මේවන විට ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති අධික බදු ප්‍රමාණයන් හේතුවෙන් එම භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සුපිරි වෙළෙඳසල් කළමනාකාරීත්වය තීන්දු කොට තිබීම මේ සඳහා හේතුවී තිබේ.
ඔවුහු පෙන්වා දෙන්නේ දැනට සුපිරි වෙළෙඳසල්වල රාක්කවල පවතින ආහාර ද්‍රව්‍ය තොග අවසන් වීමෙන් අනතුරුව නැවත ඒවා ඉහළ බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කළ නොහැකි බවත්, ඒ අනුව මින් ඉදිරියට එම රාක්ක හිස්ව පවතිනු ඇති බවත්ය.
උපුටා ගැනීම: ඉරිදා මව්බිම