Chitika Smowtion 468x60


Saturday, September 15, 2012

ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී




අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.

කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.

ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි යන ලිපිය මීට මාස 2කට පෙර අප අවසන් කලේ "ලංකාවේ පවතින දේශපාලනයේ සැබෑ ස්වරුපය මින් හෙළිවී ඇති අතර හෙට දිනයේ සාරුව සුනිල් නැවත දේශපාලනයට පැමිණියහොත් අප පුදුමයට පත්විය යුතු නැත." යනුවෙනි. එය අද සැබෑවී ඇත.

Friday, September 14, 2012

රන් මාලයක් සොයා කැබිලිත්තේ අලි වසුරු අවුස්‌සයි



z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගියදා යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙන බවත් බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවීම නිසා කෑමොර දෙමින් දිවගිය පුවතකුත් මීට පෙර අප ගෙන ආවා.

මෑතක සිට කැබලිත්ත දේවාලයට යන බොහෝ දෙනා මෙම අලියා විසින් පන්නා දමන බව වාර්තා වෙනවා.

මේ අතර මේ දිනවල කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස්‌ අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්‌සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිනවා.

ධාතු වන්දනා කරද්දී මාලක අල්ලන බැහැ - කෙහෙළිය



ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ර මාලක සිල්වා කැළණියේ ධාතු වන්දනයටත් පැමිණ සිටි නමුත් ඔහු අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මධ්‍යවේදීන් අසා සිටියා.

එවිට එම ප්‍රශ්ණය විහිළුවකට ගෙන උපහාසයෙන් මෙන් සිනාසුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ,

"ඕකට ඉතින් තැනත් බලපානවනේ. ධාතු වන්දනය කරද්දී අල්ලන එක ධාතූන් වහන්සේටත් කරන අගෞරවයක්නේ" යනුවෙනි.

මේ අතර බොදු බල සේනා සංවිධානයද පොලීසිය විසින් රඟදක්වන මෙම නාටකය පිළිබඳ අදහස් දක්වා තිබුණා.

Wednesday, September 12, 2012

ලාංකීය තරුණිය අවසන් වටයට තේරුනු ඉතාලි රූ රැජින තරඟයේ ජය ආජන්ටිනාවට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ රූ රැජින තරඟයක අවසන් වටයේ 6 දෙනා අතරට ලංකාව නියෝජනය කළ නයෝමි ඇඳුබදුගේ තේරී ඇති පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එහි අවසන් තරඟය පසුගිය 9 වනදා පැවති අතර එහි රූ රැජින ලෙස කිරුළ පළඳා ඇත්තේ ආජන්ටිනාව නියෝජනය කළ Aylen Nail Maranges ය.

එම අවසන් තරඟයේ වීඩියෝව හා තරඟාවලියේ විවිධ අවස්ථාවල ගන්නා ලද ජායාරූප එකතුවක් පහතින්.







අවසන් තරඟයේ වීඩියෝව පහතින්.

ලංකාවේ පළමු DTS 5.1 mixing ශබ්ධාගාරය විවෘත කරයි

මේරියන්ස් සංගීත කණ්ඩායම විසින් පසුගිය සෙනසුරාදා ඔවුන්ගේ නව සංගීත ශබ්ධාගාරය විවෘත කළා.

මීගමුවේ පිහිටා තිබෙන මෙය ලංකාවේ තිබෙන පළමු DTS 5.1 mixing Studio එක වන අතර චිත්‍රපට හෝ ගීත සඳහා 5.1 surround අඩංගු කිරීම මෙහිදී කළ හැකිය.



Photography by Jayasanka Fernando & 'Zion' Sarith Senadheera

මෙම ශබ්ධාගාරයේ ඇති පහසුකම් නම්,

කෞතුකාගාරයේ හොරුන්ට මොකද වුනේ?



කෞතුකාගාරයේ හොරුන්ට ඇල්ලුවා ඇල්ලුවා කියමින් පසුගිය කාලයේ පොලීසිය මහත් ප්‍රචාරයක් ගෙන ගියද මේ වනතුරුත් ඇල්ලු හොරෙක් නැත. එහි ප්‍රධාන මොලකරු වාෂපවී ඇති සෙයකි.

එම සොරකම පසුගිය කාලයේ කොටින්ගේ ගිණුමට බැර කලද ප්‍රභාකරන් මියගොස් ඇති නිසාත් කරුණා අම්මන් හා කේපී රජගෙදට දංකුඩ කමින් සිටින නිසාත් එල්.ටී.ටී.ඊ සැකකරුවෙක් අල්ලාගැනීමටද පොලිසියට හැකිවී නැත.

පලාත් සභා මැතිවරණයත්, සර්වඥ ධාතු පෙන්වීමත් සමඟ රටේ ජනතාවටද කෞතුකාගාරයක් තිබූ බවක්ද මතක නැත. මෙම කෞතුකාගාරයේ සොරකම නැවතත් මතක් කරදෙන ලිපියක් පසුගියදා දිවයින පුවත්පතේ පලවී තිබුණා. මේ එම ලිපියයි.

කෞතුකාගාර කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස්‌ ආ ගිය අතක්‌ නැත. ඔහු අතුරුදහන් වන්නේ සලකුණකුදු නොතබාය. හරියටම වාෂ්ප වූවා සේය. ඔහු ගැන තොරතුරකට ලක්‌ෂ පහක තෑග්ගක්‌ සූදානම්ය. පොලිසිය මගින් ඔහුගේ ඡායාරූපද පලකර තිබේ. එත් මේ මොහොත වනවිටත් ඒ තැනැත්තා පිළිබඳව ආරංචි මාත්‍රයක්‌ නොවේ.


Tuesday, September 11, 2012

මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි


සුදර්මන් II කොටස රඟ දැක්වේ - මාරක සිල්වා තවමත් නිදැල්ලේ

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.

නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.

සියැට් ශ්‍රීලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2012 සියැට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

එහිදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මානය, ටෙස්ට් පිතිකරු සම්මානය හා වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය හිටපු නායක කුමාර් සංගක්කාරට හිමිවූ අතර වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන ද වසරේ දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ද සම්මාන දිනා ගත්තේය.

රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවනවා සම්මානය හිමිකර ගත් අතර එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකර ගනු ලැබීය. වසරේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමිවිය. වසරේ හොදම ක‍්‍රීඩා සමාජය ලෙස නාවුක හමුදාව සම්මාන දිනා ගත්තේය.

එම සම්මාන රාත්‍රියේ ජයාරූප එකතුවක් පහතින් බලන්න







Share this article with your friends