Chitika Smowtion 468x60


Saturday, November 10, 2012

සිරගෙදර ගැටුමෙන් සිරකරුවන් 16ක් මරුට





තුවාලකරුවන් 43ක් ජාතික රෝහලේ!
ගිනි අවි 50ක් අතුරුදහන්!


වැලිකඩ බන්ධනාගාරයේ ඊයේ (09) සිදුවූ ගැටුමෙන් පුද්ගලයන් 16 දෙනෙක් මියගොස් විශාල දේපොල හානියක් සිදු වී තිබේ' ඊයේ රාත‍්‍රි 11 පමණ වනවිටත් යුද හමුදාව සහ සිරකරුවන් අතරේ වෙඩි හුවමාරුව සිදුවෙමින් තිබිණ' මෙම වෙඩි හුවමාරුව රූපවාහිණී නාලිකා මගින් සජීවී ලෙස විකාශය කළ අතර පැය හයකටත් අධික කාලයක් තිස්සේ එක දිගට සිදු වූ පිපිරුම් හ`ඩ සහ වෙඩි හ`ඩ ජනතාවට යළි සිහිපත් කර දුන්නේ උතුරේ බිහිසුණු යුද අවස්ථාවන්ය' මෙම ගැටුමෙන් තුවාල ලැබූ සිරකරුවන් 23ක්" විශේෂ කාර්්‍ය බලකා සෙබලූන් 13ක්" යුද හමුදා සෙබලූන් 04 ක්" පොලිස් නිලධාරියෙක්" ජේලර්වරයෙක්" සිවිල් පුද්ගලයෙක් මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් පසුවෙති'.

ටිරාන් සමඟ අර්ජූනත් ෆොන්සේකාගේ පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි




ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජූන රණතුංග යන මහත්වරුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දැරූ ප්‍රධාන ලේකම් ධූරයෙන් හා නියෝජ්‍ය නායක ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. 

LCD තිරයක් සහිත මාස්ටර් ක්‍රෙඩිට් කාඩ්පත් ඉදිරියේදී

මාස්ටර් ක්‍රෙඩිඩ් කාඩ් සමාගම විසින් LCD තිරයක් සහිත නව කාඩ් පතක් පසුගියදා හඳුන්වා දී තිබෙනවා.

මෙම නව කාඩ්පතේ ස්මාට් ෆෝන් එකක මෙන් ඔන්/ඕෆ් කිරීමේ බොත්තමක් හා ස්පර්ශක යතුරු පුවරුවක්ද තිබෙන අතර එමඟින් මීට පෙර කර ගනුදෙණු වල විස්තර, නවතම ශේෂය, පාරිභෝගික ලකුණු ආදියද බලාගැනීමට හැකිය.

අන්තර්ජාල ගනුදෙණු සඳහා යොදාගන්නා සිකියුරිටි ටෝකන් එකේ රහසිගත අංකයද කාඩ්පත මඟින්ම බලාගත හැකිය. මෙම නව කාඩ්පත දැනටමත් සිංගප්පුරුව ට හඳුන්වා දී තිබේ.



බන්ධනාගාර ගැටුමෙන් රැඳවියන් 11 දෙනෙකු මිය යයි


කලුවරේ වෙඩි තබාගන්නා වීඩියෝ පහතින් !

අද සවස අරක්ෂක හමුදාව විසින් වැලිකඩ බන්ධනාගාරයේ හදිසි සෝදිසියක් කර තිබෙනවා.

එයට සිරකරුවන් විරෝධය පල කර තිබෙන අතර එහිදී ගැටුමක් ඇතිවී තිබෙන්නේ චැපල් වාට්ටුව පරීක්ෂා කිරීමට සැරසෙන අවස්ථාවේදීය.

කඳුළු ගෑස් ගැසීමෙන් අනතුරුව ආරක්ෂක හමුදා විසින් රබර් උන්ඩ යොදාගන සිරකරුවන්ට වෙඩි තබා තිබෙන අතර සිරකරුවන් බන්ධනාගාර අවි ගබඩාව කඩා අවි රැගෙන වහලට නැග විශේෂ කාර්ය බලකාය සෙබළුන් වෙත වෙඩි තබා තිබෙනවා.

එම අවස්ථාවේ බන්ධනාගාර නිළධාරීන් පිරිසක් කොටුවී තිබෙන අතර දෙපැත්තෙන් එල්ලවන වෙඩි හඬවල් මැද පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඉන් 6 දෙනෙකු තත්ත්වය බරපතල වන අතර හමුදාව විසින් වෙඩි තැබීම නිසා රැඳවියන් 11 දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ.

Friday, November 9, 2012

2013 වසරේ අය වැය හිඟය පියවන්නේ කෙසේද?


සුපුරුදු පරිදි තවත් එක් අයවැයක් ඉදිරිපත් විය. සාමාන්‍ය ජනතාවට එයි ලැබුන දෙයක් නැත.

සාමාන්‍ය ජනයාට පාවිච්චියට මෝටර් රථයක් ගැනීමට බැරි වන පරිදි අහස උසට බදු පනවා තිබියදී ආනයනය කරන රේසින් කාර් බද්දෙන් නිදහස් විය.

ජනාධිපතිවරයා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැයෙන් 2013 වසරේ අයවැය හිඟය රුපියල් මිලියන 507,400 ලෙස ඇස්‌තමේන්තු කර ඇත.

ලබන වසරේ මුළු ආදායම රුපියල් මිලියන 1,277,900 ක්‌ ලෙසද මුළු වියදම රුපියල් මිලියන 1,785,400 ක්‌ ලෙසද අයවැයෙන් ඇස්‌තමේන්තු කර ඇත. 

2013 වසරේ අයවැය සාරාංශය

1) විශ්ව විද්‍යාලවලට වැඩිපුර සිසුන් ඇතළුකර ගැනීමටත්, විශ්ව විද්‍යාල පර්යේෂණ වැඩි දියුණු කිරීමටත්, විශ්ව විද්‍යාල ආචාර්ය සේවය වඩාත් ඵලදායි ලෙස ලබා ගැනීමටත් පියවර ගනී.

2) බලපත්‍ර වලට ගෙන්වන වාහන බදු 10%-20% දක්වා ඉහලට. නමුත් ආනයනය කරන රේසින් කාර් බදු ගාස්තුවලින් නිදහස්ය

3) ආනයනික මත්පැන් බදු 25%කින් ඉහලට.

වැලිකඩ සිරගෙදර සිරකරුවන් පිරිසක් මරුට?

තුවාල ලැබූ 25ක් රෝහලේ !



Update - 8.52pm

වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි. වෙඩි වැදීමෙන් හා වෙනත් ප්‍රහාර වලින් තුවාල ලැබූ 25ක් ජාතික රෝහල් හදිසි අණතුරු ඒකකයට ඇතුල් කොට තිබේ.මීට විශේෂ කාර්ය බලකා සෙබලු 08ක් ජේලර් වරුන් 01ක් සහ රැදවියන් පිරිසක් අයත් බව වාර්තා වේ.

වැලිකඩ ප්‍රහාරයෙන් තුවාල ලැබූ එස්.ටී.එෆ්.ප්‍රධානියාට ශෛල්‍යකර්මයක්


වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් තුවාල ලැබූ විශේෂ කාර්‍ය බලකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්.එම්.රණවන මහතා අද (09) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේය. ඔහු හදිසි ශෛල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාරය වෙත යොමු කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

Share this article with your friends