Chitika Smowtion 468x60


Friday, October 12, 2012

මගේ අපේක්ෂාව නිළියක් වීමයි - සිරස කුමරිය


පසුගියදා සිරස කුමරිය දෙවන අදියරේ අවසන් තරඟය පැවති අතර පළමු අදියරේ තරම් මාධ්‍ය තුලින් ප්‍රචාරයක් ඒ සඳහා ලැබුනේ නැහැ.

මෙවර සිරස කුමරිය ලෙස කිරුළු පැළඳුවේ පවනි මධුෂානි විජේරත්නයි.

පළමු වටයේ කිරුළ පැළඳි ශලිනි තාරකා මේ වනවිට රඟපෑමට යොමුවී සිටින අතර පවනි ද පවසන්නේ නිළියක් වීම ඇගේ බලාපොරොත්තුව බවයි.

මේ ඇය සමඟ කළ සාකච්ජාවකි.

නම: පවනි මධුෂානි විජේරත්න

වයස: අවු: 24

පදිංචිය: 121/4, නාගහවත්ත පාර, දළුගම කැළණිය.

පාසල: ආනන්ද බාලිකා, මරදාන

පෙම්වතියක්ද?: නැහැ

අනාගත බලාපොරොත්තු: නිළියක් වීම

අධ්‍යාපන සුදුසුකම්: උසස් පෙළ සමත්, ජපන් භාෂාව හදාරනවා, මෝස්තර නිර්මාණය පිළිබඳව හැදෑරීම් කරනවා

අවසානයේ සිරස කුමරිය වුනේ ඔබයි. ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
මේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඒගැන නම් සතුටු වෙනවා.

ජයග්‍රහණය අපේක්ෂාවෙන්ද හිටියේ?

වැඩට යන ගමන් පොකට් ගැසූ සාජන් මාට්ටු

රඹුක්කන සිට කෑගල්ල බලා පෞද්ගලික බස් රථයකින් ගමන් කළ කාන්තාවකගේ පොකැට්ටුවට විද්ද පොලිස් සැරයන්වරයකු කෑගල්ල පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලික බස් රියේ සෙනග පිරී සිටිය දී තමන්ගේ බෑගය කිසිවකු විසින් අදින බවක් කාන්තාවට දැනී ඇති අතර ඒ සමඟම ඊළඟ බස් පොළෙන් බසයෙන් පුද්ගලයෙක් බැස ගොස් ඇත.



කොළඹ කොටසකට හෙට වතුර නෑ





කළු ගඟ ව්‍යාපෘතිය යටතේ නව ජල නළ එළීම හේතුවෙන් හෙට (13) පස්වරු 8.00 සිට අනිද්දා (14) පෙරවරු 8.00 දක්වා පැය දොලහක කාලයක් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාත්‍යන්තර පාසල් සිසුන් තිදෙනාගෙන් සිසුවියට අතවර




යතුරු පැදියක නැගී විත් බේරුවල නගරයේ ගමන් කරමින් සිටි උසස් පෙළ සිසුවියකගේ පපු ප්‍රදේශය මිරිකා පලා ගිය බව කියන පාසැල් සිසුන් තිදෙනෙකු මෙම මස 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් ජී. නාමල් පෙරේරා මහතා නියම කළේය.ගැහැණු දරුවන්ගේ දිනය වු ඊයේ (11) මොවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කළුතර නගරයේ පාසලක සිසුවියක් වූ ඇය පාසල ඇරී නිවස බලා යමින් සිටිය දී මෙම අතරවරයට ගොදුරු වී ඇති අතර, සැකකාර සිසුන් ගමන් ගත් යතුරු පැදියේ අංකය පොලිසියට ලබා දීමෙන් පසුව පරික්ෂා කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔක්තෝබර් 17 වනදා මීන ලග්න දේශපාලඥයෙකුට හදිසි අනතුරක්.

රනිල් වික්‍රමසිංහද මීන ලග්නය හිමි දේශපාලකයෙකි.

මීන ලග්න හිමියන්ට ඔක්තෝබර් 17 වන දින සිට මාසයක කාලයක් අහිතකර ප්‍රතිඵල ලබාදේ.

ලංකා කේන්ද්‍රයේ පුණ්‍ය ස්ථානය ලෙස සලකන 9 වන භාවයේ රවී, සඳු, බුධ, ශනී යන ග්‍රහයන් සිවු දෙනාම මාරක ස්ථාන වන අටවැන්නේ ගමන් කිරීම නිසා විරුද්ධ පක්ෂයේ නායකත්වය දරන මීන ලග්න හිමියෙකුට ඉතාමත් අසුබ ප්‍රතිඵල ගෙනදෙන කාලයකි. දරුණු අනතුරකට භාජනයවී මරණයට පත්වීමට පවා ඉඩ ඇත.

ඔක්තෝබර් 17 වන දින සිත වේදනාවට පත්වන සිදුවීමක් අසන්නට ලැබේ. මෙම කාලසීමාව ඔක්තෝබර් 17 වන දින පෙරවරු 5.51 සිට රාත්‍රී 8.20 දක්වා පවතින්නකි.



මවගේ හිස අතට ගෙන විලාප දුන් තරුණිය

හැමෝම වීඩියෝ කර කර හිටියා උදව් කරන්න ආවේ නෑ

දුවත් සමඟ යතුරුපැදියකින් මීගමුව නගරයට ගමන් කරමින් සිටි මවක් පසුගියදා අනතුරට පත්වී තිබුණා.

මාර්ගයේ පැමිණි ටිපර් රථයක් ඔවුන් දෙදෙනා ගමන් කරමින් සිටි යතුරුපැදිය යට කරගන යෑමෙන් මවගේ හිස කඳින් වෙන්වී තිබුණා.

Thursday, October 11, 2012

සා අඟින් පනා කැපීම හෙවත් මේජර්ගේ ඇත්ත කතාව

තුවාල වූ මේජර්වරයා

කිවයුත්ත කෙලින්ම පවසමින් වත්මන් රජය හමුවේ අමුවෙන්ම සටහනක්‌ තැබීමට දැන් කාලය පැමිණ ඇතැයි අපට සිතේ. එහෙයින් අපි ඒ සටහන මෙසේ ආරම්භ කරමු.

කාලයක සිට විටන් විට මේ රටේ ඇතැම් දේශපාලන අප්පොච්චිලාගේ පුංචි බේබිලා ජනතාවට කොකම්පාමින් පිස්‌සු කෙළින අයුරු අපි බොහෝ අවස්‌ථාවල රජයට පැහැදිලිව පෙන්වා දුන්නෙමු.

එහිදී යකා සහ යකාගේ පුත්තු මෙන්ම උන් වටේ සිටින යක්‍ෂ සේනාවන් පිළිබඳ රජයට ඇඟිල්ලෙන්ම ඇන කියා දීමටද කටයුතු කෙරුවෙමු. නමුත් දිගින් දිගටම සිදු වූයේ කුමක්‌ද?

අප කොතෙක්‌ කරුණු පෙන්වා දුන්නද රජය සැමදා සිටියේ යකුන්ට විමාන තනන ප්‍රතිපත්තියේමය. එහෙයින් යකාත්, යකාගේ පුතුන් සේම සේනාවෝත් කිසිදු බාධාවකින් තොරව රිසි සේ ඩෙඟා නටන්නට වූහ. ඒවායින් කම්පා වූයේ සහ බැට කෑවේ රටේ ජනතාවය. නමුත් ආණ්‌ඩුවට එහි වගේ වගක්‌ නොවීය.

මෙකී යකුන් සහ යක්‍ෂ පුත්‍රයන් ඩෙඟා නටන කල්හි රටේ නීතිය වළපල්ලට ගියේය. එහෙත් කුමකින් කුමක්‌ සිදු වුවත් අන්ධයාට සැරයටිය සේ යකාවම බදා ගනිමින් රජය දිගටම කළේ යකුන් සමග දීග කෑම විය.

රජයේ ඉහත ප්‍රතිපත්තිය හමුවේ මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ කුමක්‌ද? මෙතෙක්‌ ඩෙඟා නටමින් සිටි පෙර කී යකුන්, යක්‍ෂ පුත්‍රයන් සහ සේනාවෝ දැන් මහින්ද රාජපක්‍ෂ රජය නන්නත්තාර කර එය උඩු යටිකුරු කරමින් සිටින්නාහ. එසේ කරන අතරේ උන් ආණ්‌ඩුව යකුන් නැටූ සොහොන් පිටියක්‌ බවටද පත්කරන්නාහ.

ගුටි කෑ මේජර්ට දඬුවම් දීමට හමුදාපති නිර්දේශ කරයි


කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී ඇමති පුතුන්ගේ ප්‍රහාරයකට ලක්‌වූ යුද හමුදා බුද්ධි බළකායේ මේජර්වරයාට හමුදා නීතියට අනුව දඬුවම් නියම කිරීමට අදාළ තම නිර්දේශය එම බළකායේ බළකාධිපති වෙත ඉදිරිපත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පවසා තිබෙනවා.

ඒ අනුව ඔහු හමුදාවෙන් ඉවත් කිරීම හෝ වෙනත් දඬුවමක්‌ නියම කිරීමට හැකි බවත් එයට මේජර්වරයා එකඟ නොවී යුද අධිකරණයක්‌ ඉල්ලා සිටිය හොත් තමා යුද අධිකරණයක්‌ පත්කරන බවයි ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය පවසා තිබෙන්නේ.

Share this article with your friends