Chitika Smowtion 468x60


Sunday, September 16, 2012

ගලේබණ්ඩාර දෙවියන්ගේ සොහොනත් හාරයි

සත්කෝරලයට අධිපති බවට විශ්වාස කෙරෙන ගලේබණ්‌ඩාර දෙවියන් හෙවත් කුරුණෑගල රජ කළ වත්හිමි කුමරුන්ගේ සොහොන ලෙස සැළකෙන කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරය ආසන්නයේම පිහිටි ඉපැරණි ස්ථානයක් නිධන් හොරුන් විසින් පසුගියදා හාරා තිබෙනවා.

ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්‍රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්‍රදේශය රක්ෂිත වනයකි.



වැඩිහිටියන්ට පමණක්වූ නිර්මාණ ඇර ඕන දෙයක් - අනර්කලී


පසුගියදා පැවති දෙරණ ලක්ස් සිනමා සම්මාන උළලේ ජනප්‍රිය නළුවා හා නිළිය වුයේ රන්ජන් හා අනර්කලිය.නමුත් ඉටිමල් නාට්‍යය රුගත කරන අතරතුර සිදුවූ සිදුවිඅම්ක් හේතුවෙන් අනර්කලී හා රන්ජන් විරසක වී ඇති බව පසුගියදා අප වාර්තා කල අතර නාට්‍යයෙන් ඉවත්වීමට ගියත් පසුව නැවත එම නාට්‍යයේ රඟපෑමට ඇය එකඟ වී තිබුණි.

ඉටි මල් නාට්‍යය අතරතුරදී සිදුවීම සැබෑවක් බවත් නමුත් ඉදිරියේදී රංගනයට දායක වන බවත් ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙසේය.

"ඉටිමල්" දර්ශන තලයේදී රන්ජන් රාමනායක සමඟ ඔබ කිසියම් කතාබහක් ඇතිවුණු බව වෙබ් අඩවි කීපයකම පළවුණා. එය සත්‍යයක් ද? ඇත්තටම මොකද වුණේ...?

පියුමි විවාහ ගිවිසගනී


ජනපි‍්‍රය මෝස්තර නිරූපිකාවක් හා නිවේදිකාවක් වන පියුමි ඉමල්කා ලීනියගල පසුගියදා විවාහ ගිවිසගනු ලැබිය. සැප්තැම්බර් මස පළමුවනදා ගල්කිස්ස හෝටලයේදී පියුමි විවාහ ගිවිසගෙන ගත්තේ ගිහාන් නම් අයෙකු සමගය.

ස්වර්ණවාහිනියේ "ලිය සෙවන" වැඩසටහන ඉදිරිපත් කිරීම මගින් පියුමි ජනප්‍රියත්වයට පත්විය. පියුමිගේ විවාහ ගිවිසගැනීමේ ජායාරුප එකතුවක් පහතින් බලන්න.




මර්වින් සිය පුතු මාලක සිල්වා අඟහරු ලොවට පිටත් කරයි !


මේක යාලුවෝ අතර වුන ගැටුමක්- මර්වින් සිල්වා.

කලිනුත් ගහලා තියන නිසා සූක්ෂම ආකාරයෙන් හැංගිලා- පොලීසිය


අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

මෙම සිදුවීමෙන් පසුව දින හයක් ගෙවී ගොස් ඇතත් මාලක් සිල්වා ගේ රියදුරා විසින් ගිනි අවි පොලිසියට ගෙනත් බාර දුන් මොහාතේ වත් නිතිය ක්‍රියාත්මක වී නැහැ.

මේ පිළිබඳව මෙතෙක් කල් නිහඬව සිටි මාලක සිල්වාගේ පියා වන මර්වින් සිල්වා අමාත්‍යවරයා ඊයේ දිනයේ පැවැත්වූ මාධ්‍යය හමුවකදී මෙම සිදුවිම පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.


අංකුර සහිත අර්තාපල් කෑවොත් ස්නායු ආබාධ

කොළ පැහැති-තැලී පොඩි වූ- පැළවුණු අර්තාපල් කෑවොත් ස්නායු රෝග අවදානමක්කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී. 

අර්තාපල් ආහාරයට ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කලයුතු බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පවසනවා.

අංකුර සහිත අර්තාපල්, කොළ වර්ණයෙන් යුත් අර්තාපල් හා තැලී පොඩි වූ අර්තාපල් ආහාරයට ගැනීම මගින් එහි අඩංගු ලයිකෝ ඇලෝකෝ ලයිම් නම් අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරගතවීමේ අවදානමක් ඇතිවන බවයි ඔහු පවසන්නේ.



Saturday, September 15, 2012

ස්ත්‍රී දූෂක සාරුවා නැවත සභාපති තනතුරේ වැඩ බාරගනී




අවුරුදු 14 ක පාසල් සිසුවියක් දූෂණය කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ, ඇප සභාපති සාරුවා ලියනගේ සුනිල් නැමැත්තා ඊයේ නැවත ප්‍රාදේශීය සභාවට පැමිණ වැඩ භාරගන තිබෙනවා.

කාන්තාවන් 200 දෙනෙකු සමඟ ලිංගිකව එක්වීම නිසා පාටිදැමූ ඔහු දින 62ක් බන්ධනාගාර ගත සිටි අතර නිදහස් වුනේ මීට දින කිහිපයකට පෙරයි.

ස්ත්‍රී දූෂක සුනිල්ගේ සහයට පිරිස් රොක් වෙයි යන ලිපිය මීට මාස 2කට පෙර අප අවසන් කලේ "ලංකාවේ පවතින දේශපාලනයේ සැබෑ ස්වරුපය මින් හෙළිවී ඇති අතර හෙට දිනයේ සාරුව සුනිල් නැවත දේශපාලනයට පැමිණියහොත් අප පුදුමයට පත්විය යුතු නැත." යනුවෙනි. එය අද සැබෑවී ඇත.

Friday, September 14, 2012

රන් මාලයක් සොයා කැබිලිත්තේ අලි වසුරු අවුස්‌සයි



z ස්කෝර් අර්බුධය චෝදනා ලැබ සිටින ඇමතිවරයෙකුගේ බිරිඳක් පසුගියදා යාල කලාප තුන හරහා පූජාවක් පැවැත්වීමට කැබලිත්ත දේවාලයට ගොස් තිබෙන බවත් බෝධිපූජාවක් පැවැත්වීම සඳහා පේ වී සිටින විට ඝන කැලට තුළින් හදිසියේම වන අලියෙක් මතුවීම නිසා කෑමොර දෙමින් දිවගිය පුවතකුත් මීට පෙර අප ගෙන ආවා.

මෑතක සිට කැබලිත්ත දේවාලයට යන බොහෝ දෙනා මෙම අලියා විසින් පන්නා දමන බව වාර්තා වෙනවා.

මේ අතර මේ දිනවල කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස්‌ අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්‌සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිනවා.

ධාතු වන්දනා කරද්දී මාලක අල්ලන බැහැ - කෙහෙළිය



ඊයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදී අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත්‍ර මාලක සිල්වා කැළණියේ ධාතු වන්දනයටත් පැමිණ සිටි නමුත් ඔහු අත් අඩංගුවට නොගත්තේ ඇයිදැයි මධ්‍යවේදීන් අසා සිටියා.

එවිට එම ප්‍රශ්ණය විහිළුවකට ගෙන උපහාසයෙන් මෙන් සිනාසුන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ,

"ඕකට ඉතින් තැනත් බලපානවනේ. ධාතු වන්දනය කරද්දී අල්ලන එක ධාතූන් වහන්සේටත් කරන අගෞරවයක්නේ" යනුවෙනි.

මේ අතර බොදු බල සේනා සංවිධානයද පොලීසිය විසින් රඟදක්වන මෙම නාටකය පිළිබඳ අදහස් දක්වා තිබුණා.

Share this article with your friends