අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රජය විසින් ගොණුකොට තිබූ චෝදනා 14න් 3කට ඇය වැරදිකාරිය වී ඇති බව එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා අද පැවසුවා.
ගොණු කොට තිබූ චෝදනා 14න් 1, 4, 5 යන චෝදනාවන්ට පූර්ණ වශයෙන් වැරදිකාරිය බවත් 2 සහ 3 චෝදනාවන් අර්ධ ලෙස ඔප්පු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. (චෝදනා 14 මෙතනින්)
විමර්ශනයට ලක් කර ඇත්තේ චෝදනා 5 ක් පමණක් බවත් 5 න් 3කට වැරදි කාරිය බැවින් අගවිනිසුරුධූරයෙන් ඉවත් කිරීමට එක් චෝදනාවක් හෝ ඔප්පු වීම ප‍්‍රමාණවත් බැවින් අනෙක්වා විභාගයට නොගත් බවයි නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබෙන්නේ.
Lior Suchard ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලන්නේ අධිමානසික ශක්තිය ඇති පුද්ගලයෙකු ලෙසයි. ඔහුට වෙනත් කෙනෙකුගේ හිත කියවීමේ පවා හැකියාවක් පවතිනවා.
යුදෙව් ජාතිකයෙකු වන ඔහු මේ වනවිට රටවල් 40ක පමණ රූපවාහිනී වැඩසටහන් වලට සහභාගීවී තිබෙන අතර ඊයේ ඔහු සිරස රූපවාහිනියට පැමිණියා.
ඔහු විසින් අනෙක් අයගේ හිතේ තිබෙන රූපයක් සිතුවම්ගත කළ අයුරු හා අතින් අල්ලන්නේ නැතුව ඈතින් ඇති වස්තුවක් වෙනස් කළ අයුරු පහතින්.
ගුවන් විදුලියේ හා හා රුපවාහිනියේ බණ්ඩාරවෙල අමිතානන්ද හිමි නමගේ කටහඬ සහ රුපය බොහෝ දෙනෙකුට හුරුපුරුදු දෙයකි.
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි කියූ විගසින් අපට සිහිවන්නේ සෑම පෝය දිනකම පාහේ ගුවන් විදුලියේ, රුපවාහිනියේ බන දේශනා කරන සැදැහැවත් භික්ෂුන් වහන්සේ නමකි.
නමුත් අප වෙබ් අඩවිය වෙත මෑතකදී හෙළි වුයේ උන්වහන්සේ සිවුරට හා ප්‍රසිද්ධත්වයට මුවාවී සිදුකරන ලද වංචාවක් පිලිබඳවය. හොඳ දේ අගය කිරීමට මෙන්ම අයුක්තිය ඉදිරියේ හඬ නැගීමටත් අප බිය නොවන්නෙමු.
පහත සඳහන් කිරීමට යන අමිතානන්ද හිමි නම පිලිබඳ විස්තරය අප ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳව සියලු සාක්ෂි ඇති වටපිටාවකය. අප වෙබ් අඩවිය වෙත වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
රෝසි සේනානායක මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේ උදැසන ආහාර වේලට එක්කරන ලෙස යෝජනා කළ කෑම ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදැසන කෑම වේලට දැනට දෙන ආහාරවලට අමතරව මි පැණි, බේකන්, කොන් ෆ්ලෙක්ස් හා ගෝල්ඩන් සිරප් ලබාදීමට තීරණයවී තිබේ.
එම දේවල් එක්වුවද රු.80ක් වූ එම උදැසන කෑම වේලෙහි මිලෙහි වැඩිවීමක් සිදුනොවේ.
අලි බැලීමත් බලි බැලීමත් එපා නොවෙන දෙයක් ලෙස සිංහල ගැමියන් ප්‍රකාශ කලද මෙවන් සද්ධන්තයෙක් මෙලස අකාලයේ සුසානයේ වැතිර සිටිනු දැකීම පරිසරයට ලැදී ඕනෑම කෙනෙකුන්ගේ හදවත කම්පා කරවන කරුණකි
කොලොන්නාව ප්‍රදේශය පසුගිය කාලයේ යුධ පිටියක් බවට පත්ව තිබුනේ දුමින්ද සිල්වා හා ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා අතරත තිබුන සිතල යුද්ධය හේතුවෙනි.
අවසානයේ මෙම යුද්ධය මුහුණට මුහුණ ලා කෙරෙන වෙඩි තැබීමක් දක්වා දුරදිග ගිය අතර භාරත ප්‍රේමචන්ද්‍ර එයට මරණයෙන් වන්දි ගෙවූ අතර මන්ත්‍රී දුමින්ද සිල්වා තමවත් විදෙස්ගතව ප්‍රතිකාර ගනු ලබයි.
කලක් පුරා නිවී තිබුණු මෙම ගැටුමේ ගිනි පුපුරු නැවතත් මතුවුයේ පසුගිය දා දුමින්ද සිල්වාගේ උපන්දිනය යෙදුන දා (03) සිදු කරන ලද බෝධි පුජාවකට සමගාමිව භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණියගේ පාර්ශවයෙන් ඇතිවූ විරෝධත්වයක් හේතුවෙනි.
අතුල - සමිතා යුගලපදය පසුගිය කාලය පුරාවට භාවිතා වුයේ බිඳී ගිය විවාහය සම්බන්ධයෙන් පැතිරුණු පුවත් සම්බන්ධයෙනි.
ඒ අනුව පසුගිය කාලයේ අතුල විසින් අමායා සමග සිදුවූ රහසිගත විවාහය පිලිබඳ හෙලිකල අතර එතැන් පටන් එය මාධ්‍යයට රහසක් නොවිය.
පසුගියදා සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සමිතා ප්‍රකාශකොට තිබුනේ තමාට අතුල ඒ කාලේ අමායා ගැන කියා තිබු බවත් අමායා යනු හොඳ කෙනෙක් බවත්ය.
බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ඉමහත් සතුටක් ලබාදෙමින් , බ්‍රිතාන්‍ය රජ පවුලට නව සාමාජිකයකුගේ ආගමනය නුදුරේදීම සිදුවන පුවතක් ඊයේ රාත්‍රියේ බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තාකර සිටියේය.
ඊයේ උදැසන කෙට් කුමරියට ඇතිවූ වමනය තත්වයක් මත ඇය, විලියම් කුමරු විසින් King Edward VII රෝහලට ඇතුලත්කර තිබෙන අතර එහිදී සිදුකල පරීක්ෂණ වලින් හෙලිවුයේ කෙට් කුමරිය සති අටක ගැබිනියක් බවයි.