Chitika Smowtion 468x60


Sunday, January 13, 2013

Rizana Nafeek ගේ මරණයට පසු ?


http://i.imgur.com/vxiKj.jpgරිසානාගේ මළ සිරුර ‍සෞදි වැලි යට වැළලේ
රිසානාගේ පවුලට නව නිවසක්‍
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා‍ වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක්‌ ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.

මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා.


 ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව

• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.

  • මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.

• බය නැද්ද?

පෙම් සුව විදිමින් සිටි පාසල් පෙම් යුවළක් දැලේ


කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී පසුගිය දා (8) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 අංකයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව මේ පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් කාමරයේ පසෙක තිබූ අතර පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත.
සිසුන්‍ දෙදෙනා පෙරේදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ අතර පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

Saturday, January 12, 2013

දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී (Deyata Kirula Lies)


දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.

තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව 
පසුගියදා පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.

ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි (Sheryl Romen & Ruwan Love Story)


පසුගිය දා ජනප්‍රිය ටෙලි නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් හා ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි හදිසියේ විවාහ ගිවිසගැනීම සිදුකලේ සැවොම පුදුමයට පත්කරමිනි. 

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.


Friday, January 11, 2013

මර්වින් ඉල්ලා අස්වෙයි ( Mervin Silva Resigned )


දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි 

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර හා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය. 

වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි ( Chief Justice Dr. Shirani Bandaranayke )

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.

අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම එමීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.

ඒ අනුව වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මතවී තිබෙනවා.

දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය.

ශ‍්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.

මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක්‌ ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.

ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.

Share this article with your friends