සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි.
ඒ 58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසයි.
එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂෙප කළා.
එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.
ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල ඇමති චම්පික රණවක මහතා විසින් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව ගැන සඳහන් කළා.
ඒ අනුව 2011 හා 2012 වර්ෂ වලදී විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙසේය.
2011 වසරේ පාඩුව මිලියන 19,200
2012 වසරේ පාඩුව මිලියන 30,900
ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස අඩාලව තිබිම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයේ දෛනික සිදුවන පාඩුව රුපියල් මිලියන 130 සිට මිලියන 200 දක්‌වා වැඩි වී තිබෙනවා.
ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.
නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.
අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.
එම ජායාරූප පහතින්.
හික්කඩුව ගෝණපීනුවල ප්‍රදේශයේදී නිවසකට පසුගියදා ඇතුළුවූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි හැට හය හැවිරිදි පින්ලන්ත ජාතික කාන්තාවක් ඇඳ මත බැඳ දමා දූෂණය කර තිබෙනවා.
ඇය හික්‌කඩුව බේරතුඩුව ප්‍රදේශයේ අක්‌කර පහක ඉඩමක් මිලටගෙන නිවසක් තනා පදිංචිව සිට ඇති අතර දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතු යූරෝ හාරදහසක්, රුපියල් ලක්ෂ දෙකක් ඇතුළුව ඇයගේ ජංගම දුරකථනය හා විදෙස් ගමන් බලපත්‍රයද කොල්ලකා ඔවුන් පලාගොස් තිබෙනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ මංත්‍රීවරයෙකුගේ ප්‍රකාශයක් නිසා මර්වින් සිල්වාට අසූ හාරදාහට තදවී තිබුණා.
එම මංත්‍රීවරයා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් විමසීමක් කළේ "දිවුරුම් පෙත්සමක් මඟින් අපරාධය අහෝසි කරගැනීමට පුළුවන්දැයි" යන්නයි.
අසන ප්‍රශ්නයට අවඥාවෙන් සිනාසී ගොබ්බ පිළිතුරක් දී විකටයෙකු මෙන් හැමදාම ලිස්සා යන කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයද සුපුරුදු පරිදි අවඥාවෙන් සිනාසී මඟ හැර ගියා.
අනතුරුව මංත්‍රීවරයා කතාව කරගන ගියේ මෙලෙසින්.
සරසවි වසා තිබියදී රුහුණු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හබරාදුව ප්‍රදේශයේ දුෂ්කර රෝහලක් ප්‍රතිසංස්කරණය කර ඇති බව අප වෙත වාර්තා වේ.
පහතින් දැක්වෙන්නේ ඔවුන් අප වෙත එවා තිබූ සටහනයි.
වර්තමානයේ සිට අනාගතය දක්වා දිවෙන්නා වූ පාලමක් වේ නම් එම පාලමේ අත්තිවාරම සැකසෙන්නේ විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය හදාරන සුවහසක් විද්‍යාර්ථීන්ගේ දෑතෙනි.
මෙය අතිශෝක්තියක් නොවන්නේ එයට සාක්ෂි ඕනෑ තරම් මෙරට විශ්වවිද්‍යාල ආරම්භ වූ දා සිට අද දක්වා ඇත. නමුත් වර්තමානයේ විශ්වවිද්‍යාල සිසුන්ට සමාජය විසින් ලබා දෙන අර්ථකථනය කුමක් ද ? මෙය සලකා බැලීම වටී.
චීනයෙන් බස් රථ 3,000ක් ගැනීමට ලංගම සූදානම් වෙනවා. මෙම ගණුදෙනුවත් සමඟ කලබලයට පත්වී සිටින්නේ පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයයි.
ඔවුන් පවසන්නේ අලුතින් බස් රථ 3000 ක් ධාවනයේ යොදවන්නේ නම් ඊට විරුද්ධව දින 14 ක් තුළ දීපව්‍යාප්ත එක්‌දින සංකේත වැඩවර්ජනයක් කරන බවයි.
ලංගම සතුව මේ වනවිට බස් රථ 5,000ක් පමණ ඇති අතර ඒවායින් 3,500ක් පමණ වසර 15ක් පමණ පැරණි බවත්, චීනයේ තාක්ෂණය දියුණු බවත් පසුගියදා අමාත්‍ය වෙල්ගම මහතා පවසා තිබුණා.
සිනමා නළු අර්ජුන කමලනාත් විසින් පසුගිය සැප්තැම්බර් 1 වන දින සංවිධානය කරන ලද "ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" නමැති ප්‍රසංගය ඔස්සේ මුල්‍යමය වංචාවක් සිදුකොට ඇත.
අදාළ ප්‍රසංගය පැවැත්වීමට ප්‍රධාන අනුග්‍රහය ලබා දුන් "ලංකා ෆේසස් " ආයතනය විසින් ප්‍රසංගය පැවැත්වීමට ලබා දුන් අති විශාල මුදලක් මෙසේ අර්ජුන කමලනාත් විසින් වංචනිකව ලබාගෙන ඇත.
"ලංකා ෆේසස් ස්පෙෂල් නයිට්" ප්‍රසංගය පසුගිය පලවනදා නෙලුම් පොකුණ රඟහලේ පැවැත්වුන අතර අර්ජුන කමලනාත් විසින් එම ආයතනයෙන් ලක්ෂ 20 ක මුදලක් වංචා සහගතව ලබාගෙන ඉතා සොච්චම් මුදලක් එහි රඟපෑ රංගන ශිල්පීන් ට ගෙවා ඉතිරිය ඔහු විසින් ලබාගෙන ඇත.