Chitika Smowtion 468x60


Monday, October 29, 2012

දරුවකු කරපින්නාගෙන සරසවියට යන දිරිය මවක්

මවක් තම දරුවා වඩාගෙන පෙරපාසලකට රැගෙන යාම සාමාන්‍ය දෙයක් වුවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන වැඩිවියට පත් දරුවෙකු වඩාගෙන විශ්ව විද්‍යාලයට රැගෙන යන මවක් දැකීමට ලැබීම අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත් එවැනි පුවතක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් වාර්තා වෙයි. කසුන් චාමර නමැති මෙම විශ්ව විද්‍යාල සිසුවා මාංශ පේශී දුර්වලතා හේතුවෙන් උපතින්ම ආබාධිතය. නමුත් මාතර රාහුල විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස්පෙළ හදාරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ පීඨය සඳහා තේරී පත්වුයේ අනෙකුත් සාමාන්‍ය දරුවන් අභිබවා යමින්ය.

කසුන් චාමර අද සිටින තත්ත්වයට පැමිණීමට ඔහුට ශක්තිය හා ධෛර්ය දෙමින් ඔහු ළඟ සිටින යෝධ සෙවනැල්ල ඔහුගේ මවත් පියාත්ය. කසුන් ගා හැම කෙනෙකුටත් වඩා දන්නේ ඔවුන්ය. කසුන්ගේ මව කසුන් පිළිබඳව පවසන්නේ මෙසේය.



ජනපති ඩුබායි ගිය ගුවන් යානයේ තිබූ දෝෂය හා ඉන්පසුව සිදුවූයේ කුමක්ද?

21 වැනිදා සවස 3 ට පමණ ජනාධිපතිවරයා ඩුබායි යාමට නියමිතව තිබූ UL 1207 යානයේ තිබූ දෝෂයක් නිසා එම ගමන ප්‍රමාදවූ බවට වාර්තා විය.

ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් විසින් සොයාගත් එම දෝෂය පිළිබඳව මාධ්‍ය වාර්තා පල වුනේ මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවටත් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට ගත් කුමන්ත්‍රණයක් බවටයි.

ඒ අනුව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියන්කර ජයරත්න විසින් පස් පුද්ගල කමිටුවක් පත් කළ අතර පරීක්ෂණ කිරීම සඳහා රහස් පොලීසියට නියෝග කළේය.


මෙම සිදුවීම ඊට පසුදින රිවිර පුවත්පත වාර්තා කර සිටියේ ...

Friday, October 26, 2012

ගාල්ලේ ටින් මාළු කර්මාන්තශලාව වසා දැමීමට තීරණය කරයි

රුපියල් මිලියන 840 ක වියදමින් ගාල්ලේ තැනු ටින් මාළු කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු නවතා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

එයට හේතු වී ඇත්තේ එහි නිෂ්පාදනය කරන ටින් මාළු සඳහා වෙළඳපොළක් නොතිබීමත්, ආනයනය කරන ටින් මාළු මිල අඩුවීමත් හා බදු මෙන්ම විදුලි බිල වැඩිවීම ආදී කරුණුයි.

ධීවර සංස්ථාව හැපිකුක් ලංකා ෆුඩ්ස් පෞද්ගලික සමාගම ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එම ටින් මාළු කර්මාන්තශාලාව විවෘත කෙරුනේ පසුගිය අප්‍රේල් මස 03 වෙනිදා ය.



Thursday, October 25, 2012

තුර්කියේ කාන්තාවක් ඇවිදින අතර දරුවෙකු ප්‍රසුත කරයි


තුර්කියේ විදියක පටිගත වූ දර්ශනයක් හේතුවෙන් තුර්කියේ ඉස්තාන්බුල් මේ දිනවල බොහෝ කතාබහට ලක්වන රටක් බවට පත්වී හමාරය. මේ දර්ශනයෙන් පෙන්වන්නේ දෙමාපියන් යුවලක් තම තරුණ දියණිය සමග තුර්කියේ විදියක රාත්‍රියේ ගමන් කරමින් සිටියදී එම දියණිය විසින් බිලින්දෙකු ප්‍රසුත කිරීමයි. 

මෙහිදී පටිගත වූ දර්ශනයෙන් එම තරුණිය ඇවිද යන අතරවාරයේ යමක් ඇගෙන් අද වැටෙන අයුරු පෙන්වන අතර පසුව තරුණිය හා අගේ මව්පියන් දෙදෙනා ඒ දෙසට එබී බලා යන්න යන අයුරු පෙන්වනවා.


නීතියට මුවාවී කරන ලංකාවේ සේක්ස් ටෝයිස් ජාවාරම


ශ්‍රී ලංකාවට "සෙක්ස් ටෝයිස්" යන්න අලුත් යෙදුමකි. නමුත් විදේශයන්හි ඒවා විකිණීම සඳහා වෙනමම සුපිරි වෙළඳසල් ඇත්තේය. ලංකාවට අලුත් අත්දැකීමක් වූ මෙම සෙක්ස් ටෝයිස් නීතියට මුවාවෙමින් හොර රහසේ කොළොඹ තුන හා හතර ප්‍රදේශයන්හි පිහිටා ඇති සම්භාහන ආයතනවල විකිණීමට තබා ඇති බව පසුගියදා ලක්බිම නිව්ස්මාධ්‍යයවේදින් කණ්ඩායමක් සිදුකල ගවේෂණයකින් අනතුරුව සොයාගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වෙත අදහස් දැක්වූ එක් සම්භාහන ආයතනයක් හිමිකරුවෙක් පවසා තිබුනේ මෙවැන්නක් 

"අපේ සම්භාණ ආයතනය නිත්‍යානුකුලව පිහිටවල තියෙන්නේ.එක හින්ද පොලිසිය අපිව වටලන්න එන්නේ නැහැ. අපි ෂොප් එක ඉස්සරහ බෝඩ් දාල මේවා විකුනන්න තියෙනවා කියල කියන්නේ නැහැ. අපිට විශ්වාස කරන්න පුළුවන් ගනදෙනුකරුවන්ට අපි මේවා දෙනවා. 


මේවා මිලදී ගන්නේ ගොඩක් සමාජයේ ඉහල තලයේ අය. පිරිමි අය ගන්නවා අඩුයි. වයස අවරුදු 30 - 35 අතර තරුණ කාන්තාවන් තමයි වැඩිපුරම මිලදී ගන්නේ සහ ඔවුන් මේවා දිනපතා භාවිතයට ඇබ්බැහි වී සිටිනවා."

Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම


ඉතාම අධික ආරක්ෂාවක් සහිතව ලෝකයාගෙන් වසන් කරමින් ඇමරිකාව විසින් පවත්වාගන යන ඒරියා-51 ප්‍රදේශයට BBC මාධ්‍යවේදීන් කන්ඩායමක් විසින් පසුගිය කාලයේ ඇතුළුවී තිබුණා.

Conspiracy Road Trip: UFOs නමින් විකාශය වන වාර්තා වැඩසටහනක් සඳහායි ඔවුන් මෙලෙස ඇතුළුවී තිබුනේ. ඇතුළු වූ කණ්ඩායමට අයර්ලන්ත විකට නළුවෙකු ඇන්ඩෲ මැක්ස්වෙල් හා පියාඹනපීරිසි විද්‍යාඥයෙකු වන ඩැරන් පර්ක්ස් ද ඇතුළත්ව සිටියා

කැලිෆෝනියාව, ඇරිසෝනා හරහා නෙවාඩා කාන්තාරයට පැමිණි 12 දෙනෙකුගෙන් යුත් මෙම පිරිස තහනම් කලාපයට පැමිණ ඇත්තේ රාත්‍රිය එහි ගතකර අසාමාන්‍ය අහස නිරීක්ෂණය කිරීම සඳහාය.



ඔවුන් එහි යන වන විට සවස 5 පමණ වී තිබූ අතර ආරක්ෂක මුරකාවලෙහි නිළධාරීන් හෝ වාහන කිසිවක් තිබී නැහැ. මුරකාවලට මීටර් 50ක් පමණ ඈතින් වාහනය නැවැත්වූ ඔවුන් විනාඩි 30ක පමණ කාලයක් රූගතකිරීම් කටයුතු වල නිරතව තිබුණා.

බිය ගැන්වෙන පරිගනක තිර දැන්වීම


විදුලි සෝපානයකට ඇතුල්වී එහි ගමන් කළ යුතු මහල සඳහා අවශ්‍ය බොත්තම තද කල පසුව සෝපානයේ විදුලිය අඩපනවන බව හඟවා, යකඩ ගැලවී යන හඬත් සමඟ එහි පතුල කඩන් වැටෙනා දර්ශනයක් අඩංගු වෙළඳ දැන්වීමක් පිළිබඳව බොහෝ දෙනා කතා කිරීමට පටන්ගන තිබෙනවා.

බිම සවිකර ඇති පැතලි තිර මඟින් එම දර්ශය පෙනන විට බොහෝ දෙනා බියවෙන අයුරුයි එයින් පෙනුනේ.

එම වීවියෝව පහතින්.

Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

Share this article with your friends