Chitika Smowtion 468x60


Saturday, October 6, 2012

අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයාට ළමා කවියත් අමතක වෙයි

අධ්‍යාපන නියෝජ්‍ය ඇමති විජිත් විජිතමුණි සොයිසා විසින් මීට පෙර වේදිකාවකදී ප්‍රකාශ කලේ "ජේසුස් වහන්සේට ඇණ ගැහුවේ අරාබි ජාතිකයන්" බවයි.

එම ප්‍රකාශ සිදු කොට වැඩි දවසක් යාමට මත්තෙන් එතුමාට නැවතත් වැරදී තිබුණා. ඒ අලියා නොකන දැල්ල, එළුවා නොකන දැල්ල ලෙස තේරවිල්ලක් වැරදියට හදුන්වා දීමෙනුයි.

මේ අතර පසුගියදා මෙම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා විසින් වෙල්ලස්ස ජාතික පාසැලේ පවති උත්සවයකදී ට්බෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ ළමා කවියක් කියන්නට ගොස් පද දෙකක් අමතක වී දරුවන්ගේ හාස්‍යයට ලක් වී තිබුණා.

බණ්ඩාරිගොඩගේ වම්බටු මාලෙට අනර්කලීට යකා නගී


වම්බොටු මාලය සභාවේ ආරක්ෂාවට තර්ජනයක් - අනර්කලී

දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභා විපක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා වම්බොටු වලින් සදු මාලයක් දමාගෙන සභාගර්භයට පැමිණීමත් සමග සභාවේ උණුසුම් තත්වයක් ඇතිවී ඇත.

බණ්ඩාරිගොඩ මහතා වම්බොටු මාලය පැළඳ සභාවට පිවිස ඇත්තේ "කිලෝවක් අසුවයි" කියමිනි.

ශ්‍රී ලංකා පකිස්තාන අවසාන පුර්ව තරඟයේ නොකී කතා

පසුගියදා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පැවැත්වුණු 20/20 අවසාන පුර්ව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබාගන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා‍ ලදි.

ක්‍රිකට් තරඟය නැරඹීමට බොහෝ දෙනා එක් රොක්වී සිටි අතර ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමඟ එහි සතුට විඳ දරාගැනීමට නොහැකිව එක් අයෙකු මියගොස් තිබුණා.

කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ පුස්තකාලයේ මුරකරු ලෙස සේවය කළ ඔහු වයස අවුරුදු 21ක් වූ අතර මියයාමට හේතුව එය බවට සැක කළත් නිශ්චිතවම මරණයට හේතුව සතුට විඳ දරාගත නොහැකිවීමද යන්න සොයාගන නැහැ.


එම වීඩියෝව පහතින්.

4G දෙන්න මොබිටෙල් රට පුරා කුළුණු 1400 ක් ඉදි කරයි

ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය ZTC Corporation හා Huawei Technologies ආයතන සමඟ ව්‍යාපාර සහයෝගිතාවකට පසුගියදා එළඹුනා

මෙම ගිවිසුමට අනුව එම ආයතන විසින් මොබිටෙල් ආයතනය වෙනුවෙන් 2G/3G සහ 4G LTE (Long Term Evolution) සම්ප්‍රේෂන මධ්‍යස්ථාන 1,400ක් ඉදිකෙරෙනු ඇත.

මෙසේ අමතරව එක්කෙරෙන සම්ප්‍රේෂන මධ්‍යස්ථානයන් තුළින් දකුණු ආසියාවේ ප්‍රථම 4G (FDD- LTE) තාක්ෂණ මත පදනම් වූ ජංගම දුරකථන ආවරණ ජාලය බවට මොබිටෙල් පත්වනු ඇති.



කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය

නවතම නර්තන සම්ප්‍රදායක් වූ ගැන්ගම් නර්තනය ලොවපුරා පැතිර යාමට පටන් ගත්තේ එකී නර්තන පියවරවල් තම ගීතමය රූපරචනය හරහා හඳුන්වා දුන් දකුණු කොරියානු රැප් ගායක PSY ටත් හිතා ගැනීමටවත් නොහැකි වන ලෙසය.

පසුගිය පසුගිය ජූලි 15 වැනිදා ඔහුගේ මෙම නර්තනය යූටියුබ් වෙත එක් කළ අතර දින 50ක් තුල එය මිලියන 359ක් පමණ ජනතාව නැරඹීමට තරම් ලොවපුරා ජනප්‍රිය විය.

T. Pain, Katy Perry, Britney Spears, Tom Cruise Nelly වැනි යුරෝපයේ ජනප්‍රියතම කලාකරුවන් පවා PSY ගැන්ගම් නර්තනය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය සාකච්ඡාවලදී කතා කිරීමට තරම් එම නර්තනය ඔවුනට සමීප වීඇත.



විස්සයි විස්සේ ඩාන්ස් එක


පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට ශ්‍රී ලංකාව තේරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ක්‍රිකට් උණුසුමද ඉහලගොස් ඇත.

මේ අතර TNL ROCKS නාලිකාවේ දිල්ශාන් හා ඉෂාරා විසින් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ නිල සිංහල ගීතය වන "විස්සයි විස්සේ" ගීතයට කරනු ලැබූ නර්තනයක් එක් රැයින් අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

එම නර්තනය බලන්න පහතින් 

අරුම පුදුම වැසි වැටුණ හැටි

බටහිර ජාතීන් නොකඩවා වැටෙන වර්ෂාව හඳුන්වන්නේ ‘බලු බළල් වැස්ස’(RAINING CATS AND DOGS) යනුවෙනි. මෙයින් අදහස් වන්නේ තද වැස්ස සමග බලු බළල් ආදී සතුන්ද ඇද වැටීමේ ප්‍රවණතාවක් ඇති බවයි. එවැනි අවස්ථාවක් පිළිබඳ ආරංචි නැති නිසා බලු බළල් වැස්සද නා කපන වැස්ස වගේ නිකම්ම නිකම් මිථ්‍යා අදහසක් බව පැවැසිය හැකියි.


එසේ වුවද වැස්ස සමග අයිස් කැට බිමට පතිත වීමද සාමාන්‍ය සංසිද්ධියක්. අයිස් කැට පමණක් නොව තද වර්ෂාව සමග මසුන්, කෘමීන්, කුරුල්ලන්, මැඩියන්, ඉස්ගෙඩියන් ආදී සතුන් ඇද වැටීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.

දියනිය වරදින් මුදවාගන්නා කෙනෙකුට හොංකොං වල පියාගෙන් කෝටි 834ක්

සමලිංගික සේවනයට ඇබ්බැහිවූ තම දියනිය එයින් මුදවාදීමට හැකි අයෙකුට ස්ටර්ලිං පවුම් මිලියන 40ක් (රුපියල් කෝටි 834ක්) ලබාදෙන බව හොංකොං වල පුද්ගලයෙක් වන Cecil Chao Sze-tsun පැවසීමත් සමඟ ඇයව විවාහ කරගැනීමෙට යෝජනා ලොව වටා ප්‍රදේශ වලින් ගලා එන බව හොංකොං වලින් වාර්තා වෙනවා.

ඔහු පවසන්නේ දියනිය සමලිංගික සේවනයෙන් මුදවාගන ඇය හා සාම්ප්‍රදායික විවාහයකට පිවිසී ඇයව රැක බලාගතයුතු බවයි

Share this article with your friends