Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

ලංකාවේ සරසවි අර්බුධයට පිළියම් එතෙර විද්වතුන් කියති


වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පැන නැගී ඇති අර්බුදකාරී තත්වය අඩු කර ගැනීම සඳහා ගතයුතු පිළියම් ගැන ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ආචාර්යවරියක් විසින් අදහස් දක්වා තිබේ. 

මෙම යෝජනා ආචාර්යවරිය විසින් උසස් අධ්‍යාපන ඇමැතිවරයාටද යොමු කොට තිබේ.

එම යෝජනාවලිය පහතින් බලන්න 


නියෝජ්‍ය කතානායකවරයාට කොටස් වෙළෙඳ පොළේ වංචා චෝදනා


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා කොළඹ කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කර ඇති බවට හෙළිදරව් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝජ්‍ය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
කොටස් වෙළෙඳ පොළේ සමාගම්වල කොටස් මිලදී ගැනීමේදී නියෝජ්‍ය කතානායකවරයා දේශපාලන බලය අනිසි ලෙස යොදා ගනිමින් අයුතු ලෙස කටයුතු කර ඇති බවට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ටෙලි අධ්‍යක්‍ෂක ආනන්ද අබේනායක ජනාධිපති බලතල අතට අරන් !


චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකුද වන ආනන්ද අබේනායක මහතා ජනාධිපතිවරයාගේ බලතල අතට ගෙන රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ටද බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. පසුගියදා රජයේ අයි.ටී.එන්. රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන්ටද මොහුගෙන් තර්ජන එල්ල වී ඇත.
කලාකරු ආනන්ද අබේනායක මහතාගේ දියණිය වන යසාරා මෙනවිය, ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පෙම්වතියයි.
ආනන්ද අබේනායක මහතා අයි.ටී.එන්. ප‍්‍රධානීන්ට බලපෑම් කොට ඇත්තේ, ඔහුගේ ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා වැඩි කළ යුතු බවට යෝජනා කරමිනි. මෙගා ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 කට සීමා කළ යුතු බවට ‘ටෙලිනිස’ (ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳය) රූපවාහිනී නාලිකාවලට දිගින් දිගටම කළ බලපෑම් හමුවේ අයි.ටී.එන්. හි අධ්‍යක්‍ෂ මණ්ඩලය තම ආයතනය මගින් විකාශය කෙරෙන ටෙලි නාට්‍යවල උපරිම කොටස් ගණන සියයකට සීමා කර තිබිණ. ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා නොවිය යුතු බවට යෝජනා කරන සමයේ ටෙලිනිස සභාපතිවරයාව සිටියේ ආනන්ද අබේනායක මහතාය.

හෝටල් 300 ක් ඇමති හිතවතුන්ට


අලූතින් හෝටල් 300 ක් ඉදි කිරීමට පසුගිය වසර තුළ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අවසර දී තිබේ. මේ අතුරින් හෝටල් 200 කට අධික සංඛ්‍යාවකට අදාළව මෙතෙක් පරිසර ඇඟයීම් වාර්තා සකස් කර නැති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල් ලක්‍ෂ 30 ත් ලක්‍ෂ 50 ත් අතර මුදල්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කිරීමට අධිකාරිය කටයුතු කර නොමැත. ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ හිතවතුන් කිහිපදෙනෙකුගේ නම්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර තිබේ. විපක්‍ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ හිතවතුන්ගේ නම්වලටද මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒවායින් 100 කට අධික සංඛ්‍යාවක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

කණකර උකස් කිරීම මුල් තැනට


පසුගිය 2011 වසරේදී රාජ්‍ය බැංකුවලින් උකස් හා පාරිභෝගික ණය වශයෙන් මහජනතාව රුපියල් කෝටි 50,700 ක් ලබාගෙන ඇත. මෙයින් කෝටි 34,440 ක් උකස් ණය හා කෝටි 16,260 ක් පාරිභෝගික ණය වශයෙන් ලබාගෙන තිබේ. බැංකුවලින් උකස් ණය නිකුත් කරනුයේ රන් භාණ්ඩ ඇපයට තබාගෙනය.
මෙසේ ලබාදෙන උකස් ණය 2010 වසරේදී රුපියල් කෝටි 19,451 වී ඇත. 2011 වසර අවසන් වන විට එය රුපිය්ල කෝටි 34,440 ක් දක්වා වේගයෙන් වැඩි වී තිබේ.

මං කොලේ හංගල යටින් ගහන මිනිහෙක් නෙවෙයි - වෙල්ගම


"මං පුද්ගලික අංශයට බොහොම කැමති මිනිහෙක්.ඒ හින්දා හැමතිස්සෙම මම කියන්නේ ආණ්ඩුවයි පුද්ගලික අංශෙයි ෆයිට් කරන්න ඕන කියල. මන් වෙන අය වගේ කොලේ හංගල යටින් ගහන මිනිහෙක් නෙවෙයි.

ඕන දෙයක් මුණටම කියල දානවා.මං කරන හොඳ වැඩ වගේම නරක වැඩ ගැනත් අපේ ගෑනිත් එක්ක කතා කරනවා.මං මේ ඇත්තමයි කියන්නේ.

ආශාට ඩෙංගු හැදිලා


ජනප්‍රිය ටෙලි නාට්‍යය නිළි ආශා එදිරිසිංහ පසුගිය දින කීපයේ ඩෙංගු උණ රෝගය වැළඳී රෝහල්ගතවී සිටි බව වාර්තා වනවා.

දැන් තරමක් සුවය ලබා සිටින ආශා තමාට සිදුවූ විපත පිළිබඳව පැහැදිලි කර තිබුනේ මෙලෙසින්.
"මුලින්ම හිතුවේ නිකන්ම උණ රෝගයක් කියලා.නමුත් පසුව බලද්දී තමා දැනගත්තේ ඩෙංගු කියලා.ඇත්තටම මම මේ වෙලාවේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි.

ලන්ඩනයේ කොටි සමග සටන් වදින ලාංකික ව්‍යාපාරිකයන්


බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරිමට අදාලව ලන්ඩනයේ තේම්ස් නදිය අසබඩ කෙරුනු සැමරුම සදහා රාජකිය බෝට්ටුවේ සැරසිලි කටයුතු කිරිමට තෝරා ගනු ලැබුවේ එරට පවත්වාගෙනයන Make It Happen නම් උත්සව සංවිධාන කරන ආයතනයයි. 

මෙම ආයාතනයේ පුර්ණ අයිතිය ඇත්තේ ශ්‍රි ලාංකිකයෙකුට වන අතර එහි සේවය කරන සේවකයින් 90% ක්ම ලාංකිකයන් වේ. කොතරම් හොද සේවයක් සැපයුවද එම ආයතනයට එම අවස්ථාව ලැබිම පිලිබදව ලන්ඩන් කොටි හිතවදින් සතුටු වුයේ නැත.

Share this article with your friends