ස්වාසිලන්තය යනු අප්‍රිකාවට අයත් රටකි. උතුරේ සිට දකුණට කි.මී. 200 ක් ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 81 ක්ද ඇති මෙය එතරම් විශාල රටක් ද නොවේ.
25.8 ක්ම ඒඩ්ස් රෝගයට ගොදුරු වී තිබේ. අනෙක් අඩුම ආයු අපේක්ෂණය සහිත රටවල් අතරින් සිව්වැනි තැනට වැටෙන්නේ ද ස්වාසිලන්තයයි. එය අවුරුදු හතළිස්නවයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව එහි මරණවලින් 64ක්ම සිදුවන්නේ ඒඩ්ස් රෝගය නිසාවෙනි. ගර්භනී කාන්තාවන්ගෙන් ද 38.8ක්ම එච්.අයි.වී. ආසාදනයට ලක්වී ඇති බැව් හෙළිවී තිබේ.
ස්වාසිලන්තයේ කාන්තාවන්ට එහි සංස්කෘතියේ
සුවිශේෂී ස්ථානයක් ලැබි තිබේ. සාම්ප්‍රදායික ලෙස ගත හොත් මොවුන් සාමාන්‍යයෙන් සිටින්නේ උඩුකය නිරුවත්වය. එය ඔවුන්ගේ සුවිශේෂී
ලක්ෂණයකි. අනෙක රජුගේ සුවිශේෂී සැලකිල්ලක් ද කාන්තාවන්ට ලැබි තිබේ. ඔහුට දැනටමත් බිසෝවරු දහතුනක් හා දරුවන් 27ක් සිටී. ස්වාසිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන උණ බම්බු උත්සවයේදී එහි රජු තම බිසෝවරුන්ගේ කණ්ඩායමට අලුතින් බිසවක් එක්කර ගැනීම සිදු කරයි. මෙය අපූරු චාරිත්‍රයකි. මෙම උණ බම්බු උත්සවය සඳහා උඩුකය නිරුවත් තරුණියෝ 50,000කට අධික පිරිසක් සහභාගී වෙති. ඔවුනට මෙය සිය ජීවිත කාලය තුළදී ලැබෙන්නා වූ ස්වර්ණමය අවස්ථාවක් ලෙස සැලකේ. තිස්හත් හැවිරිදි ස්වාති රජු පසුගිය වසරේදී තම බිසව ලෙස තෝරා ගත්තේ දහසය හැවිරිදි තරුණියකි. ඇය ස්වාසිලන්තයේ රූ රැජින බවට පත් වූ නොතන්ඩෝ ඩියුබ්ය. මේ පිළිබඳ බොහෝ දෙනා විවේචන එල්ල කළේ රජුගේ වැඩිමහල්ම දියණිය වන සිබානියිසේ ඩිලාමිනි ගේ වයස අවුරුදු දහහතක් ව තිබියදී රජු සිය අලුත්ම බිසව ලෙස දහසය හැවිරිදි තරුණියක් තෝරා ගත් බැවිනි.
බිසවක ලෙස අලුතින් තේරී පත්වන තරුණියට රජු ගෙන් දහසින් බැඳි පියලි හිමිවේ. ඇය පූර්ණ බිසවක් බවට පත්වන්නේ රජු නිසා ගැබ් ගැනීමෙන් අනතුරුවය. සිය අලුත් බිසෝවරු අට දෙනකු වෙනුවෙන් මාලිගා ගොඩනඟන්නට රජු පසුගිය වසරේදී ස්ටර්ලින් පවුම් මිලියන 8.5 ක් වැය කොට තිබේ. එමෙන්ම සිය බිසෝවරුන් වෙනුවෙන් අලුතින් බි.එම්.ඩබ්ලිව්. කාර් මිලදී ගන්නට තවත් ස්ටර්ලිං පවුම් මිලියන 450ක් වැය කර ඇත.
මෙවැනි
රජු කාන්තාවන් පිළිබඳව දක්වන මෙවැනි සැලකිල්ල හැරුණු විට ස්වාසිලන්තයේ සමස්ත කාන්තා ප්‍රජාව පිළිබඳ ඇත්තේ නම් එතරම් යහපත් තත්ත්වයක් නොවේ. මෙහි බහුභාර්යා සේවනය අධිකව සිදුවෙයි. කාන්තාවන් බහුලව අපචාරයන්ට ද ලක්වේ. ආරක්ෂිත ලිංගික උපක්‍රම භාවිතා නොකිරීම කාන්තාවන් අතර ඒඩ්ස් රෝගය බහුල ලෙස ව්‍යාප්තවීමට ප්‍රබල හේතුවක් වී තිබේ. එපමණක් ද නොව කාන්තාවන් බොහොමයක් පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක්වීම ද නිතර අසන්නට ලැබේ. එබැවින් උණ බම්බු නැටුමක දකින සුන්දර ස්වාසි කාන්තාවන්ට වඩා එහි සාමාන්‍ය කාන්තාවකගේ ජීවිතය දුක් කම්කටොල්වලින් පිරී ඇති බැව් කිව යුතුය. රජු ද තම බිසෝ තනතුර සඳහා තරුණියන් තෝරා ගන්නට ඔවුන් දෙස බලනවාට වඩා ගැඹුරු ලෙස ඔවුන්ගේ ජීවිත දකින තුරු මේ තත්ත්වය මෙසේම පවතිනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක
Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1473:2012-08-22-08-04-05&catid=48:2012-04-02-08-50-52&Itemid=75