චතුරිකා පීරිස් කියන්නේ මොන වගේ කෙනෙක් ද ?
බොහොම සරල සැහැල්ලු චරිතයක්.
ඒකට හේතුව කොළඹ කෙල්ලක් වීමද ?
සමහර විට වෙන්නත් ඇති.
හඟුරන්කෙත වගේ ගමක ඉපැදුණු හැදුණු කෙනෙක් එක්ක යුගදිවිය ගෙවීම අසීරු වෙයි නේද ?
අනේ නැහැ. රොෂාන් මට හොඳටම ගැළපෙන පුද්ගලයා. කවමදාකවත් මට අනවශ්‍ය විදියට නීති රීති තහංචි දාන්නෙ නැහැ.
කවදාවත් නැහැ. මමත් එයාට එයාගෙ ජීවිතය ගෙනියන්න උපරිම නිදහස දෙනවා.
දෙන්නට දෙන්නා තම තමන්ට ඕන විදියට හිතුමතේ ජීවත් වෙනවා නම් එතැන යුග ජීවිතයක් නැහැ නේද ?
කෙනෙකු
ඉපදෙනකොට අරන් එන ගතිගුණ වගේම හැදෙන පරිසරය තුළින් ඇතිවන ගතිගුණ තියෙනවා. ඒ
වගේ දෙන්නෙක් ජීවිතයේ අතරමගදී මුණගැහුණට පස්සේ එක් කෙනෙක් උත්සහ කරනවා
අනිත් කෙනාව තමන්ට ඕන විදියට හදාගන්න. ඒක සාර්ථක දෙයක් නමෛයි. ඒකෙන් වෙන්නේ
දෙන්නට දෙන්නා වෙන් වෙන එක. ඒ හින්දා අඹු සැමියන් අනිත් කෙනාට අනවශ්‍ය
විදියට බලපෑම් කළයුතු නැහැ. හැබැයි ඒකෙන් හැඟෙන්නේ නැහැ. දෙන්න අතර ආදරයක්
බැඳීමක් අනේයාන්‍ය
ගැළපීමක් නැහැ කියලා.
ගැළපීමක් නැහැ කියලා.
චතුරිකා පුංචි කාලේ නංගිත් (පූර්නිකා පීරිස්) එක්ක නිතරම ගැටුම් ඇති කරගන්නවාලු ?
හැබැයි
නංගි තමයි ගොඩක් වෙලාවට ගැටුම් පටන් ගන්නේ. මම ඉවසනවා. බැරිම තැන තමයි අතක්
උස්සන්නේ. හැබැයි ඉතින් නංගිගේ පහරවල් ඔක්කොමත් හරි මම එකක් ගැහුවම එයා
බිම.
අර දැන්වීමේ ඉන්නවා වගේ චතුරිකා බොහොම ජවසම්පන්න ශක්ති සම්පන්න කෙනෙක් ?
ඔව්.
පිරිමි ළමයිනුත් චතුරිකාගෙන් ගුටිකාලා තියෙනවද ?
කිසිම සැකයක් නෑ රොෂාන් පිලපිටියව ?
නැහැ. සාරංග දිසාසේකරව.
ඔය කියන්නෙ කැමරාවක් ඉදිරියේ රූපගත කිරීමක් ගැන නේද ?
නැහැ. මේක සැබෑ ජීවිතයේදී සිදුවුණු දෙයක්.
කවදද ඒක වුණේ ?
එතකොට මට වයස දහයක් විතර ඇති. සාරංගටත් ඒ වයසම ඇති.
මොකක්ද ඒ සිද්ධිය ?
මගෙ
තාත්තා (ජයන්ත පීරිස්) සාරංගගෙ අම්මා (තිලකා රණසිංහ) දෙන්නාම ගුවන් විදුලි
නිවේදක වෘත්තියේ යෙදුණු අයනේ. සාදවලදී අපි නිතරම හමුවනවා. පුංචි කාලෙ ඉඳන්
සාරංගයි මමයි අඳුනනවා අපි හොඳ යාළුවෝ. දවසක් උපන් දින උත්සවයක දී මම
සිංදුවක් කියනකොට සාරංග විහිළු කළා. මම කේන්තිය වැඩිකමට ඉස්සරහට පැනලා එයාව
තල්ලු කළා. නමුත් ඒක එයා බලාපොරොත්තු නොවුණු හින්දා විසිවෙලා ගිහින්
වැටුණා. සාරංග නැගිටලා එනකොට අනිත් අය අපි දෙන්නව දෙපැත්තට කළා. එහෙම
නැත්නම් එදා අලි ගෝරියක් යනවා.
දැන් නළු නිළියෝ එක්ක ගහබැණගන්න යන්නෙ නැද්ද?
කවමදාවත්ම නැහැ.
එතකොට නළුවන්ගෙන් ආදර යෝජනා ඇවිල්ල තියෙනවද?
රොෂාන්ගෙයි මගෙයි සම්බන්ධය ගැන හැම නළුවෙක්ම දන්නවා. ඒ හැමෝම රොෂාන්ගෙ යාළුවෝ ඉතින් එහෙම යෝජනා කරන්න එන්නෙ නැහැ.
හැබැයි ඉතින් එක එක නළුවන්ගෙ නම් සම්බන්ධ කරල චතුරිකාට කටකතා නම් හැදිලා තියෙනවා?
ඔව්.
ඇයි ඒ ?
ඒකට හේතුව ඒ විදියේ කටකතා හදන අයගේ මානසික මට්ටම තමයි.
ඒ වගෙ කටකතා ගැන ආරංචි වුණාම චතුරිකාට මොනවද හිතෙන්නේ ?
මුලිනුත් කිව්වනේ මම සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන කෙනෙක් කියලා. ඔය කතා මම එක සතපහකට ගණන් ගන්නෙ නැහැ.
ඒත් රොෂාන්ගෙ නම් හිත රිදෙනවා ඇති ?
ඒත් නැහැ.
ඒ වගෙ බොරු ප්‍රවෘත්ති ආරංචි වුණාට සමහර වෙලාවට රොෂාන්ම තමයි හිනාවෙලා ඒ
ගැන මට කියන්නේ. අපි දෙන්නම ඔය වගෙ දේවල්වලින් සැලෙන අය නමෛයි.
රොෂාන් චතුරිකා සදාකාලික පෙම් යුවළක් කියලයි සමහරු කියන්නේ විවාහ වන්න අදහසක් නැද්ද?
අපේ විවාහ ලියාපදිංචි කරල තියෙන්නේ. විවාහ උත්සවයක් ගත්තෙ නැහැ. ඒක අනාගතයට භාර කරනවා.
විවාහ වූ යුවළකගෙ ඊළඟ පැතුම දරු සුරතල් බැලීම ?
අපිත් ඉදිරියේදී ඒ ගැන හිතනවා. දැනට යොදා ගත්තු රාජකාරි ගොඩක් තියෙනවා.
ආරියවංශ කුලතිලක
Source - http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=1697:2012-08-29-05-16-23&catid=49:2012-05-03-09-20-11