සිද්ධියට සම්බන්ධ කතුන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ගජ මිතුරන් වන අතර පෙතියාගොඩ පදිංචි තැනැත්තත් ඔහුගේ බිරිය සහ දරුවන් එදින කුරුණෑගල මිතුරාගේ නිවසට පැමිණ ඇත.
එහිදී ඔවුන් තෑගි බෝගද හුවමාරු කරගෙන දිවා ආහාරයද ලබා ගෙන ඇත. පසුව කුරුණෑගල මිතුරාගේ දරුවා ටියුෂන් පංතියකට ඇරලවීම සදහා දෙදෙනාම නගරයට පිටත්ව ගොස් ඇත.ඒ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ මේ සිද්ධියට සම්බන්ධ කාන්තාවන් දෙදෙනා සහ මියගිය කාන්තාවගේ දරු දෙදෙනා පමණී.ඒ අතරේ කිසියම් හේතුවක් මත කාන්තාවන් දෙදෙනා නාන කාමරයට ගොස් එහි දොර වසා ගෙන තිබේ. පෙතියාගොඩ කාන්තාවට පිහියෙන් ඇන මරණයට පත්කර ඇතැයි කියන්නේ එහිදී ය. සැකකාර කාන්තාව අතේ තුවාලද සහිතව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.ඇයගේ සැමියා වසර 5ක් පමණ ඇමරිකාවේ රැකියාවක් කොට පැමිණ ඇති බව වාර්තා වේ.සැකකාර කාන්තාව ජූලි 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Source - lakbima.lk