Chitika Smowtion 468x60


Wednesday, November 28, 2012

සරසවි නායකත්ව පුහුණු වැඩසටහනට මිලියන 250ක්

දෙසැම්බර් 27 වනදා ආරම්භ කෙරෙන 2012 නායකත්ව පුහුණු වැඩසටහන සඳහා මිලියන 250කට අධික මුදලක් වැයවෙන බව ගනන් බලා තිබේ.

2010 උසස් පෙලට ඉදිරිපත්වූ සිසුන් සඳහා 2011 වසරේ ප්‍රථම වරට එම පුහුණු වැඩසටහන පැවති අතර සිසුන් 22,000 කට ආසන්න සංඛ්‍යාවක් ඊට සහභාගි විය.

නමුත් මෙවට වැඩිපුර සිසින් 5,609ක් ද ඇතුලත්ව සිසුන් 28,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම පුහුණුව ලබාදීමට සිදුව ඇත. මේ අනුව එක් ශිෂ්‍යයෙක් සඳහා වැයවන මුදල දළ වශයෙන් රු. 9,000කි.



Monday, November 26, 2012

පිරිමින්ගේ මදසරු බව වැඩිවෙලා




මදසරු බවට ගොදුරු වන පිරිමින්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මද සරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා සඳහන් කර සිටි.
මද සරුබවට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් සියයට 50 ක ගේම එම තත්ත්වයට හේතුව වී ඇත්තේ පරිසර දූෂණය, බව හෙළිව ඇත.

කොරියානුවන්ගේ ජංගම දුරකථන මාෆියාවට ඔබත් අසුවුනාද ?

මාස කිහිපයක සිට ලංකාව පුරා සැරිසරමින් කොරියානු ජාතිකයන් කණ්ඩායම් කිහිපයක් Samsung S3, Sony Ericsson Xperia සහ තවත් බොහොමයක් ඉහල ඉල්ලුමක් පවතින ජංගම දුරකථන වර්ග විකුණන මුවාවෙන් තත්වයෙන් බාල ජංගම දුරකථන විකුණමින් සිටින බවට අපට වාර්තාවේ.

මෙම දුරකථන පෙනුමෙන් එක සමාන වන අතර දුරකථන පිලිබඳ හොඳ අවබෝදයක් නොමැති ඕනෑම කෙනෙක් මෙවැනි දුරකථන වලට රැවටේ. මෙලෙස විකුණනු ලබන දුරකථන තවත් එක් ව්‍යාජ චීන නිමවුමක් පමණක් වන අතර මාස කිහිපයක් වත් නිසිලෙස භාවිතා කල නොහැකි සේම බලාපොරෝත්තුවූ ක්‍රියාකරිත්වයක්ද නොමැත.



Saturday, November 24, 2012

ගං කබරයන්ගේ පාර්ලිමේන්තු ආගමනය

දේශපාලන වශයෙන් මොන මොන වැරදි තීන්දු ගත්තත් ජේ ආර් පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකීමට ක්‍රියා කළේය.

රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය නීති අධ්‍යාපනය ඒ සඳහා ඔහුට බලපාන්නට ඇත. කාණුවෙන් පැමිණියත් ප්‍රේමදාස සුදුස්සාට සුදුසු තැන දුන්නේය.

හෙරක් සහ විස්කි මත නිසා සෑම රාජකාරියක්ම පමාවී ආරම්භ කල චන්ද්‍රිකා පාර්ලිමේන්තුව පීචන් කලේ නැත. රොස්මිඩ් පෙදෙසේ සංස්කෘතිය නිසා යම් පමණකට හෝ චන්ද්‍රිකා සමයේ පාර්ලිමේන්තුවේ ඔක්ස්ෆර්ඩ් උගත් ලක්ෂ්මන් කදිරාගමලාට තැනක් දී තිබුණි. 



නාමල් සමඟ ගැටුණු බැංකු සභාපතිවරයා තනතුර හැරයයි

"නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා" ලෙස පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එයින් කියවුනේ එක්තරා රාජ්‍ය බැංකුවක සභාපතිවරයෙක්‌ හා නාමල් රාජපක්ෂ අතර වූ වචන හුවමාරුවකි.

මෙම සභාපතිවරයා වූයේ ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ මහතාය.

පසුගියදා නාමල් රාජපක්ෂ විසින් පරන්තන් ප්‍රදේශයේ කල සංචාරයකදීද ගොවීන් විසින් ලංකා බැංකුවෙන් ලබාගත් වගා ණය පිළිබඳව කල නාමල්ට කළ පැමිණිල්ලකින් පසු ඔහු ගොවීන් සමඟ ගාමිණි වික්‍රමසිංහ මහතාට බැන වැදී තිබුනේ "ඔය බැංකුවේ සභාපතිවරයාත් පිස්සු. මෙහේ ඉන්න මැනේජර්ටත් බාගෙට පිස්සු" යැයි කියමිනි.



මම හොයන ආදරය මට තාම ලැබිලා නෑ - ගීතා කුමාරසිංහ


  • මම තනියම ජීවත් වෙන ගෑණියක්
  • සැබෑ ආදරය ලැබුනද කියලා මට සැකයි
  • මම හොයන ආදරය මට ලැබිලා නෑ
  • මට තනිකම තදින් දැනෙනවා
  • මට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවයත් තියනවා
  • මරණය දක්වාම රඟපෑමේ යෙදෙන්නයි මම කැමති

සිනමා නිළි ගීතා කුමාරසිංහ පෙරේදා ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් DVD ලෙස එලි දැක්වුවා.

මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්

නිළියක් හැටියට එදා ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද?

යෝෂිත කසකස්තාන් ගියේ මොකටද?

පසුගිය සැප්තැම්බර් මාසයේදී නොබැඳි ජාතීන්ගේ 16 වන රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂද ඉරානය බලා පිටත්ව ගොස් තිබූ බව අප වාර්තා කලා.

ජනාධිපතිවරයා මේ දිනවල සිටින්නේ කසකස්ථානයේය. මෙම සංචාරය සඳහා යෝෂිත රාජපක්ෂද නැවතත් සහභාගීවී සිටිනවා. 



ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට යෝජනා


මෙරට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවට දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කර තිබේ.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට මෙය වැදගත් වනු ඇති බවයි.

ගණිකා ව්‍යාපාරය සඳහා මෙරටින් පිරිස් සොයාගත හැකි වන තෙක් විදේශයන්ගෙන් පිරිස් ගෙන්වා ගත හැකි යයිද ඔහු පවසයි. 


තමන් ඇතුළු මන්ත‍්‍රී කණ්ඩායම මෑතකදී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බවද මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.

Share this article with your friends