Chitika Smowtion 468x60


Tuesday, December 4, 2012

බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකු නුදුරේදීම


බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉමහත් සතුටක් ලබාදෙමින් , බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකුගේ ආගමනය නුදුරේදීම සිදුවන පුවතක් ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර සිටියේය. 

ඊයේ උදැසන කෙට් කුමරියට ඇතිවූ වමනය තත්වයක් මත ඇය, විලියම් කුමරු විසින් King Edward VII රෝහලට ඇතුලත්කර තිබෙන අතර එහිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවුයේ කෙට් කුමරිය සති අටක ගැබිනියක් බවයි.

අම්මා තාත්තා එක්ක ෂූටිං යන අපේ නිළියෝ

ලංකාවේ නිළියන්ගේ හැදියාව මේ වනවිට වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.

ඊයේ පුවත්පත් දෙකක ලංකාවේ නිළියන් දෙදෙනෙකු පිළිබඳව විස්තර පළවී තිබූණා.

එම නිළියන් දෙදෙනාම පවසා තිබුනේ ඔවුන් දෙදෙනාම ෂූටිං ගන්නේ දෙමව්පියන් සමඟ බවයි.

එම විස්තර හා ඔවුන් දෙදෙනාගේ ජායාරූප එකතුවන් පහතින්.


අම්මා නිතරම් ලඟ ඉන්න නිසා පෙම් යෝජනා එන්නේ නෑභග්‍යා ගුරුසිංහ

මේ දවස් වල සතියට කී වරක් ප්‍රේක්ෂකයෝ අතරට එනවද?

ශ්‍රී ලංකා යුද හමුදාව පවාදීම

ශ්‍රී ලංකා යුද හමුදාවට සිදුකල විශාලතම පාවාදීම ලෙස වාර්තා වන්නේ කුලසිරි උඩුගම්පොල නමැති පොලිස් නිලධාරියා විසින් සිදු කල මිලේනියම් සිටි පාවාදීමයි.

මේ පාවාදීම නිසා අතුරුගිරියේ මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ස්‌ථානගතව සිටි දිගුදුර විහිදුම් බළකායේ සාමාජිකයන් කොටි පිස්තෝල කල්ලියට බිලි වුහ.

නමුත් මිලේනියම් සිටි පාවාදීමටත් වඩා බරපතල පාවාදීමක් පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ නිලධාරීහු හෙළි කරති. ඔවුන් පෙන්වාදෙන අන්දමට කුලසිරි උඩුගම්පොල සිදුකල පවාදිමටත් වඩා ශ්‍රී ලංකා යුද හමුදාවට විශාලතම පාවාදීම සහ හානිය කරන ලද්දේ යුද හමුදා රෝහලේ බ්‍රිගේඩියර් කමල් සුමනපාල විසිනි. 



Monday, December 3, 2012

ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණනකි !



ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර  හෙළිකල බව ඔබට මතක ඇති.

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.



කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ? - පුරාවිද්‍යා කොමසාරිස් අසයි

වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.

නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.

රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.


මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?

Saturday, December 1, 2012

Miss Tourism Queen International - 2012 ජායාරූප එකතුවක්

මෙවර Miss Tourism Queen International -2012 තරඟය සඳහා ලංකාව නියෝජනය කරමින් චීනයේ බලා පිටත්ව ගියේ විනූ සිරිවර්ධන යි. චීනයේ නැන්ජින් නුවර නොවැම්බර් 15 වෙනිදා සිට පැවැත්වෙන එහි අවසන් තරඟය පැවැත්වෙන්නේ දෙසැම්බර් 4 වෙනිදාය.

පසුගිය වසරේ මේ සඳහා ලංකාව නියෝජනය කලේ පුෂ්පිකා සඳමාලි ය. මෙවර තරඟාවලිය අතරතුරේ ගත් ජායාරූප එකතුවක් පහතින්. මුල් ජායාරූප 6 හි විනූ සිරිවර්ධන සිටිනි දැකිය හැක.




ලෝකයේ ඉපදෙන්න හොඳම රට ස්විට්සර්ලන්තයයි

උපදින්නට හොඳම රට ස්වට්සර්ලන්තය බව 2013 වසර සඳහා වූ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ලන්ඩනයේ The Economist ආර්ථික විද්‍යා සඟරාව පවත්වන ලද එම සමීක්‍ෂණය අනුව වඩාත්ම සතුටින් හා ගුනාත්මක ජීවන රටාවක් තිබෙන්නේ ස්විට්සර්ලන්තයේය.


දෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් තුන් වන ස්ථානය නෝර්වේ රජයටත් හිමිවී ඇත.

මෙම සමීක්‍ෂණයෙන් ඇමෙරිකාවේ 16 වැනි තැනටත් එංගලනත්තය 27 වැනි තැනටත් පත්ව ඇති අතර ලංකාවට හිමිව ඇත්තේ 63 වන ස්ථානයයි.

වැලන්ටයින් දා කූරගලට යන බොදුබල සේනා

පසුගියදා නැඟෙනහිර ප්‍රදේශයේ වසර දහස් ගණනක් පැරණි චෛත්‍යයක් ඩෝසර් කිරීම නිසා එයට විරෝධය පා බොදුබල සේනා සංවිධානය ඊයේ කෞතුකාගාරය ලඟ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලඟට පැමිණියා.

එහිදී එම සංවිධානය විසින් ඉල්ලා සිටියේ වහාම නැඟෙනහිර පලාතේ පුරාවිද්‍යා ස්ථාන ගැසට් කර පුරාවිද්‍යා ස්ථාන හඳුනාගැනීමට පුවරු සවිකරන ලෙසත්ය.

මේ අතර පෙබරවාරි 14 වෙනිදා එම සංවිධානය කූරගලට යන බවත් දන්වා සිටියේ මෙලෙසින්.


"තාම සුද්දා හදලා දීපු පනත කරපින්නාගන මේ බෞද්ධ සංහාරය කරනකම් ඇමතිලත් බුදි, නිළධාරීනුත් බුදි. ඔය පනත මහත්තයෝ නවලා ලිපට දාන්න. ඔය පනත වෙනස් වුනේ නැත්නම් මීට පස්සේ එක නිළදාරියෙක් එවන්න එපා. හැම තැනකම අපි හදනවා පන්සල්. පුළුවන් නම් වරෙල්ලා නවත්තන්න පුරාවිද්යා නිලධාරීන්. 

Share this article with your friends