Chitika Smowtion 468x60


Saturday, October 20, 2012

අභ්‍යාවකාශයෙන් ශබ්දයේ වේගය පරදා පොළාවට ආ මිනිසා


ෆීලික්ස් බවුම්ගර්ට්නර් නම් වූ 43 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික සුපර්සොනික් මිනිසා ඊයේ පැයට සැතපුම් 834ක ක වේගයෙන් ශබ්ධයේ වේගය පරදා නිදහසේ පහලට වැටුනේ පොළව මට්ටමේ සිට අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩ සිටයි.

මේ සඳහා ඔහු අවුරුදු පහක පමණ පෙර සිට සලසුම් කර තිබූ අතර මෙම පැනීමට පෙර පසුගිය ජූලි මාසයේ පුරුදු වීම සඳහා ඔහු පැන තිබුනේ කිලෝමීටර් 28ක උසක සිටයි.

ශබ්දයේ වේගය මෙන් 1.24 ගුණයක වේගයෙන් පහතට වැටීමේදී ඔහුගේ හිස්වැසුමේ සවිකර තිබූ කැමරාව මඟින් සියල්ල පටිගතවී තිබුණා.

පහතට වැටීමේදී ඔහු ඇඳ සිටි ගුවන් ඇඳුම සෙල්සියස් අංශක සෘණ 70 දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් වූ අතර විනාඩි 20ක් සඳහා ඔක්සිජන් ද එහි අඩංගුව තිබුණා.

වේගයෙන් වැටීමේදී රුධිර පීඩනය ඉහල යෑමෙන් හිසේ අමාරුව, පෙනීම අඩුවීයාම ආදිය බලපාන බැවින් අදාල උසේදී පැරෂුටය දිග හැරීමට හොඳ සිහිබුද්ධියක් තබාගැනීම අත්‍යාවශ්‍යම කාරණයක් නිසා සැබැවින්ම මෙය මාරක පිම්මකි.

තට්ටු 55ක ගොඩනැඟිල්ලක් තරම් උස්වූ, ඝන අඩි මිලියන 30ක හීලියම් වායුව පිරවූ බැලුනයක එල්ලූ කැප්සූල් එකක් මඟින් නව මෙක්සිකෝ කාන්තාරයට ඉහලින් මෙම අඩි 128,177උසට යාමට ඔහුට පැය දෙකහමාරක් පමණ ගතවී ඇති අතර පහතට වැටීමේදී ගතවී ඇත්තේ විනාඩි 10ක පමණ කාලයකි.

නිදහසේ පහලට වැටෙනා පලමු තත්පර 50ක කාලය තුළදී ඔහු පැයට සැතපුම් 700ක් වේගයක් ලබාගන්නා බවට ඔහුගේ කණ්ඩායම විශ්වාසය පල කලත් සැබැවින්ම ඔහු නිදහසේ ඇද වැටුණු විනාඩි 4යි තත්පර 22ක කාලයේ මුල් තත්පර 50ක කාලයේදී පැ.සැ 834ක වේගයක් ලබා තිබුණා.

එය පැයට කිලෝමීටර් 1,342ක වේගයකි. ඔහුගේ මෙම මාරක පිම්ම මිලියනයක් පමණ ජනතාව නරඹා තිබුණා.

මෙම පිම්මේ සම්පූර්ණ වීඩියෝව පහතින්.

ගුගල් සේවාවන්ට පණ දෙන ගුගල් දත්ත මධ්‍යස්ථාන


ගුගල් යනු ඔබ බොහෝ දෙනා අතර ජනප්‍රිය අන්තර්ජාලයේ ලොව පුරා මිලියන ගණනක් භාවිතා කරන අන්තර්ජාල සේවාවන් ලබාදෙන සමාගමකි.

ගුගල් සෙවුම් යන්ත්‍රය, යු ටියුබ්, බ්ලොගර්, ගුගල් ප්ලස් ඔවුන්ගේ වඩාත් ජනප්‍රිය සේවාවන් වේ. 


මෙම සියලු සේවාවන් ක්ෂණික ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලකයන් වෙත ලබාදීම සඳහා ගුගල් විසින් ලොව පුරා දත්ත මධ්‍යස්ත්නා අටක් පවත්වාගෙන යනු ලබනවා. 

මෙම දත්ත මධ්‍යස්ථාන ෆින්ලන්තය, බෙල්ජියම ඇතුළු රටවල් කිහිපයක පවත්වාගෙන යන අතර නව දත්ත මධ්‍යස්ථාන චිලි, හොම්ග්කොන් , සිංගප්පුරුව , තායිවානය වැනි රටවල ඉදි කිරීමට නියමිතයි.

Friday, October 19, 2012

ඉදිරියේදී හාරන ලිං හා නල ලිං වලටත් බදු

ඉදිරියේදී බීමට ගන්නා ජලය ලබාගන්නා ලිං සඳහා බදු අයකරගැනීමට රජය බලාපොරොත්තු වෙනවා.

මේ අනුව රු. 7,500 සිට 15,000 දක්වා මුදලක් වාර්ෂිකව අයකර ගැනීමටයි බලාපොරොත්තු වන්න්නේ

මේ සඳහා 1964 වසරේ හඳුන්වාදුන් ජල සම්පත් පනත සංශෝධනය කිරීමට රජය බලාපොරොත්තු වන අතර වාරිමාර්ග හා ජලසම්පාදන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තතුවේ කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත්කිරීමට නියමිතයි.



අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා


ඊයේ සවස නාවින්න ආර්පිකෝ වෙලඳසැල අසල මාර්ගයේ ගමන්ගත් වාහනයක ගැටීම හේතුවෙන් ගවයෙකුගේ කකුල් දෙකක් දැඩි ලෙස තුවාල වුණා.

ඇවිදගැනීමට අපහසු එම ගවයා තවමත් ආර්පිකෝ වාහන නැවතුම ඇතුලත සිටින අතර අනතුර නිසා ගවයාගේ කකුලේ අස්ථියක් එලියට පැමිණ ඇති බවයි දුටුවන් පවසන්නේ.

මෙම ගවයාට උදව් කිරීමට හැකි කාරුණික අයෙකුගේ අවධානය පිණිස ගවයාගේ ජායාරූප දෙකක් පහත ඇත.

මෙවර ශිෂ්‍යත්වයෙන් 90%ක් ෆේල්

පසුගිය අගෝස්තු 26වනදා පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 310,329 දෙනු පෙනී සිටි අතර එයින් සමත්වී තිබෙන්නේ 33,383කි.

එනම් අසමත්වූ සිසු ප්‍රතිපලය 89.24% කි.

මෙවර සමත්වී ඇති ප්‍රතිශතය 10.76ක් වන අතර එම අගය පසුගිය 2011 වසරේ 10.38කි.


එක් ප්‍රශ්න පත්‍රයකට අවම ලකුණු 50 බැගින් මුළු ලකුණු 100ට වැඩියෙන් ලබාගන ඇත්තේ 39.38%කි.

ලංකාවේ වාහන ආනයනකරුවෝ මියන්මාර් යයි

ලංකාවේ ප්‍රමුඛතම වාහන ආනයනකරුවන් පිරිසක් ලබන මාසයේ සිට මියන්මාරයේ තම වාහන වෙළඳාම් වල නිරතවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වාහන වෙළඳපොළ කඩා වැටී ඇති හෙයින් මියන්මාරයේ වාහන වෙළඳාම සඳහා නව වෙළඳපොළක් සකස් වෙමින් තිබෙන නිසාත් මෙම පියවර ගන්නා බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ජයවර්ධන මහතා පවසන්නේ.

විදේශ රටවල පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමට මියන්මාර රජය විශේෂ සහන සලසා තිබෙන අතර එවැනි වාහන සඳහා තීරුබදු ප්‍රතිශතයද අඩුය.

පාවිච්චි කරන ලද වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ රජය 300%ක පමණ ඉතා ඉහල බදු ප්‍රතිශතයක් අයකරන නමුත් මියන්මාරය අය කරන්නේ 15%ක පමණ ප්‍රතිශතයකි.



Wednesday, October 17, 2012

ලංකාවේ ඉදිරි නියං කාල වලට චීනයෙන් කෘත්‍රිම වැසි

රට තුල ඇතිවන ඉදිරි නියං කාලගුණ තත්ත්වයන්ට විසදුමක් ලෙස කෘත්‍රිම වැසි යොදා ගැනිමට රජයේ අවදානය යොමුව තිබෙනවා.

ඒ සඳහා චීන රජය සමඟ සාකච්ඡා කළ බවත් මේ වන විට ලැබෙන වර්ෂාවත් සමඟ නියං තත්ත්වය අවසන්ව ඇති බැවින් ඉදිරියේදි එවැනි තත්ත්වයක් නිර්මාණය වුවහොත් ඊට අවශ්‍ය විසදුම් රජය සතු බවයි අපදා කළමනාකරණ අමාත්‍යවරයා පවසා තිබුනේ

චීන රජය කෘතිම වැසි නිර්මාණයට අවශ්‍ය සහාය ලබාදිමට කැමැත්ත පළකර තිබේ. මෙලෙස කෘතීම වැසි ලබාගන්නා ක්‍රම කිහිපයක් තිබේ.


2010 වසරේ එක්සත් අරාබ් එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේ අල්-අයින් නම් කාන්තාර ප්‍රදේශයේ කෘතීම ඇතිකිරීම පිළිබඳව නව ක්‍රමයක් ඉතා රහසිගත ලෙස අත්හදා බැලූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස කෘතිම වැසි 50ක් පමණ වස්සවා තිබුණා.

මෙම කෘතිම වැසි ව්‍යාපෘතිය සඳහා ඔවුන් ඩොලර් මිලියන 11ක් පමන වැය කර තිබු අතර ඒ සඳහා කුඩයක හැඩයෙන් යුතු විශාල අයනීසර් ඔවුන් යොදාගනු ලැබුවා.

තමා යන මැච් පරදින බව ජනපති පිළිගනී !


ජනාධිපති මහින්ද රාජපක්ෂ ක්‍රිකට් අවසාන තරඟයක් නැරඹීමට පැමිණියොත් එය පරාද වන බවට දැඩි මතයක් ක්‍රිකට් ලෝලීන් අතර ඇතිවී තිබේ. 

පසුගිය අවසන් තරඟ දෙකකදීම ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරයා පැමිණියත් අවසානයේ සිදුවුයේ පරාජයේ වේදනාවට හසුවූ ක්‍රිකට් ලෝලීන්ගේ චෝදනා වලට ලක්වීමටය.

කෙසේ නමුත් මෙම කාරණය ජනාධිපතිවරයාද මාධ්‍ය හමුවේ සාකච්චාවක් ලබාදෙමින් පිළිගෙන ඇත. ජනාධිපතිවරයා මෙම සාකච්චාව විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරඟාවලියට පෙර ලබා දී තිබුනේ"ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත්පත වෙතය.

Share this article with your friends