පසුගියදා ඕස්ට්‍රේලියාවේ අමුතුම ආකාරයේ ටොනේඩෝවක් දක්නට ලැබී තිබෙනවා. ඒ අඩි 100ක් පමණ උසට ගිණි දැල් අහසට ඇදී යන අයුරුයි.විනාඩි 40ක් පමණ දර්ශනය වූ මෙම ගිණි ටොනේඩෝව වීඩියෝ කර තිබෙන්නේ එම ප්‍රදේශයට ගොස් තිබූ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු විසිනි.
ඔහු එම ප්‍රදේශයට ගොස් තිබෙන්නේ ඔහුගේ නවතම චිත්‍රපටයට සුදුසු දර්ශන පසු තල සෙවීම පිණිසය.
ඔවුන් සිටි ස්ථානයට මීටර් 300ක් පමණ දුරින් මීටර් 30ක් පමණ උසට ජෙට් යානයක් ගමන් කරන විට නඟන හඬට සමාන හඬක් නඟමින් මෙම ගින්දර ටොනේඩෝව ක්ෂණිකව ඇතිවී තිබෙනවා.



