ඉදිරියේදී බීමට ගන්නා ජලය ලබාගන්නා ලිං සඳහා බදු අයකරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.
මේ අනුව රු. 7,500 සිට 15,000 දක්වා මුදලක් වාර්ෂිකව අයකර ගැනීමටයි බලාපොරොත්තු වන්න්නේ
මේ සඳහා 1964 වසරේ හඳුන්වාදුන් ජල සම්පත් පනත සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර වාරිමාර්ග හා ජලසම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තතුවේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතයි.
ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.
ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.
මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.
පසුගිය අගෝස්තු 26වනදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 310,329 දෙනු පෙනී සිටි අතර එයින් සමත්වී තිබෙන්නේ 33,383කි.
එනම් අසමත්වූ සිසු ප්‍රතිපලය 89.24% කි.
මෙවර සමත්වී ඇති ප්‍රතිශතය 10.76ක් වන අතර එම අගය පසුගිය 2011 වසරේ 10.38කි.
එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 50 බැගින් මුළු ලකුණු 100ට වැඩියෙන් ලබාගන ඇත්තේ 39.38%කි.
ලංකාවේ ප්‍රමුඛතම වාහන ආනයනකරුවන් පිරිසක් ලබන මාසයේ සිට මියන්මාරයේ තම වාහන වෙළඳාම් වල නිරතවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ කඩා වැටී ඇති හෙයින් මියන්මාරයේ වාහන වෙළඳාම සඳහා නව වෙළඳපොළක් සකස් වෙමින් තිබෙන නිසාත් මෙම පියවර ගන්නා බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ජයවර්ධන මහතා පවසන්නේ.
විදේශ රටවල පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමට මියන්මාර රජය විශේෂ සහන සලසා තිබෙන අතර එවැනි වාහන සඳහා තීරුබදු ප්‍රතිශතයද අඩුය.
පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ රජය 300%ක පමණ ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි.
රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ
චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ.
2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා.
මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.
ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් අවසාන තරඟයක් නැරඹීමට පැමිණියොත් එය පරාද වන බවට දැඩි මතයක් ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවී තිබේ.
පසුගිය අවසන් තරඟ දෙකකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා පැමිණියත් අවසානයේ සිදුවුයේ පරාජයේ වේදනාවට හසුවූ ක්‍රිකට් ලෝලීන්ගේ චෝදනා වලට ලක්වීමටය.
කෙසේ නමුත් මෙම කාරණය ජනාධිපතිවරයාද මාධ්‍ය හමුවේ සාකච්චාවක් ලබාදෙමින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා මෙම සාකච්චාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟාවලියට පෙර ලබා දී තිබුනේ"ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වෙතය.
බුදු පිළිම කඩා බිඳ දමමින් හා ගිනි තබමින් බෞද්ධයන් අයථාකරයෙන් අන්‍යාගම්කරණය කරනු ලබන හත් දෙනෙකුගෙන් යුත් ඉවැන්ජලික කල්ලියක් වටලා සියලු තතු හෙළිදරව් කර ගැනීමෙන් අනතුරැව පොලීසියට බාර දීමට බොදු බල සේනා ජාලය කටයුතු කොට තිබෙනවා.
ඉකුත් 12 වැනි සිකුරාදා රාත්‍රියේදී බොදු බල සේනා සංවිධානය මඟින් පිළියන්දල මඩපාත, බටගැත්තර ප්‍රකදේශයේ නිවසක රුඳී සිටි මෙම කල්ලිය වටලා ඇති අතර එසේ අත් අඩංගුවට ගත් පිරිස අතර දේවගැතිවරැන් දෙදෙනෙකු හා සුප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක නිලධාරීන් සිව් දෙනෙකුද වන බවයි පැවසෙන්නේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා පසුගියදා බොදු බල සේනා ජාතික මූලස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී එහි මහලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ ප්‍රකාශ කර සිටියේ මෙලෙසින්.
"එක පවුලක් හිටියා. මේ පවුලේ පුතාට වයස අවුරැදු 26ක් පමණ ඇති. නම දමිත්. මුලින් තරැණියක් සමඟ ප්‍රේම සබඳතාවක් පැවැත්වූ මෙම තරැණයා කිසියම් පිරිසකගේ පෙළැඹවිම මත හිටිවනම එක්තරා බැංකුවක සේවය කරනු ලබන තරැණියක් සමඟ විවාහ වෙනවා.
පසුගිය ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් පසු සියදිවි නිසාගැනීම් දෙකක් වාර්තා වූ අතර බොහෝ මාධ්‍ය විසින් පවසා තිබුනේ ඔවුන්ගේ සියදිවි නසාගණීම් වලට හේතුව ලෝක කුසලානය පැරදීම නිසා ඇතිවූ සිත් වේදනාව බවයි.
නමුත් පසුව කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ එම මරණ දෙකට හේතුව එම තරුණයින්ගේ තිබූ පෙම් සබඳතා බිඳියාම නිසා එලෙස සියදිවි නසාගන ඇති බවයි.
හැටන් කුඩා ඔය ප්‍රදේශයේ 26 හැවිරිදි මහේන්ද්‍ර සුරේන්ද්‍රන් හා 17 හැවිරිදි හංවැල්ලේ පදිංචි දේශාන් ලක්ෂිත යන තරුණයන් දෙදෙනායි එලෙස සියදිවි නසාගන් තිබුනේ.