Chitika Smowtion 468x60


Tuesday, October 16, 2012

T20 නිසා සියදිවි නසාගත් බව කියූ දෙදෙනාගේ මරණ වලට හේතුව පෙම් සබඳතා බිඳීයාමයි

පසුගිය ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු සියදිවි නිසාගැනීම් දෙකක් වාර්තා වූ අතර බොහෝ මාධ්‍ය විසින් පවසා තිබුනේ ඔවුන්ගේ සියදිවි නසාගණීම් වලට හේතුව ලෝක කුසලානය පැරදීම නිසා ඇතිවූ සිත් වේදනාව බවයි.

නමුත් පසුව කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ එම මරණ දෙකට හේතුව එම තරුණයින්ගේ තිබූ පෙම් සබඳතා බිඳියාම නිසා එලෙස සියදිවි නසාගන ඇති බවයි.


හැටන් කුඩා ඔය ප්‍රදේශයේ 26 හැවිරිදි මහේන්ද්‍ර සුරේන්ද්‍රන් හා 17 හැවිරිදි හංවැල්ලේ පදිංචි දේශාන් ලක්ෂිත යන තරුණයන් දෙදෙනායි එලෙස සියදිවි නසාගන් තිබුනේ.

බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි

පසුගිය මාර්තු මාසයේ වාහන බදු වැඩි කිරීමට රජය තීරණය කිරීමත් සමඟ අලුතින් මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවී තිබෙන බව මීට පෙර ලිපියකින් ඔබවෙත ගෙන ආවා..

මෝටර් රථ ලියාපදිංචිකිරීම් 66% කින් අඩුවීමට අමතරව ත්‍රී රෝද ලියා පදිංචිය 54%කින්ද, යතුරුපැදි ලියාපදිංචිය 46%කින්ද අඩුවී ඇති අතර මේ අනුව සමස්ථ වාහන ලියාපදිංචියේ අඩුවීම 46%ක් බවයි එයින් කියවුනේ.


මසුගිය මාර්තු මාසයේ වූ බදු වැඩිකිරීම අනුව ඉන්දියාවේ නිෂ්පාදිත මරුටි 800 සිසි මෝටර් රථයක් අවම වශයෙන් රුපියල් ලක්ෂ 3 කින්ද, හයිබ්‍රිඩ් මෝටර් රථයක් රුපියල් ලක්ෂ 10 කින්ද, ටොයෝටා ඇලියන් මෝටර් රථයක් ලක්ෂ 15 කින්ද , ටොයෝටා විට්ස් මෝටර් රථයක් ලක්ෂ 12 කින්ද, වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් පමණද, ත්‍රිරෝද රථයක් ලක්ෂයකින්ද , යතුරුපැදියක් රුපියල් 50,000 කින්ද ඉහළ ගියා

Sunday, October 14, 2012

අනර්කලී ලංකාව 'මාර්කට්' කරන්න යයි

ජනපතිගෙන් හිරුණිකාට අවවාදයක්
ජනපති මහින්ද රාජපක්ෂ ඉකුත් අඟහරුවාදා මීපේ ප්‍රදේශය බලා ගියේය. ඒ එහි ඉදි කළ දකුණු ආසියා සංවර්ධන හා තොරතුරු තාක්ෂණ මධ්‍යස්-ථානය විවෘත කිරීම සඳහාය.


 

එය විවෘත කිරීමෙන් අනතුරුව ජනපතිවරයා ඒ අසලම තිබූ පාදුක්ක සති ‍පොළටද ගොඩ වූයේය. එහි වෙළෙඳුන් සමග කතා කළ ඔහු සති‍පොළේ පවතින අඩුපාඩු පිළිසකර දෙන බවටද ‍පොරොන්දු විය. අනතුරුව හෙලිකොප්ටරයට නැගී කොළඹ එන අතරේ ජනපතිවරයා තමන්ට තිඹිරි ගස්යාය ‍පොලිස් ක්‍රීඩා පිටියට ගොඩ බැසීමට අවශ්‍ය බව දැනුම් දුන්නේය.ඒ අනුව ගුවන් නියමුවෝ යානය ‍පොලිස් පාක් වෙත ගොඩ බැස්සූහ. අනතුරුව ජනපතිවරයා එතනින් නික්ම ගියේ එදින පැවැත්වෙමින් තිබූ, ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණ පින්කමටය.

කොරියාවේ නටන්න ගිහින් හය දෙනෙක් ‘ගල්’ වෙයි





මහනුවර මහ නගර සභා‍ව හරහා කොරියාවට ගිය දහ දෙනෙකුගෙන් යුක්ත නැටුම් කණ්ඩායමේ හය දෙනෙකු එරට දී පැන අතුරුදන්ව ඇත. කොරියානු සහ ශ්‍රී ලංකා මිත්‍රත්වය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් යටතේ මෙම නැටුම් ශිල්පීන්දහ දෙනා නොබෝදා එරටට ගොස් තිබේ. මහනුවර නගරාධිපතිවරයා කොරියාවට ගිය අවස්ථාවක දී ඔහුගේ නගර සභාවේ නැටුම් කණ්ඩායමකට එරටට පැමිණීම සඳහා ආරාධනා ලැබී ඇත. මෙම සංචාරයට තවත් රටවල් විසි හතරකට ආරාධනා ලැබී තිබේ. ඒ,ඒ, රටවල නාගරික හා ගම්බද සම්ප්‍රධායික විශේෂාංග හා කලාවක් ඉදිරිපත් කොට ඒ තුළින් සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයක් ඇති කිරීම මෙම වැඩ පිළි‍වෙලේ තවත් අරමුණක් වී ඇත.

සිසුවා පංතියෙන් එළියට ඇද ගුරුන් හතර දෙනෙක් ගුටි ඇනලා





ගලෙන්බිඳුණු වැව මහා විද්‍යාලයේ ගුරුවරුන් සිවු දෙනෙකු කළ පහරදීමකින් එම විද්‍යාලයේ ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවෙකු බරපතල ලෙස රෝගාතුර වී ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්‍ෂණ ‍රෝහලට ඇතුළත් කර ඇත. පහර දුන් බව කියන ගුරුවරුන් පෞද්ගලික උපකාරක පංතිපවත්වන අතර එම උපකාරක පංතිවලට විරෝධය පළ කරමින් මෙම සිසුවා පාසලේ බිත්තියක යම් වැකියක් ලියා ඇතැයි පැවසේ. ඊට කුපිත වූ තරුණ ගුරුවරුන් සිවු දෙනා පාසල් වේලාවේදී සිසුවා පංතියෙන් එළියට ඇදගෙන විත් පයින් පහර දී බිම දමා පාගා අමානුෂික වධ හිංසා වන්ට ලක් කර ඇත.

ලෝක බැංකු ආධාර ලැබුණත් බොන්න බැරි වතුර බෙදයි





ලෝක බැංකු ආධාර යටතේ ඉදි කළ ප‍්‍රඡුා ජල ව්‍යාපෘති මගින් මිනිස් පරිාභෝජනයට නුසුදුසු ජලය බෙදා හරින බවට චෝදනා ලැබෙමින් පවතී . මාතලේ දිසිති‍්‍රක්කය තුළ ඉදි කළ ප‍්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති රැසක ජලය පානය කිරීමට සුදුසු තත්වයක නොමැති බව රසායනාගාර පරීක්‍ෂණ වාර්තා පෙන්වාදී තිබේ. ඇතැම් ජල යෝජනා ක‍්‍රම මගින් බොර පැහැ ජලය බෙදා හරින බවත් ඇතැම් ඒවායේ ජලය කිවුල් රසය නිසා බීමට නොහැකි තත්වයක ඇති බවත් ජල පාරිභෝගිකයෝ කියති .

පොලිස් කොස්තාපල්වරියන්ට බසයේ දී ලිංගික අතවර



රාජකාරි නිළ ඇඳුමින් සැරසී රාජකාරි කටයුත්තකට ගොස් පෞද්ගලික බස් රථයකින් කහටගස්දිගිලිය පොලිස්ථානයට පැමිණි පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වූ කහටගස් දිගිලිය පොලිසිය කියා සිටියේ කහටගස්දිගිලිය පොලිසියේ ළමා කාන්තා කාරර්‍යංශයේ සේවය කරන කොස්තාපල් වරියන් දෙදෙනෙකු බරපතල ලිංගික අ‍පයෝජනයට ලක් වූ දැරියක අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර නැවතත් පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී බස් රථය තුළදී ලිංගික අතරවයට ලක් වි ඇති බවයි.

ප්‍රතිජීවකයෙන් දැරිය මියගිය හැටි සොයා යයි




සෙප්රි ඇන්සෝන් ප්‍රතිජීවක ඖෂධය එන්නත් කිරීමෙන් පසු අසාත්මික වීමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය ගාල්ල, හීන්පැන්දල, නවීෂා ජයෝදා නැමැති නව හැවිරිදි දැරියගේ හදිසි මරණය පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් විසින් පාර්ශව තුනකින් සමන්විත විශේෂ පරීක්ෂක කණ්ඩායමක් හෙට ( 15) කොළඹ සිට ගාල්ල කරාපිටිය රෝහල බලා පිටත් කර හැරීමට නියමිතය.

Share this article with your friends