Chitika Smowtion 468x60


Thursday, January 17, 2013

බෙරගල ගොල්ෆ් රිසෝර්ට් (Beragala Golf Resort) එකට අක්කර 628ක් බිලි


බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.

වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" 
(Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

Wednesday, January 16, 2013

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක (Shirani Bandaranayake) මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය.

මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි. 

අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ. 

මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි. 


පොලීසය "ඕක ගන්නවා අයිසේ"යි අගවිනිසුරුවරියට කෑගසයි


දෝශාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනපති එයට අත්සන්කොට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහකොට නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ කාර්යය ඊයේ දහවල් කාලයේදී සිදුවුවා.

ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් 
ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.

නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග 
ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගි‍යාය. 

පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.

Sunday, January 13, 2013

Rizana Nafeek ගේ මරණයට පසු ?


http://i.imgur.com/vxiKj.jpgරිසානාගේ මළ සිරුර ‍සෞදි වැලි යට වැළලේ
රිසානාගේ පවුලට නව නිවසක්‍
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා‍ වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක්‌ ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.

මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා.


 ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව

• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.

  • මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.

• බය නැද්ද?

පෙම් සුව විදිමින් සිටි පාසල් පෙම් යුවළක් දැලේ


කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී පසුගිය දා (8) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 අංකයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව මේ පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් කාමරයේ පසෙක තිබූ අතර පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත.
සිසුන්‍ දෙදෙනා පෙරේදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ අතර පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

Saturday, January 12, 2013

දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී (Deyata Kirula Lies)


දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.

තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව 
පසුගියදා පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.

ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි (Sheryl Romen & Ruwan Love Story)


පසුගිය දා ජනප්‍රිය ටෙලි නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් හා ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි හදිසියේ විවාහ ගිවිසගැනීම සිදුකලේ සැවොම පුදුමයට පත්කරමිනි. 

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.


Share this article with your friends