Chitika Smowtion 468x60


Saturday, October 13, 2012

කරාපිටිය රෝහලට ඇතුළත් කළ දැරිය එන්නත විෂවී මියයයි




ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන ලද නව හැවිරිදි (9) දැරියකට ඊයේ (12) උදෑසන එන්නත් කරන ලද ප්‍රතිජීවක ඖෂධය අසාත්මික (විෂ) වීමෙන් එම දැරිය ඊයේ දහවල් මරුමුවට පත්ව තිබේ. ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ පළමුවන වාට්ටුවට මෙම දැරිය ගාල්ල වැකුණගොඩ ප්‍රදේශයේ සිට ඇතුළත් කර ඇත්තේ උණ සහ වමනයට ප්‍රතිකාර කිරීම සඳහාය. ඊයේ උදෑසන මෙම දැරියට ප්‍රතිජීවක ඖෂධය හෙදියක විසින් එන්නත් කළ අවස්ථාවේ දැරිය අසාත්මිකභාවයට පත්වූයෙන් වහාම වෛද්‍යවරු දැරිය ළමා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට උත්සාහ ගත්තද පැය කිහිපයකින් ඊයේ දහවල් 12.40ට දැරිය මරුමුවට පත්ව තිබේ.
ගාල්ල වකුණගොඩ ප්‍රදේශයේ පදිංචි කවීෂා ජයෝදා ජයවර්ධන නව හැවිරිදි දැරිය එසේ මරුමුවට පත්ව තිබේ.

සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට

ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කළ ආකාරය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශණයට ලක්වී තිබුණා.

තොපි, බූරුවා, මෝඩයා ආදී වචන යොදා ඔහු කතා කළේ තම වයසටත් නොගැලපෙන ආකාරයට බවයි බොහෝ දෙනා පැවසුවේ.

ගැමි කම මහත් ඉහලින් අගය කරමින් රූපවාහිනී වැඩසටහන් වලදී කතා කරන ඔහු ඊයේ මංත්‍රීවරුන්ට අපහාස කලේ "ගොඩේ ඉඳලා ඇවිල්ලා කොළඹට" යනුවෙනි.


අජිත් පී. පෙරේරා: නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ එක්සත් ජාතික පක්ෂය බව ඔබතුමා පිලිගන්නවද?

සූරියපෙරුම: නෑ

අජිත් පී. පෙරේරා: සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා එක්සත් ජාතික පාක්ෂිකයෙකි කියලා පිලිගන්නේ නැත්නම් සාමාන්‍ය දැනීම ගැන ප්‍රශ්නයකුත් ඇතිවෙනවා.

සූරියප්පෙරුම: ඒකාලේ එක්සත් ජාතික පක්ෂයක් තිබුනේ නෑ. නිදහස් අධ්‍යාපනය පිළිබඳව පනත ආවට පස්සෙයි එක්සත් ජාතික පක්ෂය කියන එක ආවේ.


තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. ඇත්ත කියපල්ලා. යූඇන්පීය නිදහස් අධ්‍යාපනයට විරුද්ධ වුනා. නිදහස් අධ්‍යාපනය එනකොට තොපි ඉපදිලත් නැහැ. තොපි අම්මගෙ බඩේ හිටියේ. මෝඩ කතා කියන්න එපා.

(එම කතාවට සභාවෙන් බාධා එල්ලවූ අතර බාධා නොකරන්නැයි කතානායකවරයා පැවසූ විට)

ෆොන්සේකාගේ නව පක්ෂයට එජාපය නෑ

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණයක්!

සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 18දා කොළඹ හයිඩ් පිටියේදී පිහිටුවීමට නියමිත නව දේශපාලන පක්ෂයට සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (12) ඒකමතිකව තීරණය කර ඇත.මෙම දේශපාලන පක්ෂය පිහිටුවීමට එක්සත් භික්ෂු පෙරමුණ ක්‍රියාකාරිව සිටිනවාය යනුවෙන් ප්‍රචාරයක් යන මුත් ඒ පෙරමුණේ වත්මන් සභාපති තිනියාවේ පාලිත හිමියන් ඊට මුල්වී නැතැයිද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධාරණයවී තිබේ.
පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් මෙම තින්දුවට පාර්ලිමේන්තු පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන් මෙන්ම සියලුම ආසන සංවිධායකවරුන්ද සහභාගි නොවන බවට කෘත්‍යාධිකාරි මණ්ඩලය මෙහිදී විශ්වාසය පළකොට ඇත.

සිමෙන්ති කොට්ටයක් රු. 85කින් ඉහලට

කුකුල් මස් කිලෝවකුත් රු. 30/- කින් ඉහලට

පාරිභෝගික අධිකාරිය අවසන්වරට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහල දැමුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල වූයේ රු. 855/-කි.

නමුත් පසුගිය සැප්තැම්බර් 03 වනදා සිට බොහෝ ප්‍රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 80කින් ඉහල දමා 935/- කට අලෙවි කර තිබූ අතර ඒවායේ මිල සඳහන්වූයේද රු. 935/- ලෙසයි.

ලංකාවේ MP3 කොපි කරන එක තහනම් කරපු දාක ඇල්බම් එකක් කරනවා - උදය


සෙන්ටිග්‍රේඩ්ස් වලින් ඉවත්වී තනිවම ගමනක් යාමට තීරණය කළ උදය මේ වනවිට බලාපොරොත්තු වෙන්නේ ඔහුගේම ඇල්බම් එකක් කිරීමටයි

නමුත් ලංකාවේ MP3 කොපි කිරීම නොවිසඳුණු ප්‍රශ්ණයක් නිසා ඔහු තවමත් මියුසික් ඇල්බම් එකක් නොකරන බවත්, MP3 කොපි කරන එක තහනම් කළ දවසක ඇල්බම් එකක් කරන බවත් පවසා තිබෙනවා.

නමක් හදාගන ඉදිරියට ආව ඔබය කණ්ඩායමෙන් ඉවත්වීම ගැන පුංචිම පසුතැවීමක්වත් හිතෙන්නේ නැද්ද?
නෑ. මට පසුතැවීම තියෙන්නේ 2005දී. ඒ කණ්ඩායම ආරම්භ කරන්න මූලික තැනක් ගත්තු එක ගැන. ඒකෙන් වුනේ දක්ශතාව නැති කිහිප දෙනෙක් මම නිසා උඩට ඉස්මතු වුණු එක විතරයි.

ඔයාගේ ඉදිරි ගමන මොන වගේ එකක් වෙයිද?

තවත් දියමන්ති ග්‍රහලොවක් සොයාගනී

දියමන්ති ග්‍රහලොවක් සොයාගැනීමට නික්කු මධුසුදන් නම් ඉන්දියානු ජාතික තාරකා විද්‍යාඥයෙකුට හැකිවී තිබෙනවා.

පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය.

කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ.



Friday, October 12, 2012

මගේ අපේක්ෂාව නිළියක් වීමයි - සිරස කුමරිය


පසුගියදා සිරස කුමරිය දෙවන අදියරේ අවසන් තරඟය පැවති අතර පළමු අදියරේ තරම් මාධ්‍ය තුලින් ප්‍රචාරයක් ඒ සඳහා ලැබුනේ නැහැ.

මෙවර සිරස කුමරිය ලෙස කිරුළු පැළඳුවේ පවනි මධුෂානි විජේරත්නයි.

පළමු වටයේ කිරුළ පැළඳි ශලිනි තාරකා මේ වනවිට රඟපෑමට යොමුවී සිටින අතර පවනි ද පවසන්නේ නිළියක් වීම ඇගේ බලාපොරොත්තුව බවයි.

මේ ඇය සමඟ කළ සාකච්ජාවකි.

නම: පවනි මධුෂානි විජේරත්න

වයස: අවු: 24

පදිංචිය: 121/4, නාගහවත්ත පාර, දළුගම කැළණිය.

පාසල: ආනන්ද බාලිකා, මරදාන

පෙම්වතියක්ද?: නැහැ

අනාගත බලාපොරොත්තු: නිළියක් වීම

අධ්‍යාපන සුදුසුකම්: උසස් පෙළ සමත්, ජපන් භාෂාව හදාරනවා, මෝස්තර නිර්මාණය පිළිබඳව හැදෑරීම් කරනවා

අවසානයේ සිරස කුමරිය වුනේ ඔබයි. ලැබුණු ජයග්‍රහණය ගැන මොකද හිතන්නේ?
මේ ජීවිතේ මම ලබපු ලොකුම ජයග්‍රහණය. ඒගැන නම් සතුටු වෙනවා.

ජයග්‍රහණය අපේක්ෂාවෙන්ද හිටියේ?

වැඩට යන ගමන් පොකට් ගැසූ සාජන් මාට්ටු

රඹුක්කන සිට කෑගල්ල බලා පෞද්ගලික බස් රථයකින් ගමන් කළ කාන්තාවකගේ පොකැට්ටුවට විද්ද පොලිස් සැරයන්වරයකු කෑගල්ල පොලිසිය මගින් අද උදේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුද්ගලික බස් රියේ සෙනග පිරී සිටිය දී තමන්ගේ බෑගය කිසිවකු විසින් අදින බවක් කාන්තාවට දැනී ඇති අතර ඒ සමඟම ඊළඟ බස් පොළෙන් බසයෙන් පුද්ගලයෙක් බැස ගොස් ඇත.



Share this article with your friends