Chitika Smowtion 468x60


Friday, November 9, 2012

2013 වසරේ අය වැය හිඟය පියවන්නේ කෙසේද?


සුපුරුදු පරිදි තවත් එක් අයවැයක් ඉදිරිපත් විය. සාමාන්‍ය ජනතාවට එයි ලැබුන දෙයක් නැත.

සාමාන්‍ය ජනයාට පාවිච්චියට මෝටර් රථයක් ගැනීමට බැරි වන පරිදි අහස උසට බදු පනවා තිබියදී ආනයනය කරන රේසින් කාර් බද්දෙන් නිදහස් විය.

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 507,400 ලෙස ඇස්‌තමේන්තු කර ඇත.

ලබන වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1,277,900 ක්‌ ලෙසද මුළු වියදම රුපියල් මිලියන 1,785,400 ක්‌ ලෙසද අයවැයෙන් ඇස්‌තමේන්තු කර ඇත. 

2013 වසරේ අයවැය සාරාංශය

1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

2) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

3) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

වැලිකඩ සිරගෙදර සිරකරුවන් පිරිසක් මරුට?

තුවාල ලැබූ 25ක් රෝහලේ !



Update - 8.52pm

වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි. වෙඩි වැදීමෙන් හා වෙනත් ප්‍රහාර වලින් තුවාල ලැබූ 25ක් ජාතික රෝහල් හදිසි අණතුරු ඒකකයට ඇතුල් කොට තිබේ.මීට විශේෂ කාර්ය බලකා සෙබලු 08ක් ජේලර් වරුන් 01ක් සහ රැදවියන් පිරිසක් අයත් බව වාර්තා වේ.

වැලිකඩ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එස්.ටී.එෆ්.ප්‍රධානියාට ශෛල්‍යකර්මයක්


වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශේෂ කාර්‍ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්.එම්.රණවන මහතා අද (09) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය. ඔහු හදිසි ශෛල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරය වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

සුපර් මොඩල් තරඟාවලි 3ක ජායාරූප එකතුවක්

ලංකාවේ සුපර් මොඩල්, ඒෂියා සුපර් මොඩල් 2012, ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් 2012 යන තරඟාලි තුනේම ජායාරූප එකතුවක් පහතින් ඇත.

මෙහි මුල් ජායාරූප 20 හි ඇත්තේ ලංකාවේ පැවති තරඟයේදී ගලදාරී හෝටලයේ ගත් ජායාරූපයි. එම ජායාරූප වල අංක 5 නියෝජනය කරන චතුරිකා ආරියවංශ මේ දිනවල පිලිපීනයේ පැවැත්වෙන "Miss Earth 2012" සඳහා පිටත්ව ගොස් තිබෙනවා. රටවල් 88ක් නියෝජනය කරන මිස් ඒර්ත් තෝරන අතරතුරේ ගත් ඇයගේ වෙනම ජායාරූප එකතුක් පසුව ගෙන ඒමට 
අප වෙබ් අඩවිය බලාපොරොත්තු වේ.



ඒෂියන් සුපර් මොඩල් හා ඉන්ටර්නැෂනල් සුපර් මොඩල් තරඟ සඳහා ලංකාව නියෝජනය කිරීමට රූමතියන් තෝරන සුපර් මොඩල් තරඟය පසුගිය සැප්තැම්බර් මාසයේ කොළඹ ගලාදාරී හෝටලයේදී පැවැත්වුණා. 

පළමුවරට ලංකාවේ රූගතවූ රුසියානු ටෙලිනාට්‍යය



අගවිනිසුරුතුමියට එරෙහි චෝදනා සියල්ල ප්‍රති‍ක්ෂේප කරනවා


අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම් ඇතුළු ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කෙරූ නීලක්කන්දන් සහ නීලක්කන්දන් නීතිඥ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම චෝදනාවලට එරෙහිව කරුණු දැක්වීමට තමන් සූදානම් බවත්, එම සමාගම සඳහන් කරයි.සිය සේවාදායිකාව වන අගවිනිසුරු තුමිය පෙර පරිදිම කිසිදු බියක් හෝ පැකිලීමක් නැතිව රාජකාරිවල නිරතවන බව නීලකන්දන් නීතිඥ සමාගම පවසයි.

වැලිකඩ හිරගෙදර වහලේ උඩ සිටින සිරකරුවන් ටී.56න් වෙඩි තබති




වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩට නැගගත් රැඳවියන් තමන් අත තිබෙන ටී.56 ගිනි අවිවලින් හතර අතට වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග බන්ධනාගාරය තුළ සහ ඒ අවට එකම යුද පිටියක වෙස් ගෙන ඇතැයි වාර්ථා වේ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි සිරකරුවන් 350ට වැඩි පිරිසක් ඔවුන් රඳවා සිටි කාමරවල යකඩ දොරවල් කඩා ගෙන බන්ධනාගාරයේ ඇතුළත පිහිටි මිදුලට පැන ඇතැයිද කියති. මෙම කණ්ඩායම වැලිකඩ සිර ගෙදර ආයුධ ගබඩාව කඩා ඒවායේ තිබූ ටී.56 ගිනි අවි පැහැර ගෙන ඇත. අද පෙරවරුවේ බන්ධනාගාරය හදිසිය වැටලූ විශේෂ කාර්‍ය බලකායට අයත් සෙබලුන් සහ පොලිස් සුනඛයින් සිර ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට පටන් ගත්තේය.

Share this article with your friends