විසර්ජන පනත් කෙටුම්පත හෙවත් 2013 වසර සඳහා වන අය වැය යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද පස්වරු 12.50ට රැස්වන අතර, 12.55ට පමණ ජනාධිපතිවරයා මුදල් ඇමැති ලෙස පාර්ලිමේන්තුවට අය වැය ඉදිරිපත් කරනු ඇත.අය වැය යෝජනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බැවින් අද දිනයේ පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද සකස් කර තිබේ. ලබන වසරට අදාළ සංවර්ධන වැඩසටහන් හා අය වැය හිඟය පියවා ගැනීමේ යෝජනා මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.
Thursday, November 8, 2012
"අධිකරණයේ ස්වාධීනත්වය සහ ප්රජාතන්ත්රවාදී සමාජයක්" වෙනුවෙන් එක්වන්නැයි අගවිනිසුරුවරියගේ පුතා ඉල්ලයි
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරණායක කාරියවසම් සහ ඔහුගේ පෙම්වතිය වන හේශානි මඩුගල්ලේ විසින් ඔවුන්ගේ ෆේස්බුක් වෙබ් පිටු යොදාගෙන "stand for justice" නමින් දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.එමෙන්ම "ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමියෙනි අපි ඔබ සමගයි" ලෙස ෆේස්බුක් පිටුවක්ද පවතී.
ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ඉඟි කරන්නේ ලංකාව තුලද ඊජිප්තුවේ මෙන් විප්ලවයක් අනාගතයේ හට ගනු ඇති බවයි. තවදුරටත් ෆේස්බුක් අඩවිය තුලින් ඔහු මෙලෙස දක්වා ඇත.
"රූපාන්තරණ" රූගතකිරීම් අතරතුර
"රූපාන්තරණ" නම් වූ එය පර්යේෂණාත්මක චිත්‍රපටය මේ දිනවල ඕස්ට්‍රේලියාවේදී රූගතකිරීම් කටයුතු සිදුවේ.
රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්ර්ර, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි ආදී නළු නිළියන් හා අමිල කරුණනායක, ෂයිලා න්යතානියල්, මිලින්ද මඩුගල්ල, කැළුම් කුලරත්න යන නවක නළුවන්ද එහි රඟපායි
එය රූගතකිරීම් අතරතුරේ ගත් ජායාරූප කිහිපයක් පහතින්.

රවීන්ද්‍ර රන්දෙණිය, රන්ජන් රාමනායක, ජීවන් කුමාරණතුංග, තිස්ස විජේසුරේන්ද්ර්ර, ඇන්ජලා සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා සහ වීණා ජයකොඩි ආදී නළු නිළියන් හා අමිල කරුණනායක, ෂයිලා න්යතානියල්, මිලින්ද මඩුගල්ල, කැළුම් කුලරත්න යන නවක නළුවන්ද එහි රඟපායි
එය රූගතකිරීම් අතරතුරේ ගත් ජායාරූප කිහිපයක් පහතින්.

බැරක් ඔබාමා නැවත ජනපති වේ.
පෙරේදා ආරම්භ වූ අමෙරිකානු ජනාධිපතිවරණයේ ප්‍රථිපල මේ වනවිට නිකුත්වී ඇති අතර එයින් පැහැදිලි ජයක් ලබාගනිමින් අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වීමට හිටපු ජනාධිපති බැරක් ඔබාමා සමත්වී තිබෙනවා. තවමත් ජන්ද ගනන් කරමින් පවතින මේ මොහොත වනවිට ආසන 538න් ඔබාමා ආසන 303ක් දිනාගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂකයා වු රිපබ්ලිකන් පාක්ෂික මිට් රොමිනි දිනාගෙන ඇත්තේ ආසන 203කි.
දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි සූරියප්පෙරුම පහදයි
පාලිමේන්තුවේදී වයසට නොහොබිනා හැසිරීමක් ප්‍රදර්ශනය කල ජේ.ආර්.පී සූරියප්පෙරුම මහතා පසුගියදා මහනුවර ප්‍රදේශයේදී කළ කතාවකින් කොටසක් අප පල කළා.එම කතාවේම තවත් කොටසක් අනුව ඈතින් බලා රාජසිංහ රජුගේ බිසවකගෙන් පැවත එන්නේදැයි බලන ක්‍රමයක් ඔහු පැහැදිළි කර තිබුණා.
"අපේ සිංහල රජවරු නිකන් හිටියේ නැහැනේ. බිසවුන්වරු හාර පන්සීයක් හිටියනේ . මම දැන් දොස්තර කණ්ඩායමක් ගෙනල්ලා ලේ පරීක්ෂා කරන්නම් උඩුනුවර. කී දෙනෙක් ගාව රාජසිංහ ලේ තියනවද කියලා කියන්නම් ඊට පස්සේ.
පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
හඳුනා නොගත් පියාසර යානා හා රාත්‍රී කාලයේ අද්භූත එළි දර්ශනය වීම් දිනපතා වොෂින්ටනයේ පිහිටි හඳුනා නොගත් පියාසර වස්තූන් ගවේශන මධ්‍යස්ථානය වෙත (National UFO Reporting Centre) වාර්තා වෙනවා.ශ්‍රී ලංකාවේද වාර්තා වූ එවන් සිදුවීම් කිහිපයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ සටහන්වී ඇති අතර එවන් සිද්ධීන් 10ක් පහතින්. ( Colombo | Hingurakgoda | Mount Lavinia | Kaduruwela 1 | Kaduwela 2 | Athrugiriya | Trincomalee | Polonnaruwa 1 |Polonnaruwa 2 | Polonnaruwa 3)
එක් එක් වසරේ ඒ ඒ මාසයේ වාර්තා වූ සිදුවීම් එහි බලාගත හැකි නමුත් එවැනි අවස්ථාවන් ජායාරූපයට හෝ වීඩියෝවට නැඟෙන්නේ කලාතුරකින්.
යාන්ත්‍රික බෝට්ටු පැදීමේ උත්සවයේ ජායාරූප එකතුවක්
"ශ්‍රී ලංකා යාන්ත්‍රික බෝට්ටු පැදීමේ සංගමය" ලබන වසරේදී මෙරට ඉතිහාසයේ පළමු යාන්ත්‍රික බෝට්ටු පැදීමේ තරඟාවලිය පැවැත්වීමට නියමිත පුවත ඊයේ අප ඔබට ගෙන ආවා.
පළමු වරට F1 H2O බෝට්ටුව දියත් කිරීම සඳහා උත්සවයක් පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ යෝශිත රාජපක්ෂයි.
එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්

පළමු වරට F1 H2O බෝට්ටුව දියත් කිරීම සඳහා උත්සවයක් පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිතයා වූයේ යෝශිත රාජපක්ෂයි.
එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්

ආයේ අලුත් ගුවන්විදුලි නාළිකාවලට දෙන්න තරංග නැහැ.
පසුගියදා ගුවන් විදුලි නාළිකා සඳහා නව තරංග සංඛ්‍යාතයන් හඳුන්වා දීමෙන් පසු නැවත අලුතින් ගුවන් විදුලි නාලිකා ආරම්භ කළ නොහැකි බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා.මේ අනුව අලුත් රේඩියෝ නාලිකාවක් සඳහා ඉඩක් ලැබෙන්නේ තිබෙන නාළිකාවක් අවලංගු වුවහොත් පමණි.
කෙසේ වුවද දේශලන සබඳතා සහිත මාධ්‍ය ජාලයයකට ඔවුන්ගේ දිගු කලක් වසා දමා තිබූ නාලිකාවක් සඳහා මෙම ක්‍රමය ඇතිවීමට පෙර හදිසියේ ඉඩ ලබාගැනීමට හැකි වුණා.
Subscribe to:
Posts (Atom)