සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.
සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.
ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය.
ජනාධිපතිවරයා විසින් කැලණිය ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා මීට පෙර අයින් කරන ලද්දේ ගස් බැඳීමේ නාට්‍යයෙන් පසුවය.
පසුව විනය පරීක්ෂන නාට්‍යයෙන් පසුව නැවතත් ඔහුට එම සංවිධායක ධූරයම ලැබිණි.
මෙවර තිර පිටපත ඊට වඩා මඳක් වෙනස් විය. මෙවර ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වාම ඉල්ලා අස්විය. ඒ හසිත මඩවල ඝාතන චෝදනාව මර්වින් සිල්වාට එල්ලවූ නිසාය.
නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් රජය විසින් පත් කළේ නැත. මර්වින් සිල්වාව වෙනත් ආසනයකට දැමීම හෝ පන්නා දැමීමක්ද කළේ නැත.
අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.
එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.
දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.
ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත.
මුස්ලිම් ජාතිකයන් විසින් සිය ආහාර ලබාගැනීමට ප්‍රථම පහතින් කුරාණයේ දැක්වෙන ආකාරයට ආකාරයේ මාංශ එම ආහාරයන්හි අඩංගු දැයි යන්න සොයා බැලිය යුතුය.
ඉස්ලාමීය ඉගැන්වීම් තුළ හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳ එලෙස සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.
අද වනවිට මේ සංකල්පයට අනුව ලාංකේය වෙළෙඳ භාණ්ඩ 4,500කට අධික ප්‍රමාණයක් හලාල් සහතිකය ලබාගෙන ඇති අතර ඒ තුළ මුස්ලිම් ජනතාවට හලාල් හෙවත් අනුමත නිෂ්පාදනයන් ලබාදෙන්නට මෙරට ව්‍යාපාරිකයන් කටයුතු කොට ඇත.

එහෙත් හලාල් (අනුමත) සහතිකය ලබාදීම සඳහා වූ එම සහතිකය ලබාදෙන සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානය අදාළ වෙළෙඳ ආයතන තුළින් විශාල මුදලක් අයකර ගැනීමත් ඒ සඳහා වූ කොන්දේසි කිහිපයක් හිමි කිරීමක් මත වෙනත් අරමුණු ඉටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේදැයි සැකයක් සමාජය තුළ උද්ගතව තිබේ.
බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.
මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.
වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" (Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.
මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි.
අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ.
මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි.
දෝශාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනපති එයට අත්සන්කොට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහකොට නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ කාර්යය ඊයේ දහවල් කාලයේදී සිදුවුවා.
ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.
නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගියාය.
පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.