වයස අවුරුදු 01ක් වූ තම සිඟිති දියණිය උඩදමමින් ප්‍රකෝපකාරි ලෙස නටමින් සිටි කාන්තාවක් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයේදී පසුගිය දින රාත්‍රියේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට පත්වුයේ අහංගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවකි. ඇය සංගීත සංදර්ශනය අවස්ථාවේ තම දියණියගේ ජීවිතය අනතුරට හෙලමින් එම අත දරුවා උඩට විසිකරමින් අල්ලමින් නටමින් ප්‍රකෝපකාරි ලෙස හැසිරී ඇත.
මෙම අවස්ථාවේ එතැන ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් දරුවාගේ ජීවිතය අනතුරේ ඇතිබව වටහාගෙන දරුවා සමග ඇය පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඇය මාතර අතිරේක මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දීත් අධිකරණය තුළ කෑගසමින් ප්‍රකෝපකාරි ලෙස හැසිරි ඇති බැවින් සැකකාරිය දරුවාද සමග අංගොඩ මානසික රෝහලට යැවීමට මහෙස්ත්‍රාත්වරිය නියෝගකර ඇත.