Chitika Smowtion 468x60


Thursday, August 30, 2012

Singer Sri Lanka Fashion Show 2012




අනර්කලීගෙන් රනිල්ට පහරක්

"ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න."

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මෙම ප්‍රකාශ සිදු කරන ලද්දේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකරනලද උද්ඝෝෂණයකදීය. මෙම ප්‍රකාශය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙවර පිළිතුරු දී තිබුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාය.

අද දෙරණ පුවත් විකාශය සමගින් එක්වූ අනර්කලී කියා සිටියේ මෙවැන්නක්.



මහනුවර බාලිකා පාස‍ලේ ‘‍ලේ හලන භූතයා’ සොයාගිය ගමනක්

2011 සැප්තැම්බර් 17 සෙනසුරාදා අලව්වේ දී සිදුවූ දුම්රිය අනතුර තවමත් බොහෝ දෙනකුට මතකය. ඉන් බරපතළ තුවාල ලැබ රෝහල් ගත කොට සිටි මහනුවර ප්‍රධාන පෙළේ බාලිකාවක සිසුවියක ඉන් මඳ කලකට පසුව මිය ගිය පුවත එතරම් ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් 2012 ජුනි 29 සෙනසුරාදා රාත්‍රියේ එම පාස‍ලේ ප්‍රධාන ශාලාවේ දී ගැනුණු ඡායාරූපයක එම සිසුවියගේ රුව අද්භූත අයුරින් සටහන්ව තිබූ බවක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබිණ. අතිශය අද්භූත සිදුවීමක් වශයෙන් හුවා දක්වා තිබූ එම ඡායාරූපය මුල් කොට බොහෝ දෙනා විශ්මයටත් කුතුහලයටත් පත් වූහ. ඡායාරූපයකින් අප යමකු හඳුනා ගන්නේ ඒ තැනැත්තාගේ මුහුණෙනි. එහෙත් මෙම භූත ඡායාරූපයේ මුහුණක් තිබුණේම නැත. ඒ අනුව ඒ අද්භූත රූපය එම සිසුවියගේ බවට නිගමනය වූයේ කෙසේද? යන්නද වෙනම සලකා බැලිය යුතුය. නමුදු එම විදුහ‍ලේ සිසුවියන් සේම ආචාර්ය මණ්ඩලය ඉන් මහත් බියටත් තැති ගැනීමකටත් පත්ව සිටියහ. මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රබල අයුරින් පසුගන්වන්නක් ද විණි.

කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?

එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත් ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප හෙළි කළා.

දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල වන්නේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමයි. වරුණි අමුණුගම යනු සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය යි.


ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.

Wednesday, August 29, 2012

පින්තුර කථාව ( වාසනාවන්ත පියවරු සහ දරුවන්)

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.



විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

කෞතුකාගාර හොරකම කොටින්ගේ ගිණුමට !

අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ ජාතික කෞතුකාගාරයේ පෞරාණික භාණ්ඩ තොගයෙන් කොටසක් මේ වනවිට පොලීසිය විසින් සොයාගන තිබෙනවා.

එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතාගේ 
අත්සනින් යුතුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ය.

කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සමඟ එක්ව මෙම අපරාධ කළ බවද පොලීසිය අධිකරණට වෙත දන්වා ඇත.



සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ

රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි.

ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය. ජූනි 20 දින සිට ජූලි 20 දා දක්වා වූ මසක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී නිකුත් කරන ලද වරෙන්තු කරුවන් 21,798න් 17,595ක් අත් අඩංගුවට ගැනුණි.

සැප්තැම්බර් 01 වනදාට තවත් ඇත්තේ දින 3ක් පමණි. නමුත් සුදර්මන් රදළියගොඩ තවමත් නොදැල්ලේය. ඔහු 2012/08/24 දින හිඟුරක්ගොඩදී බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ පොදුපෙරමුණු රැලියේදී දක්නට ලැබුණි.



ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්

Share this article with your friends