Saturday, September 8, 2012
ජන්ද විමසීම හමාරයි. තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ වේ
සබරගමුව , උතුරුමැද, සහ නැගෙනහිර පළාත් සභාවලට අදාළ ජන්ද විමසීම (08) පස්වරු 4.00ට අවසන් විය .මැතිවරණ මහ ලේකම් කාර්යාලය පැවසුවේ අනුරාධපුර සහ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කවල ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 50 ක් වු බවත් සෙසු බොහෝ දිස්ත්‍රික්කවල සියයට 50 සීමාව ඉක්මවා ඡන්දය ප්‍රකාශ කර නොමැති බවත්ය . ඒ අනුව පස්වරු 3 .00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 40ක් පමණ වූ බවත් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජන්දය භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සියයට 30 වූ බවත් මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
මහනුවර බාලිකාවේ හතේ පන්තියක් ළඟදී ‘භූතයා බන්ධනය’ වෙයි
රැජින නියෝජිත සුරංජිත් ගුණසේකර 2001 වසරේ මාර්තු 26 සඳුදා පෙරවරුවේ ‘ලේ හලන භූතයකු’ ඇතැයි මහත් ආන්දෝලනයකට ලක් වූ මහනුවර බාලිකා පාසලට පිවිසෙන විට උදෑසන පාසල ආරම්භ වී මඳ වේලාවක් ගතවී තිබිණ. බාහිර වශයෙන් කිසිදු විශේෂත්වයක් පළ නොවුවද මෙම භූත සංසිද්ධිය මත පාසලේ ගුරු සිසු ප්‍රජාව තුළ පැවැති ප්‍රකම්පනීය බව නිසා දෝ හාත්පස දැඩි නිහැඩියාවක ගිලී ඇති අයුරක් අප නියෝජිතයාට වටහා ගත හැකි විය. මෙවන් පසුබිමක් යටතේ පාසලට පැමිණ පිටස්තරයන් කෙරෙහි එහි ගුරු ශිෂ්‍ය ප්‍රජාව අතිශය සංවේදී වීම ඉතා සාධාරණ ය. එහෙත් සුරංජිත් සමඟ එහි ගිය දේශකයා එම පාසලට එතරම් ආගන්තුකයකු නොවූ නිසාදෝ ඔවුන්ගේ එම පැමිණීම කිසිවකුගේ විශේෂ අවධානයට ලක් වූ බවක් නොපෙනිණ.
බිල් ක්ලින්ටන් බරක් ඔබාමාගේ රැළිය අමතයි
ඇමෙරිකාවේ නෝර්ත් කැරොලිනා ප්‍රාන්තයේ “චාලට්” නුවර පැවැති ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයේදී මිනිත්තු පනහක් පුරා රැස්ව සිටින්නන් අමතා කළ හිටපු ජනපති බිල් ක්ලින්ටන්, දෙවන වරටත් ජනාධිපති ධුරය හෙබවීම සඳහා වත්මන් ජනපති බරක් ඔබාමා සුදුසු බැව් ප්‍රකාශ කර ඇති බව පැවසේ. එහිදී ඔබාමාගේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය දක්වමින් කරුණු ඉදිරිපත් කළ බිල් ක්ලින්ටන් රිපබ්ලිකන් පක්ෂ ආර්ථික සැලසුම් විවේචනයට ලක්කිරීමටද නොපසුබට වී තිබේ.
කුඩා ළමුන්ට නුසුදුසු ඇස්ට්‍රා මාගරින් තවමත් වෙළඳපොලේ
මෙරට ප්‍රසිද්ධ බහුජාතික සමාගමක් විසින් ආනයනය කරනු ලබන ඇස්ට්‍රා මාගරින් තුල වයස අවරුදු තුනට අඩු කුඩා ළමුන්ට නුසුදුසු විස රාසයනික ද්‍රව්‍යයක් ඇතුලත් වී ඇති බව සනාත වී තිබියදීත් "ළදරුවන් හා වයස අවුරුදු 3 ට අඩු දරුවන් සඳහා සුදුසු නොවේ" ලෙස සඳහන් නොකර තවමත් වෙළඳපොලේ අලෙවි කිරීම සඳහා ඇස්ට්‍රා මාගරින් තබා තිබේ.ඇස්ට්‍රා මාගරින් තුල විස රසායනිකයක් ඇතුලත් බව අනුරාධපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් සනාථ කර තිබියදීත් සෞඛ්‍ය සේවා හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා එම මාගරින් මාස තුනක් යන තෙක් අලෙවි කිරීමට ලබාදුන් අවසරය හේතුවෙන් මෙසේ සිදුවී ඇත.
රටතුල ඩිසල්, භූමිතෙල්, දැවිතෙල් හිඟයක්?

Friday, September 7, 2012
එකෙක් වීදුරු ගලක් ගිලිද්දී අනෙක් චීනා දියමන්තිය අරන් මාරු වෙලා
කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ මේ දිනවල පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රදර්ශනයේ ආරම්භක දිනයේදී දියමන්තියක් ගිලින ලද චීන ජාතිකයාගෙන් මේ වනවිටත් එම ගල එලියට ගැනීමට නොහැකි වී තිබෙනවා.ඔහු විසින් ගිල දමා තිබෙන්නේ ඔහු විසින්ම රැගෙන ආ වීදුරු ගලක් වන අතර ඔහු සමඟ පැමිණි අනෙක් චීන ජාතිකයා සැබෑ දියමන්තිය රැගෙන පලා ගොස් තිබෙනවා.
සුමින්ද සිරිසේනගේ විදෙස් ප්‍රතිකාර සඳහා දේශපාලනය හරස් වෙයිද?
සිය පාසල් සමයේ සිට රංගනයට එක්‌වී වේදිකා නාට්‍ය 100 කට, ටෙලි නාට්‍ය 200 කට හා චිත්‍රපට 20 කට ආසන්න කලා නිර්මාණවලට සම්මානනීය නළු රංගධර සුමින්ද සිරිසේන දායකවී ඇත.මුළුමහත් රටක් දේශයක් සැනසූ මෙම කලාකරුවා බරපතළ ලෙස රෝගී වීමෙන් පසුව මේවන විට මඳ සුවයකින් පසු කොස්‌ගම සිය සොයුරාගේ නිවසේ ප්‍රතිකාර ගනිමින් පසුවෙයි.
අසභ්‍ය වීඩියෝවක් නිසා ස්පාඥ්ඤයේ මංත්‍රීවරියක් ඉල්ලා අස්වෙයි
මීට පෙර අප විසින් ලිපියකින් ගෙන ආවේ වීඩියෝවක් නිසා කොස්ටා රිකා හි සංස්කෘතික ඇමතිවරියට ඉවත්වන්නැයි බලපෑම් එල්ලවූ පුවතකුයි. මීට සමාන පුවතක් මේ දිනවල ස්පාඥ්ඤයෙන් වාර්තා වෙනවා.ස්පාඥ්ඤයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක් වන ඔල්විඩෝ හෝමිගෝස් පෙරේදා සිය මංත්‍රීධූරයෙන් ඉවත් වුණා. ඒ ඇයගේ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීම නිසයි.
Subscribe to:
Posts (Atom)