මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි.
අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.
මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.
Wednesday, January 16, 2013
පොලීසය "ඕක ගන්නවා අයිසේ"යි අගවිනිසුරුවරියට කෑගසයි
ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.
නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගියාය.
පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.
Sunday, January 13, 2013
Rizana Nafeek ගේ මරණයට පසු ?
රිසානාගේ පවුලට නව නිවසක්
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක් ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස් ගණනක් ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.
මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා.
ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව
• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.
• මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.
• බය නැද්ද?
පෙම් සුව විදිමින් සිටි පාසල් පෙම් යුවළක් දැලේ
119 අංකයට ලැබුණ පැමිණිල්ලක් අනුව මේ පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් කාමරයේ පසෙක තිබූ අතර පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත.
සිසුන් දෙදෙනා පෙරේදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ අතර පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
Saturday, January 12, 2013
දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී (Deyata Kirula Lies)
දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව පසුගියදා පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.
ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.
ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි (Sheryl Romen & Ruwan Love Story)
ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.
Friday, January 11, 2013
මර්වින් ඉල්ලා අස්වෙයි ( Mervin Silva Resigned )
දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි
කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර හා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය.
Subscribe to:
Posts (Atom)

