කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.
ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.
මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.





