Chitika Smowtion 468x60


Wednesday, September 5, 2012

පබාගේ එකම ප්‍රාර්ථනාව

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පලාත් සභා මැතිවරණයත් සමඟ මේ දිනවල දේශපාලන වේදිකාව උණුසුම් වී තිබෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන උපේක්ෂා ස්වර්ණමාලි දේශපාලනයට පිවිසියේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ජන්ද වලිනි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතාටත් වඩා මනාප ඇය විසින් ලබාගන්නා ලදි.

එජාපයේ කරපිටින් දේශපාලනයට පැමිණි ඇය දැන් පවසන්නේ "මගේ නම් එකම ප්‍රාර්ථනාව විපක්ෂයක් නැතිම වේවා" කියලයි.

එම වීඩියෝ පහලින්.


ඇමතිවරු, නගරාධිපතිවරු මට වියදම් කලේ නෑ- මේනකා පීරිස්

මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.

එතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා සමඟ ත්‍රිවිල් එකකින් එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන තිබෙන බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා.

ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණා.

මෙම සබඳතා පිළිබඳව පසුගියදා ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසින්.


කලා ජීවිතයේ ඉදිරියට යන්න දේශපාලන සබඳතා කොයි තරම් වටිනවද?
කලාවෙන් ඉදිරියට යන්න දේශපාලන සබඳතා අවශ්‍ය නැහැනේ.

ඔබට දේශපාලන සබඳතා තියනවද?

නැවැත්වූ සත්ත්ව බිලි පුජාව යලිත් !


හලාවත මුන්නේශ්වරම් කාලි කෝවිලේ බිලි පූජාව පසුගිය කාලය පුරාවට උණුසුම් මාතෘකාවක්ව පැවතුනා.බෞද්ධ ආගමික බහුතරය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කල අතර මේ වනවිට එය නැවත කරලියට පැමිණ තිබේ.

මෙහිදී කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා විසින් කියා සිටියේ සතුන් විශාල සංඛ්‍යාවක් නොමරන බවත් සංකේතාත්මක ලෙසින් සතුන් දෙතුන් දෙනෙක් පමනක් බිලි පුජාවට ලක් කරන බවයි.

නමුත් අන්තර්ජාලයට මෙයට පෙර නිකුත් වූ වීඩියෝවක් මගින් පැහැදිලි වුයේ සතුන් විශාල සංඛ්‍යාවක් ලේ විලක් මැද කුරිරි ලෙසින් ඝාතනය කරන ලද අන්දමයි. (එම වීඩියෝව ලිපියේ අවසානයේ ඇත)

Sunday, September 2, 2012

රිදී සිත්තමට රජයේ දේපළ දකුණු පලාත් මංත්‍රීවරයෙකුගෙන්

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන "රිදී සිත්තම්" ටෙලිනාට්‍යයේ නිෂ්පාදන කටයුතු සඳහා රාජ්‍ය දේපළ යොදාගන තිබෙනවා.

පසුගියදා විකාශය වූ එම නාට්‍යයේ කොටසක වූ රූපරාමු වල WPC 2011-2012 අංක දරන වාහනය රාජ්‍ය වාහන සංචිතයට අයත්ය.

රාජ්‍ය වාහන කිසිසේත්ම පෞද්ගලික කටයුතු සඳහ යොදාගැනීම නීතියෙන් තහනම්ය.

පසුගිය සතියේ මම විවාහ දිවියට එළඹුණා - සිරස FMහි රුවනි


අම්මාගෙයි තාත්තාගෙයි හුරතල් බඩපිස්සී. අයියාගෙයි අක්කාගෙයි දඟමල්ල. ඉස්කෝලේ ටීචර්ස්ලගේ කතා පෙට්ටිය. යෙහෙළියන්ගේ හොඳම යෙහෙළිය. නිවේදක පිටුවෙන් අද ඔබ හමුවට එන්නේ රුවනි හේවගේ. සිරස එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව ඔස්සේ උදෑසන සූරිය සිරස වගේම ඉරිදා දවල් ලේඩීස් ඔන්ලි අරගෙන එන්නේත් මේ රුවනි තමයි.

ඉතිං රුවනි කොහොමද ජීවිතේ?
සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නවා.

මේ තරම් දුරක් ආ මාධ්‍ය ජිවිතයේ ආරම්භය වුණේ?
අහම්බෙන්. රජ එෆ්. එම්. ගුවන් විදුලි නාලිකාව පටන් ගත්ත කාලේ ප්‍රවර්ධන කණ්ඩායමට කට්ටිය ගන්නව කියලා දැනගන්න ලැබුණා. ඒ දවස්වල මම උසස් පෙළ විභාගය ලියල ප්‍රතිඵල එනකල් ගෙදරට වෙලා හිටියේ. මමත් ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කළා. ඇත්තටම එහෙම කළේ ප්‍රවර්ධන කණ්ඩායමට විවිධ ප්‍රදේශවල ඇවිදින්ට ලැබෙන නිසා. මම ඇවිදින්න හරිම ආසයි. පළමු සම්මුඛ පරීක්ෂණයට ගියාම තමයි තේරුණේ නිවේදන හැකියාව බලනව කියල.

ඩලස් ඇමතිවරයාගේ රහස්‍ය ජීවිතය හෙලිදරව් කරන රහස් වීඩියෝ පටයක්


ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ ඩලස්ට සාමාන්‍ය දෙයක්ලු!

ලංකාව පුරා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ස්ත්‍රී දූෂණ හා ළමා අපයෝජන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු නොවන බවත් එය සාමාන්‍ය දෙයක් බවත් තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Saturday, September 1, 2012

නයාට පෙම්කරනා කොල්ලුපිටියේ "නයි නළඟන"

කොල්ලුපිටියේ පිහිටි "ක්ලියෝපැට්රා" සමාජ ශාලාවේ නාගයෙකු ඇඟේ දවටාගන නර්තනයේ යෙදීම නිසා පසුගියදා තරුණියක් අත් අඩංගුවට පත් වුණා. 

පසුව අධිකරණය විසින් ඇය නිදහස් කල අතර මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් පලවුනේ නැහැ. 

ඇය ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ය. නාගයා හා ඇය අතර සම්බන්ධය හෙළිදරව් වන ඇය හා පැවති සාකච්ජාවක් පහතින්.

ඩිලානිගේ ගම් පළාත කොහෙද?
පිළිමතලාවේ දන්තුරේ. පාසල් ගියේ දන්තුරේ ජාත්‍යන්තර පාසලකට

ගමේ හිටපු කෙල්ලෙක් සමාජ ශාලා ජිවිතයකට පුරුදු වුනේ කොහොමද ?

රට කැළඹූ කලාවැව ඡායාරූපයේ හිමිකරු කියන කතාව




ලොව පුරා විවිධ අභ්‍යවකාශ වස්‌තූන් හා යානාවන් පිළිබඳ නව සොයාගැනීම් ඉදිරිපත් කරන මොහොතක, එවැනි යානා පැමිණ ගිය හැටි තොරතුරු කියවන මොහොතක "දිවයින" පුවත්පත ද එවැනි අද්භූත වස්‌තුවක ඡායාරූපයක්‌ පසුගිය දිනක පුවත්පතේ පළ කළේය. ඒ වස්‌තුව පිළිබඳ ඊට පෙර කිසිදු අයුරකින් මාධ්‍යයෙන් හෙළිදරව් කර නොතිබිණි. ලොවක්‌ විශ්මයට පත් කළ කලා වැව් පිටියේදී කැමරා කාචයකට හසු වුණු ඒ අද්භූත වස්‌තුව කුමක්‌ද? රාවණාගේ දඬුමොණරයද? පිටසක්‌වලින් පැමිණි යානාවක්‌ද? නැති නම් මේ කිසිවක්‌ම නොවේද? තවමත් ප්‍රශ්නාර්ථයකි. මේ වන විටත් මෙරට පමණක්‌ නොව දේශ දේශාන්තරවල විවිධ තරාතිරම්වල අය ද මේ වස්‌තුව පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටියි. එහි සත්‍ය අසත්‍යතාව කවරක්‌ වුවද යම් අදිසි බලවේගයක්‌ විශ්වය පුරා විහිදී ඇති බවට විශ්වාස කළ හැකි තත්ත්වයේ තොරතුරු ද නිරන්තරයෙන්ම ලැබෙමින් තිබේ. එහෙයින්ම කලා වැව ඉස්‌මත්තේ සටහන් වූ ඒ අද්භූත වස්‌තුවේ අලුත්ම තතු විමසීමට පසුගිය දිනක අපි ඒ ඡායාරූපයේ හිමිකරු සොයා ගියෙමු.


Share this article with your friends