Tuesday, January 8, 2013
නාරදගේ විවාහ මංගල්‍යය (Narada's Wedding)
යං ඒෂියා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ නාරද බක්මීවැවගේ (Narada Bakmeewewa) විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. මනමාලිය වුනේ රාගම වෛද්‍යපීඨයේ කථිකාචාර්යවරියක වූ දිනූෂි අතපත්තුයි. එහි ජායාරූප එකතුවක් පහතින්.
ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ
මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක්මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.
එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා 100%කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.
Monday, January 7, 2013
Sunday, January 6, 2013
කැලණිය උණුසුම් කල හසිත මඩවල ගේ ඝාතනය (Hasitha Madawala Killed)
ඊයේ රාත්‍රියේ රාත‍්‍රී 7.30ට පමණ හසිත මඩවල සිය රථයෙන් නිවසට පැමිණ රථය නිවස ඉදිරිපිට නවතා එයට හේත්තු වී සිටියදී පසුපසින් ඔහුව හඹා ආ මෝටර් සයිකලයක සිටි සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනකු විසින් ගිනි අවියකින් මඩවල මහතාට දිගට හරහට වෙඩි තබා තිබේ.
Friday, January 4, 2013
සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර (Actress Raped)
ගුවන් භටයන් දෙදෙනෙකුත් ඒ අතරපසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස් ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.
ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.
තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු ඇය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.
වේදිකා නාට්‍ය නිළිය 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී ඇත.
සුපර්මාර්කට් ටැක්ස් එක නිසා භාණ්ඩ මිල ඉහල යෑමක් ඉදිරියේදී (Supermarket Tax)
සුපිරි වෙලඳසැල් ඇතුලු තොග හා සිල්ලර වෙලඳසැල් සඳහා මෙතෙක් පැනවී තිබුනේ ජාතිය ගොඩ නැඟීමේ බද්ද පමණකි.නමුත් 2013 වසර සඳහා ඉදිරිපත් කල අය-වැය මඟින් තොග හා සිල්ලර වෙලඳාම් වලට "අගය මත එකතු කළ බද්ද" හෙවත් "වැට් බද්ද" ද එකතුකර තිබෙනවා.
ඒ කාර්තුවකට මිලියන 500කට වඩා ආදායමක් (ලාභයක් නොව ආදායමක්) ලබන වෙලඳ සැල් සඳහාය.
මේ අනුව කාර්තුවට මිලියන 500 කට වැඩි ආදායම් ලබන වෙලදසල් සඳහා පනවනු ලද බද්දක් නිසා මෙම බද්දට හසු වීමේ ප්‍රධාන ඉලක්ක වන්නේ සුපිරි වෙලඳසල් බව පැහැදිලිය.
මෙය 2013 අය වැයේ අන්තර්ගත විශාලම බද්දක් වන අතර මෙයින් බිලියන 5ක පමණ ආදායමක් රජය විසින් බලාපොරොත්තු වෙයි.
දුෂ්‍යන්ත් වීරමන් සමඟ කාමරයේ එකට සිටි යුවතිය කවුද? (Dushyanth with Girl?)
පසුගියදා ශ්‍රී ලංකා කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් කොරියාවේ "ස්ටාර් මෙගා ඩාන්ස්" නමින් ප්‍රසංගයක් පැවැත්වූණා.එම ප්‍රසංගය සඳහා යුරේනි නොෂිකා, අරුණි රාජපක්ෂ, උපේක්ෂා ස්වර්ණමාලි, රොෂාන් රණවන, දොන් ෂර්මන් සහ දුෂ්‍යන්ත් වීරමන් සහභාගිව තිබු අතර මෙම ප්‍රසංගය පැවැත්වෙන අතරතුර කාලය තුල දුෂ්‍යන්ත් වීරමන්ගේ කාමරයේ සිටි අත්භූත යුවතියක් ගැන අප වෙබ් අඩවිය වෙත වාර්තා වනවා.
Subscribe to:
Posts (Atom)


