Chitika Smowtion 468x60


Tuesday, November 20, 2012

විදේශ ණය පොලී කෝටි 3,940 කින් නගී


2012 වසරේ පළමු මාස අටේදී රජයේ විදේශ ණය සඳහා පොලී ගෙවීම 2011 වසරේ පළමු මාස අට ට වඩා රු. කෝටි 3,940 කින් පමණ ඉහළ ගොස්‌ තිබෙන බව වාර්තාවේ.

මෙය රජයේ ණය පොලී වියදම 15% කින් වර්ධනය වීමකි.

විදේශ රටවල් වලින් ලබාගත් ණය සඳහා 2011 වසරේ පළමු මාස අටේදී ගෙවිය යුතු මුදල රු. කෝටි 25,587 ක්‌ විය

Sunday, November 18, 2012

Sri Lanka Design Festival - 2012



ශ්‍රී ලංකා ඩිසයින් ෆෙස්ටිවල් 2012 (SLDF) Island Craft Fashion Show මේ දිනවල කොලඹදී පැවැත්වේ. එහි පලමු දිනයේ ගත් ජායාරූප එකතුවක් පහතින්. 



හැටන් වලත් එළවලු ගිනි ගනං




හැටන් හා අවට ප්‍රදේශවල මේ දිනවල එළවළු මිල ඉතා අධික ලෙස ඉහල යාමත් සමඟම ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට ප්‍රදේශයේ බෝංචි කිලෝවක මිල රු 220 - 240 ක් දක්වාද, ලීක්ස් කිලෝව රු 140 - 180 දක්වා කැරට් කිලෝව රු 120 -140 දක්වාද ගෝවා කිලෝව රු 130 -140 දක්වාද රාඹු කිලෝවක් රු 100 - 110 දක්වාද වැටකොළු කි‍ලෝවක් රු 160 - 180 , බටු කිලෝවක් 140 -160 දක්වාද මිල ගනන් වලට විකිනෙන අතර කුඩා දෙහි ගෙඩිය රුපියල් 20 ක්ද දෙහි කි‍ලෝව රු 700 සිට 800 දක්වා මිලකට විකිණෙනු ඇත.

පොලිස් ස්ථානාධිපතිවරයෙක් වෙඩි තබා මරා දමයි


රත්නපුර පොලිස් සේවාස්ත පුහුණු ඒකකයේ ස්ථානාධිපතිව කටයුතු කළ එච්.ඒ රත්නායක මහතාට එතුමාගේ නිවසේදී කිසියම් පිරිසක් විසින් අද (18) වෙඩි තබා මරාදමා තිබේ. පොලිස් පරික්ෂක වරයා අද රාජකාරියට නොපැමිණ නිවාඩු ලබා නිවසේ සිටින අතර පෙරවරුවේ මේ වෙඩි තැබීම වී ඇති බව වාර්ථා වෙන අතර එය පෞද්ගලික ඉඩම් ආරවුලක් හේතුවෙන් සිදුවූවක් බවට මේ වන විට තොරතුරු අනාවරණය වන බව රත්නපුර පොලිසිය පවසයි.

කතා මැද කතා - සතියේ දේශපාලන සිදුවීම් සමාලෝචනය

මාව කඩේ යවන්න හදන්න එපා - ජනපති කියයි!



උගන්ඩා ජනපති වතුරත් අරන් ඇවිත්
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහය දැක්වූ රටක් වූයේ උගන්ඩාවය. එයට කෘතගුණ සැලකීම සඳහා එරට ජනපති යොවෙරි මුසෙවේනිට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකා ජනපතිවරයා ආරාධනා කළේ ඉකුත් ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක සමුළුවේ දී උගන්ඩා ජනපතිවරයා හමු වූ අවස්ථාවේ දීය.එය පිළිගත් උගන්ඩා ජනපතිවරයා ඉකුත් සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය. 

ඔහු නවාතැන් ගත්තේ හිල්ටන් හෝටලයේය. මෙරටට පැමිණි රාජ්‍ය නායකයන් අතරින් සිය ආරක්ෂාව ගැන වැඩිම සැලකිල්ලක් දැක්වූ ජනපතිවරයා ලෙස වාර්තා වන්නේද උගන්ඩා ජනපතිවරයායි. ඔහු ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ පානය කළේ උගන්ඩාවේ සිට ගෙන එන ලැබූ ජලයයි. එමෙන්ම හිල්ටන් හෝටලයේ සිටියදී ආහාර ලබාගත්තේ උගන්ඩාවේ සිට පැමිණි කෝකියකු සෑදූ ආහාරය. ඔහු ශ්‍රී ලංකා ජනපතිවරයා සමග පැවසුවේ තමන් සෞඛ්‍ය ආරක්ෂාව ගැන සිතා සිය රටින් පිටව යන සෑම අවස්ථාවකම නිර්මාංශ ආහාර පමණක් ලබා ගන්නා බවය. 

AIDS රෝග නිවාරණය සඳහා ඖෂධයක් අත්හදා බලමින් සිටින වෙදහාමිනේ

මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ඖෂධයක් ආයූර්වේද වෛද්‍යවරියක විසින් සොයා ගත් බව පසුගියදා වාර්තා වුණා.

රුසියන් වෛද්‍යවරයකු රුපියල් මිලියන පහකට මෙම ඖෂධයේ අයිතිය ලබා ගැනීමට ඇය සමඟ කතා කළද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි ඇය පවසන්නේ.

එම ඖෂධය සොයාගත් අම්බලන්ගොඩ සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසන්නේ ඒඩ්ස් රෝග නිවාරණය සඳහා ඖෂධයක් තමා අත්හදා බලමින් සිටින බවයි.



ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් සොයාගනී.

සූර්යයෙක් නොමැතිව ගුරුත්වාකර්ශනයෙන් මිදුනු ග්‍රහලෝකයක් පලමුවරට සොයාගන තිබෙනවා.

කිසිදු කක්ෂයක් නොමැතිව නිදහසේ ගමන් ගන්නා මෙම නිදහස් ග්‍රහලෝකය CFBDSIR J214947 ලෙසයි නම් කර ඇත.

දශකයක පමණ කාලයක් පරීක්ෂා කර සොයාගන තිබෙන මෙය හරියට පිදුරු ගොඩක තිබෙනා ඉඳිකටුවක් සොයාගැනීමටයි විද්‍යාඥයින් සමාන කර තිබෙන්නේ.



ජනපතිට අපහාස කල නිසා සුනිල් පෙරේරා ගුටි කන්න යයි

පසුගියදා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා ජනාධිපති තුමාට අපහාස වන ආකාරයේ ගීතයක් ගැයීම හේතුවෙන් ගැටුමක් ඇතිකරගෙන තිබේ.

ඔහු මෙම ගැටුම ඇතිකරගන තිබෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වරයෙකු වන වී. කේ ඉන්දික මහතා සමඟය.


පසුගිය 10 වනදා පැවැත්වූ මෙම උත්සවයට සහභාගී වූ සුන්ල් පෙරේරා විසින් "එහෙම වෙන්නේ ඇයි" ගීතය "රාජපක්ෂ වරුන්ගේ" වැඩ වගේ යන අර්ථයෙන් ගායනා කිරීම හේතුවෙන් මෙම ගැටුම ඇතිවී ඇත.


Share this article with your friends