
ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර හෙළිකල බව ඔබට මතක ඇති.
2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.
මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.
වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.
නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.
රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.
මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?
මෙවර Miss Tourism Queen International -2012 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් චීනයේ බලා පිටත්ව ගියේ විනූ සිරිවර්ධන යි. චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.
පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.
උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බව 2013 වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
ලන්ඩනයේ The Economist ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද එම සමීක්‍ෂණය අනුව වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.
දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.
මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගලනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ 63 වන ස්ථානයයි.
පසුගියදා නැඟෙනහිර ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීම නිසා එයට විරෝධය පා බොදුබල සේනා සංවිධානය ඊයේ කෞතුකාගාරය ලඟ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලඟට පැමිණියා.
එහිදී එම සංවිධානය විසින් ඉල්ලා සිටියේ වහාම නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට පුවරු සවිකරන ලෙසත්ය.
මේ අතර පෙබරවාරි 14 වෙනිදා එම සංවිධානය කූරගලට යන බවත් දන්වා සිටියේ මෙලෙසින්.
"තාම සුද්දා හදලා දීපු පනත කරපින්නාගන මේ බෞද්ධ සංහාරය කරනකම් ඇමතිලත් බුදි, නිළධාරීනුත් බුදි. ඔය පනත මහත්තයෝ නවලා ලිපට දාන්න. ඔය පනත වෙනස් වුනේ නැත්නම් මීට පස්සේ එක නිළදාරියෙක් එවන්න එපා. හැම තැනකම අපි හදනවා පන්සල්. පුළුවන් නම් වරෙල්ලා නවත්තන්න පුරාවිද්යා නිලධාරීන්.
ඇමරිකාවේ ජනප්‍රියම රියලිටි රුපවාහිනී වැඩසටහනක් වන ද ඇමේසීන් රේස් (The Amazing Race) ශ්‍රී ලාංකික අපටද සුවිශේෂී වැඩසටහනක් බවට පත්වී තිබෙනවා.
එයට හේතු වන්නේ විසි හය හැවිරිදි ශ්‍රී ලංකික යුවතියන් දෙදෙනෙකු වන නටාලි සහ නාඩියා ඇන්ඩසන්ය අනෙක් තරඟකරුවන් අභිබවා යමින් පෙරමුණේ රැදී සිටීමයි.
ත්‍රාසජනක ක්‍රියාදාමයන් හා බාධක මැඩගෙන ඉදිරියට යන මෙම තරඟාවලියේ මෙම නිවුන් සොයුරියන් දෙදෙනා වැඩි ජවයකින් යුතුව ක්‍රියාකරනු දැකගත හැකිය.
නදීෂා හේමමාලි නිලියක් ලෙස ජනතාව අතරට පැමිණ දිගු කාලයක් ගත නොවුවද ඇය සතු සහජ කුසලතා හේතුකොටගෙන මේවනවිට සිංහල සිනමාවේ වඩාත් සරාගී මෙන්ම ධනවත්ම නිළිය ලෙස ඇය පත්ව සිටියි. ඇය දැන් ටෙලි නාට්‍යය නිෂ්පාදනකාරණයේද නියැලී සිටියි.
කලකට පෙර විශාල වියදමක් කර නිෂ්පාදනය කර විකාශය වූ ඇත්කඳ ලිහිණියා නම් ටෙලි නාට්‍යයද ඇගේ නිෂ්පාදනයකි. මේදිනවල ඇය, ඇගේ කුළුදුල් විවාහය සඳහා සුදානම් වනබව වාර්තාවේ.
එලෙස ඇය සමග විවාහ ගිවිස ගැනීමට සුදානම් වන්නේ "මොහොමඩ් හෆීස් යසීන්" නම් තිස් දෙහැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු සමගය.

- මම මේ රටේ සමාජ සංස්කෘතික හැදියාවට ගරු කරන කෙනෙක්
- අපේ විවාහය සිද්ද වුණේ 2012 ජනවාරි 31 වැනිදා
- මම නිව්යෝර්ක් වල ඉන්න ගෙට විතරක් ඩොලර් 1012 ක් ගෙවනවා
- "චෙරියෝ සාජන්" නාට්‍යය ඇමරිකාවේ පෙන්වන්න ගිහාම එහේ මම නතර වුණා
- නිව්යෝක් වල කළේ වයසක වැඩිහිටියෙක් බලා ගැනීම
- දෙසැම්බර් 10 මම යළිත් අමෙරිකාවට යනවා
- මම රඟපෑවොත් ඒවා නිල් චිත්‍රපට
- හුඟක් රසිකයෝ මාව ෆේස් බුක් එකෙන් හමු වෙනවා
- ෆේස් බුක් එකට ඇතුළත් වුණේ මැගී ෆනෑන්ඩු නමින්
- එහෙදි මම විවිධ රැකියා 6ක් විතර කළා
- ඇමරිකාවේදී වෙළෙඳ දැන්වීම් දෙකකට රඟපෑවා
සිංහල සිනමාවේ සරාගී නිළි රැජන සුමනා ගෝමස් සරසවිය පුවත්පත සමඟ සාකච්ජාවක් පවත්වා තිබෙනවා. පහත පලවන්නේ එම සාකච්ජාවයි.