අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝගය පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාව විය. මේ සඳහා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගත් අතර අවසානයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 117 දෙනෙක් අත්සන් තබා තිබිණ. මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ මාතෘකාවට මෙහිදී මූලික අවධානය යොමු විය. එය ඉදිරිපත් කෙරුණු පසු මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයා එහි නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් දැනුවත් කළේය.ඉන් අනතුරුව දෝෂාභියෝගයට පක්ෂව මැති ඇමැතිවරු අදහස් දැක්වීමෙන් අනතුරුව ඇමැති වාසුදේව නානායක්කාර මහතා තමන්ගේ අදහස ඉදිරිපත් කළේය.
Friday, November 2, 2012
සංචාරක රූ රැජින තරඟයට පිටත්ව යන විනූ උදානි (ඡායාරූප)
දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ පළමුව ජයග්‍රාහිකාව ලෙස විනු සිරිවර්ධන නම් කොට කිරුල ලබාදී පසුව ගණිතමය දෝෂයක් නිසා ප්‍රතිඵලය වැරදි ගොස් ඇති බව කියමින් සුමුදු ප්‍රසාදිනී හට කිරුල ලබාදුන් අලකලංචියක් මීට පෙර අප වාර්තා කළා.නමුත් ලෝක රූ රැජින තරඟයට එක රටක් නියෝජනය කරමින් තරඟකාරියන් දෙදෙනෙකුට ඉදිරිපත් වීමකට නොහැකි බැවින් චීනයේ පැවති "මිස් වර්ල්ඩ් 2012" සඳහා චීනය බලා පිටත්ව ගියේ සුමුදු ප්‍රසාදිනී ය.
තවත් සති දෙකකින් චීනයේ පැවැත්වෙන "2012 සංචාරක රූ රැජින" තරඟය සඳහා විනූ සිරිවර්ධන මේ වනවිට සූදානමින් සිටිනවා.
"රත්තරං"ගේ දුවගේ විවාහයේ හා දෙවන ගමනේ ජායාරූප
මහාමාර්ග හා වරාය නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන හෙවත් "රත්තරං" ගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධන පුවත්පතකට ලබාදුන් සාකච්ජාවක් පිළිබඳව මීට පෙර ලිපියක් අප ඔබට ගෙන ආවා.
මීට මාස කිහිපයකට පෙර පැවති ඇයගේ විවාහ මංගල්‍යයට අත්සන් තැබුවේ ජනාධිපතිවරයා විසිනි. එම විවාහයේ හා දෙවන ගමන දිනයේ ජායාරූප එකතුවක් පහතින්.

මීට මාස කිහිපයකට පෙර පැවති ඇයගේ විවාහ මංගල්‍යයට අත්සන් තැබුවේ ජනාධිපතිවරයා විසිනි. එම විවාහයේ හා දෙවන ගමන දිනයේ ජායාරූප එකතුවක් පහතින්.

නෙහාරා මේනක හිතවත්කමේ අවසානය කෙසේද?
නෙහාරා හා මේනක පුංචි තිරයේ ජනප්‍රිය පෙම් යුවලකි.
පුංචි තිරයේ පෙම සැබෑ ජිවිතයට ගෙන එම සඳහා ඔවුන් දෙදෙනා මේ දිනවල උත්සාහ කරන බවට කටකතා පැතිර ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කොට සිටිනවා.
නමුත් ඔවුන් ගේ හිතවත්කම අවසන් වන ආකාරය මේනක සරසවිය පුවත්පතට ඉඟියක් ලබා දෙමින් කියා තිබුනේ එය දෙවියන් වහන්සේගේ කැමැත්ත උඩ සිදුවන දෙයක් බවය.
නෙහාරා මුලින්ම දික්කසාදය ගත අතර ඉන් පසු මේනක ද සිය යුග දිවියට සමු දුන්නේය. අතීතය ගැන කතා කිරීමට අකමැති නෙහාරා කියන දේ බලන්න පහතින්
ක්‍රිකට් පිටියේ නව නීතිරීති

ජගත් ක්‍රිකට් සමුළුව විසින් සිදුකරන ලද මෙම සංශෝධන හරහා පවර් ප්ලේ, විනිසුරු තීරණ අභියෝගයට ලක් කිරීම, නීති විරෝධී පන්දු යැවීම හා බවුන්සර් පන්දු යැවීම ඇතුළු තවත් අංශ කිහිපයක්ම වෙනස්කම් සිදුකර ඇති අතර, කඩුල්ල මුවාකිරීමේ වරද සම්බන්ධව තිබෙන නීතියද එසේම ඇතුළත්කොට ඇත.
ඒ අනුව මෙතෙක් එක්දින හා පන්දුවාර විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ දී සීමා ඉර පසුකර ගොස් යවන ලද පන්දුවකට පිතිකරුවකු දැවී ගිය විට එය නීති විරෝධී පන්දුවක් ලෙස පිටියේ විනිසුරුවරයා සංඥ නොකලද තෙවන විනිසුරුගේ දැනුම් දීම මත දැවී ගිය පිතිකරුට යලිත් අවස්ථාව ලබා දීමේ ක්‍රමවේදය ටෙස්ට් තරඟ වලටද එක්කර ඇත.
අරුම පුදුම බළල් සෙනෙහස

අලවතුගොඩ අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි පී. බී. අමරකෝන් සුරතලයට බළල් පැටවෙකු ඇති කළේය. ඉතා සුරතෙල් ඇතිදැඩි කල මෙම බළලා වසර 5 ක් පමණ අමරකෝන් මහතා බලාකියා ගෙන ඇත්තේ ආදරයෙනි.
පසුගිය කාලයේ හදිසියේම අසනීප වූ අමරකෝන් මහතා රෝහල් ගත කෙරුණු අතර එම අසනීපයෙන්ම මිය ගියේය.
Subscribe to:
Posts (Atom)


