Chitika Smowtion 468x60


Saturday, September 22, 2012

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිරිමත් කිරීමට ඉදිරිපත්වුන ගයේෂා !







වැන්දඹුවක් කෙලෙසුවාට රුවන්වැල්ලේ සෝභිත රිමාන්ඩ් !


රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා සිදුකල නොයෙකුත් දුෂණ හෙළි වීමත් සමග සෝභිත වෙද මැදුර ප්‍රදේශවාසින් විසින් වැටලු අතර "අංකොක්කාවල සුනිල්" එම ප්‍රදේශයෙන් පැන ගියේ සිය සියලු වත්කම්ද ඇත හැර දමමිනි.

නමුත් පසුව ඔහු නීතිඥයෙකු මගින් දන්වා සිටියේ චිවරය හැරීමට තමා එකඟ බවයි. ඒ අනුව "රුවන්වැල්ලේ සෝභිත" චිවරය අතහැර "සුනිල් ශාන්ත" ලෙස පෙනී සිටිය අතර ඔහු නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා සුපුරුදු ස්ථානයේම කළේය.

එයට සුපුරුදු පරිදි මාධ්‍යය අනුග්‍රහය ලබාදීමට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ "ස්වර්ණවාහිනී"  මාධ්‍යය ආයතනයයි.


කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ - මර්වින්


උසස් පන්තියේ උදවිය වැරදි කරනවා !
කොල්ලෝ උනාම හිර ගෙදර යන්න ඕනේ !

ඇතැම් පුද්ගලයන් රාත්‍රී සමාජශාලා වලට යාම ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබුනේ මෙවැන්නක්

"ඉස්සර රජවරුන්ට අන්තඃපුර තිබුණා. අන්තඃපුර වල කාන්තාවන් හත් අටසීය දහස් ගනන් හිටපු අවස්ථාවන් අපි ඉතිහාසයේ අහලා තියනවා.

වර්තමාන සමාජය ගත්තහම තමන්ගේ මානසික වින්දනයට කියලා සමහර අය රාත්‍රී සමාජ ශාලාවලට යනවා.
"

තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් යෝෂිතටත් සම්මානයක්


සමාජීය, ආර්ථික, දේශපාලනික, සුබසාධන, ශාස්ත්‍රීය, ක්‍රීඩා ඇතුළු ක්‍ෂේත‍්‍ර දහයක් තුළ තරුණ පරපුර සිදු කර ඇති සේවාව අගයමින් ජේසීඅයි ශ්‍රී ලංකා ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන විශිෂ්ට තරුණ සම්මාන ප්‍රදානෝත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පෙරේදා පැවැත්වුණා.

32 වැනි වරට සංවිධාන කළ ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙලේදී ලබාදුන් සම්මාන 10න් එකක් යෝෂිත රාජපක්ෂටද හිමිවුණා

යෝෂිත රාජපක්ෂ මහතාට සම්මානය හිමිවුනේ "පුද්ගල නිපුනත්වය" (Personal Accomplishment) සඳහාය. කලාව වෙනුවෙත් සම්මානය හිමිවුනේ ගායිකාවක වන අශාන්ති ද අල්විස්ටයි.

යෝෂිත රාජපක්ෂ, ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතින් තමන්ට හිමි සම්මානය ලබා ගත්තේ මෙසේය.

විස්සයි විස්සේ ලෝකල් වැඩ


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පසුගිය 18 වනදා හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය.

2007 වසරේ දකුණු අප්‍රිකාවේද , 2009 වසරේ එංගලන්තයේ හා 2010 වසරේ කොදෙව් දූපත් වල පැවැත්වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මෙවර සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවයි.

අන්තර්ජාතික ක්‍රීඩා උත්සවයක් වන මෙහි සිදුවූ "ලෝකල්" වැඩ කිහිපයක් පිලිබඳ මේ දිනවල කතාබහට ලක්ව තිබෙනවා. මෙහි වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ලංකාවේ චියර් ලිඩර්ස් ලාය.

Friday, September 21, 2012

"ආචාර්ය" නිසා මර්වින්ට ඩිනර් නැතිවෙයි

සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි.

ඒ 58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසයි.

එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂෙප කළා.

එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.



2012 වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව මිලියන 30,900 යි - චම්පික


ඊයේ පාර්ලිමේන්තුවේදී විදුලි බල ඇමති චම්පික රණවක මහතා විසින් විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව ගැන සඳහන් කළා.

ඒ අනුව 2011 හා 2012 වර්ෂ වලදී විදුලිබල මණ්ඩලය ලැබූ පාඩුව මෙසේය.

2011 වසරේ පාඩුව මිලියන 19,200
2012 වසරේ පාඩුව මිලියන 30,900

ජල විදුලි නිෂ්පාදනය විශාල ලෙස අඩාලව තිබිම නිසා තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට යැමෙන් ලංකා විදුලිබල මණ්‌ඩලයේ දෛනික සිදුවන පාඩුව රුපියල් මිලියන 130 සිට මිලියන 200 දක්‌වා වැඩි වී තිබෙනවා.

ඓශ්වර්යාගේ දියණියගේ මුහුණ පළමුවරට කැමරාවට හසුකරගනී

ඓශ්වර්යා රායි හා අභිෂේක් බච්චන්ගේ දියණිය වන අරාධ්‍යාට මේ වනවිට මාස 10ක්. නමුත් මේවන විටත් ඔවුන් තම දියණියගේ මුහුණ මාධ්‍යයෙන් සඟවා තිබුනේ.

නමුත් ඊයේ ඇමරිකාවේ චිකාගෝ වෙත යාමට ගුවන්තොටුපලට පැමිණි ඓශ්වර්යා හා අරධ්‍යා කැමරාවට හසුකරගැනීමට මාධ්‍යවේදීන්ට හැකිවුණා.

අභිෂේක් බච්චන් රඟපාන ඩූම්-3 චිත්‍රපටයේ රූගතකිරීම් මේ දිනවල සිදුවන්නේ චිකාහෝ නගරයේ නිසා අභිෂෙක් බැලීමටයි අයිශ්වර්යා චිකාගෝ යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙන්නේ.

එම ජායාරූප පහතින්.

Share this article with your friends