Chitika Smowtion 468x60


Tuesday, October 9, 2012

මාලනී ෆොන්සේකාට යළි මන්ත‍්‍රි පදවිය?



සිය පාර්ලිමේන්තු මන්ත‍්‍රි පදවියෙන් ඉල්ලා අස් වූ මාලනී ෆොන්සේකා මහත්මිය අද (09) යළි කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දෙමින් මන්ත‍්‍රි පදවිය භාර ගැනීමට නියමිතය. පසුගියදා අවසන් වූ උතුරුමැද පළාත් සභා මැතිවරණයේ දී එහි හිටපු මහ ඇමැති බර්ටි පේ‍්‍රමලාල් දිසානායක සහ හිටපු ඇමැතිවරයකු වන එස්.එම්.චන්ද්‍රසේන යන මහත්වරුන් අතරේ හටගත් ආරවුල විසඳිමට අත දීමක් වශයෙන් මාලනී ෆොන්සේකා මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය රජය වෙත යවා තිබිණ.

පළමු වරට ලංකාවේ මාර්ග වල ඇඳි ත්‍රිමාණ චිත්‍ර

විවිධ දර්ශන ත්‍රිමාණව පෙනෙන පරිදි පාරවල් වල ඇඳීම විදෙස් රටවල සුලභ දෙයක් වුවද ලංකාවට එය අලුත් අත්දැකීමකි.

බත්තරමුල්ලේ වෝටර් එජ් හෝටලය අසල ඇවිදයාමට ඇති මාර්ගයේ ඇති ත්‍රිමාන චිත්‍ර කාගෙත් අවධානය දිනාගන්නා අතර ඒවා ඇඳ ඇත්තේ පහත ලෙසය

20-20 ක‍්‍රිකට් තරගාවලියේදී විනිසුරුන් මුදලට තරග විකුණලා ‘ද හින්දු’ පවසයි



පෙරේදා (07) අවසන් වූ පන්දු 20-20 ලෝක ක‍්‍රිකට් තරගාවලියේ දී ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන් ඇතුඵවිදේශීය විනිසුරුවරුන් හය දෙනෙකු මුදලට තරග පාවා දී තිබෙන බව අනාවරණය වෙතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත පවසයි. මෙම පිරිසට ශ‍්‍රී ලංකීය විනිසුරුවරුන් තිදෙනෙක් ඇතුළත් බව එම පුවත්පත පෙන්වා දෙයි. පාකිස්ථානයේ නදීම් ගෞරිස්,ඇනී සිද්ධික් යන විනිසුරුවරුන් මෙලෙස තරග පාවා දී තිබෙන බව ‘ ද හින්දු‘ පුවත්පත පවසයි.

විද්‍යාලෝකයේ නව විදුහල්පති ඇවිත් නෑ. පොලිසිය සීරුවෙන්




කලහකාරී තත්වයක් උද්ගත වීමත් සමඟ පුරා සතියක් වසා දමා තිබූ ගාල්ල විද්‍යාලෝක විදුහලේ අද (08) උදෑසන අධ්‍යාපන කටයුතු යළි ඇරඹුණද නව විදුහල්පති වරයා විදුහලට පැමිණ සිටියේ ‍නැත . පාසලේ කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙනේ දැයි තීරණය කර ෆැක්ස් මඟින් වාර්තා දෙකක් එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩ බලන විදුහල්පතිවරයාට නියම කර තිබේ. දහවල් 12‍.00 ට හා පස්වරු 2.00 ට මෙම වාර්තා දෙක එවන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබේ. විද්‍යාලෝක විදුහලේ කලහකාරී තත්වයක් ඉකුත් 01 වැනිදා උද්ගත වූයේ රාජ්‍යසේවා කොමිසමේ නියමය පරිදි වැඩ භාර ගැනීමට පැමිණි නව විදුහල්පති බන්දුල ජයසිංහ මහතාට සංවිධානාත්මක පිරිසක් ඉඩ නොදීම හේතුවෙනි.

නදීෂා හේමමාලිගේ නවතම ජායාරූප






Monday, October 8, 2012

ඉදිරි මාස වලදී අකුණු වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

මාස ගනනක පැවති ඉඩෝරය නිමා කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට පෙරේදා වර්ෂාව ඇද හැලීමත් සමඟ බහුලව අකුණු ගැසීම් දක්නට ලැබුණි.

හපුතලේ-ලිප්ටන්ස් සීට් ප‍්‍රදේශයේ දී පෙරේදා අකුණුසැර වැදීමෙන් කොරියානු ජාතික තරුණයෙකු හා තරුණියක මියගිය අතර වසරකට ලංකාවේ 40 දෙනෙකු පමණ අකුණු නිසා මියයයි.

එබැවින් අකුණක් යනු කුමක්ද යන්නත්, අකුණකින් බේරීසිටින්නේ කෙසේද යන්නත් ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.


අකුණු ගසන මාස
ශ්‍රී ලංකාවට අවුරුද්දේ වකවානු දෙකක දී අකුණුවල ගැසීම් දක්නට ලැබෙන අතර ඉන් පළමුවැන්න මාර්තු සිට අප්‍රේල් දක්‌වා කාලයයි. එය බක්මහ අකුණු ලෙස හඳුන්වන අතර දෙවැන්න ඔක්‌තෝබර් සිට නොවැම්බර් දක්වා වූ දැනට ගෙවී යන වකවානුවයි

අධ්‍යාපන ඇමති ගෙදර පල කිව්වට මම යන්නේ නෑ


මෙරට නිදහස් අධ්‍යාපනයට සේවයක් කිරීම සඳහා සකස් කර ඇති සියළු අධ්‍යාපන සැලසුම් නිසි ලෙස සම්පූර්ණ කර ඉටුකර දෙන තෙක් "අධ්‍යාපන ඇමති ගෙදර පල" කියලා කවුරු කිව්වත් කිව්වත් තමා ගෙදර නොයන බව අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන පසුගියදා පවසා තිබුණා.

ඔහු ඒ බව පැවසුවේ කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේදී පැවති උත්සවයකදීය.

සමහරු මේ දවස් වල අපේ ගෙදර ලඟ තාප්පෙ පෝස්ටර් ගහලා තියනවා "අධ්‍යාපන ඇමති වහාම ගෙදර පල" කියලා. මම හිතන්නේ මේක අපේ ගෙදරින් ක්‍රියාත්මක කරන කුමණ්ත්‍රණයක් කියලා. මොකද මම හැමදාම පාන්දරින් ගෙදරින් ඇවිත් ගොඩක් රෑ වෙලයි ගෙදර යන්නේ.

පොළොන්නරුවේ ඉහලම උෂ්ණත්වය පවතිද්දී අනුරාධපුරයට අයිස් වැටේ

පසුගිය වසර 122ක ඉතිහාසයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 39.1 ක් පසුගිය සිකුරාදා (05) පොළොන්නරුවෙන් වාර්තා වී තිබෙනවා.

පෙරේදා එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.6ක් දක්වා පහල බැස තිබූ අතර මෙම උෂ්ණත්වය තවත් දශම දෙකකින් ඉහල ගියහොත් එය දිවයිනෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි.

මීට පෙර උෂ්ණත්වය පොළොන්නරුවේ ඉහල ගියේ 2011 වසරේ ජූලි 7 වනදාය. ඒ සෙල්සියස් අංශක 36.8ය. පසුගිය වසරේ එම වාර්තාගත උෂණත්වයට වඩා මේ අනුව අංශක 3කින් මෙම වසරේ උෂ්ණත්වය වැඩිවී තිබෙනවා.



Share this article with your friends