් සාර්ථක තොරතුරක් සපයන අයෙකුට ත්‍යාගය පිරිනැමීමට පොලිස්පතිවරයා තිරණය කර ඇත.
Sunday, August 12, 2012
ෆේස්බුක් මගින් අපහාස කිරීමට එරෙහිව රජය නීති ගෙන ඒමේ සුදානමක්
යක්කල මුල්ල වත්තක මහ දවල් කොල්ලයක්
යක්කලමුල්ල දේවගිරි වතුයායේ සේවක මණ්ඩල වැටුප් සඳහා රැගෙන විත් තිබූ රුපියල් දශලක්‍ෂයක මුදලක් පෙරේදා (10) එම වතුයායේ සේවක වැටුප් ගෙවමින් සිටියදී ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබේ. කොල්ලය සිදුවූ අවස්ථාවේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් වැටුප් ලබාගැනීමට පැමිණි අයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.
Subscribe to:
Posts (Atom)

